රජයේ නිලධාරීන් සහ වගකිව යුතු පිරිස් අනවශ්‍ය ලෙස මාධ්‍ය හමුවේ පමණක් පෙනී සිටිමින්
ජනතාව බියට පත්කරනු වෙනුවට යම් කරුණක් වේ නම් ඒ පිළිබඳව සෘජුවම තමාට දැනුම් දීම වඩා වැදගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කර සිටියි.
 
ජනතාව වෙනුවෙන් ඕනෑම නිවැරදි තීරණයක් ගැනීමට තමා පසුබට නොවන බව පවසන ජනාධිපතිවරයා, 
කොවිඩ් පාලනය පිළිබඳ ව මෙතෙක්  තීරණ ගනු ලැබුවේ ද, ඉදිරියට තීරණ ගනු ලබන්නේ ද අදාළ විශේෂඥ කණ්ඩායම්වල උපදෙස් අනුව බව අවධාරණය කරයි.
 
ජනාධිපතිවරයා එම අදහස් පළ කළේ, කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමඟ අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.  
 
එම සාකච්ඡාවේ දී සංචරණ සීමා පවතින කාලසීමාවේදී ජනතා අවශ්‍යතා සපුරාලීමට ගෙන ඇති පියවර පිළිබඳ අමාත්‍යවරු ජනාධිපතිවරයාව දැනුවත් කර තිබේ.
 
වසංගතය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් නිසි පරිදි පිළිපැදීම ජනතාවගේ වගකීම සහ යුතුකම බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.
 
අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ගාමිණී ලොකුගේ, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහූ, ත්‍රිවිධ හමුදාපතිවරු, සෞඛ්‍ය අංශ ප්‍රධානීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
 
1123
 
කොරෝනා පාලනය සඳහා සංචරණ සීමා පනවා ඇති අවස්ථාවන්හිදී ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් ඇති නොවීමට වග බලා ගන්නයි මෙහිදී නිලධාරීන්ට උපදෙස්  දී ඇති ජනාධිපතිවරයා, ප්‍රාදේශීයව ජංගම සේවා යොදාගනිමින් කිසිදු හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට බෙදා හැරීමට පියවර ගන්නැයිද අදාළ අංශවලට දැනුම් දී තිබේ.
 
සංචරණ සීමා පැනවෙන  කාලය තුළ කර්මාන්තශාලා හා ඖෂධ අලෙවිසල් අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවත් බේකරි නිෂ්පාදන අඛණ්ඩව සිදු කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
 
  රාජසන්තක කෙරුණු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ  සතොසට ලබා දෙන ලෙසටත් සතොස ගබඩාවල  සිදු කෙරෙන භාණ්ඩ මලු ඇසිරීමට රැකියා ලක්ෂය සදහා බදවා ගත් පිරිස යොදා ගන්නා ලෙසටත් මෙහිදී උපදෙස් දී ඇති ජනාධිපතිවරයා, කෘෂි කාර්මික කටයුතු, සියලු නගර වල කුණු කසළ ඉවත් කිරීම ඇතුළු දෛනික පවිත්‍රතා කටයුතු, මාර්ග සංවර්ධන සහ සෙසු ඉදිකිරීම් කටයුතුවලට සංචරණ සීමා බාධාවක් කර  නොගත යුතු බවද  සඳහන් කර ඇත.
 
මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අවසරපත් නිකුත් කිරීමටත් මාර්ග මෙහෙයුම් සඳහා පොලීසියේ සහයට යුද හමුදාව යෙදවීමටත් මෙහිදී තීරණය කර තිබේ.
 
ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමේදී ආයුර්වේද රෝහල් පද්ධතියේ පහසුකම් යොදා ගන්නා ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
 
ආසාදිත සේවකයන්ට ප්‍රතිකාර කිරීමේ වගකීම අදාල ආයතනවලට පවරන ලෙසට මෙහිදී උපදෙස් දී ඇති ජනාධිපතිවරයා, එන්නත් කරන වැඩපිළිවෙළ වේගවත් කර පවතින තත්ත්වය කඩිනමින් පාලනය  කිරීමේ අවශ්‍යතාවයද  පෙන්වා දී තිබේ.
 
රටවල් කීපයකින් ඇණවුම් කර ඇති එන්නත් වර්ග කිහිපයක් ඉදිරි දිනවල දී මෙරට ලැබීමට නියමිතව ඇතැයිද  මෙම සාකච්ඡාවේදී සඳහන් ව ඇත. 

 

 


 

THE LEADER TV 
 
තිස්ස කුට්ටිගේ ටයර් කැපිල්ල - තිස්සගේම වැඩක්? 
 

 
 
මහ රජ මංගල : දිලිත්ගෙ වැඩක්? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්