ශ්‍රී ලංකාවේ තෙවතාවක්ම රැල්ල නැගුනු මාරාන්තික වසංගතයේ සැබෑ තොරතුරු ජනතාවට සඟවන බවට සිව් දෙසින්ම රජයට චෝදනා එල්ල වෙමින් පවතී.
 
 
නියෝග පනවමින් තොරතුරු වාරණයට සෞඛ්‍ය බලධාරීන් පියවර ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවයේම සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා නගද්දී ආණ්ඩුවේ කොරෝනා මර්දන වැඩ පිළිවෙලේ විනිවිදභාවය ප්‍රශ්න කරන නීතිඥ මඬුල්ලක් වසංගතය මර්දනය සදහා විපක්ෂ නායකගේද සහාය ලබාගත හැකි ක්‍රමවේදයක් රජයට යෝජනා කර තිබේ.
 
මැයි 20 බ්‍රහස්පතින්දා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ, සෞඛ්‍ය ලේකම් වරයා සෞඛ්‍ය කාර්ය මණඩලයේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට තහංචි පනවමින් කොරෝනා වසංගතයේ සැබෑව සහ පාලනයේ  අඩුපාඩු සැඟවීමට උත්සාහ දරමින් සිටින බවයි.
 
සියලුම පළාත් සෞඛ්‍ය ලේකම්වරු, සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සියලුම ආයතන ප්‍රධානීන්,සියලුම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, සියලුම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු ඇතුළු සියලුම නිලධරයන් වෙත  ලිපියක් යොමු කරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච් මුණසිංහ ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කරන්නන්ට එරෙහිව විනය පියවර ගන්නා බවට නිවේදනය කර  තිබුනි.
 
Untitled 4
 
අනේකවිධ ගැටළු සහ අවශ්‍යතා රැසක් තිබියදී බිම් මට්ටමේ සිට අතිශය කැපවීමෙන් කටයුතු කරන සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ අවශ්‍යතා සලසා දීම වෙනුවට, අඩුම තරමින් ඒවාට ඇහුම්කන් දීම සදහා සාකච්ඡාවක්වත් නොදී මෙවන් තහංචි පැනවීම මගින් සෞඛ්‍ය සේවාවේ බරපතල අතෘප්තිකර තත්වයක් ගොඩ නැගීම නොවැළැක්විය හැකි බවටත් වෘත්තියවේදියා අනතුරු ඇඟවීය.
 
"අපිට කොනිත්තලා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට ඇදලා දාන්න එපා" යි ප්‍රකාශ කළ වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදී සංගමයේ සභාපති සහ වැඩකරන ජනබලය ක්‍රියාධාරී රවි කුමුදේශ්, සෞඛ්‍ය අමාත්‍යංශ තහංචිය ඉවත් කරගන්නා ලෙස ඉල්ලා සිටියේය.
Ravi Kumudeshවසංගතයේ තොරතුරු රටට හෙළි කරන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් වෘත්තිකයන්ගේ ප්‍රකාශ මාධ්‍ය ඔස්සේ  ප්‍රචාරය නොකරන ලෙසට කෝවිඩ් මර්දනය භාර ප්‍රමුඛයෙක් මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට ලබා දී ඇති උපදෙසක් සම්බන්ධයෙන්ද රවී කුමුදේශ් මාධ්‍ය හමුවේදී තොරතුරු හෙළි කළේය.
 
"විශේෂයෙන්ම මාධ්‍යවේදීන් අමතපු ප්‍රධාන රැස්වීමකදී ඒ රැස්වීම අමතපු ප්‍රධානියෙක් මාධ්‍ය වේදීන්ට කියලා තිබ්බා, මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට විවිධ අයගේ නම් සදහන් කරලා ඔවුන්ගේ ප්‍රකාශයන් මාධ්‍යයේ පළ කරන්න එපා කියලා. අපි දකිනවා ඒක  සමහර මාධ්‍ය අද වෙන කොටත් අකුරටම ක්‍රියාත්මක කරනවා."  
 
අදහස් ප්‍රකාශ කිරීමට බාධා පැමිණවීමෙන් මරාන්තික වසංගතය පාලනය කළ හැකිදැයි රවී කුමුදේශ් සෞඛ්‍ය බලධාරීන්ගෙන් වැඩි දුරටත් ප්‍රශ්න කළේය.
 
කොරෝනා වසංගතය සම්බන්ධයෙන්  සෞඛ්‍ය අංශයේ වෘත්තිය සමිති හෙළි කරන තොරතුරු වල සත්‍යතාවය ඉහළ නංවමින් කොරෝනා මර්දන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැයි 20 බ්‍රහස්පතින්දා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනේ මේ වන විට කොවිඩ් රෝගීන් 3500කට ආසන්න පිරිසක් දිනකදී වාර්තා වුවද, එවැනි තුන්ගුණයක් සමාජයේ සිටිය හැකි බවයි.
 
 
 Sudarshani FP
රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ 
 
 
වසංගතයේ සැබැ තොරතුරු ජනතාවගෙන් වසං කිරීමෙන් ප්‍රතිවිපාක ඇය එහිදී පැහැදිලි කර තිබුනි.
 
"ඊයේ තුන් දහස් පන්සියයක රෝගීන් සංඛ්‍යාවක් දෛනික දත්ත වාර්තා වෙනවා. හැබැයි සමාජයේ මීට වඩා රෝගීන් ඉන්න පුළුවන්. 3,500ක් වාර්තා වෙනවා කියන්නේ ඒ වගේ තුන් ගුණයක් විතර සමාජයේ ඉන්න පුළුවන්. මේ අයගෙන් තවදුරටත් සමාජය තුළ පැතිරීම සිදුවෙන්න පුළුවන්. ජනතාවට ගෙවල්වලට වෙලා ඉන්න කිව්වත්, ඔත්තේ ඉරට්ටේ දවස්වල යන්න කිව්වත් ජනතාව වැඩි වශයෙන් පාරවල්වල ඉන්නවා. පාරවල් හිස්වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නෑ. මේ පැතිරීම වළක්වා ගන්න නම් ගෙදරටම වෙලා ඉන්න ඕනේ. මේ වසංගතය ගැන තොරතුරු ජනතාවගෙන් වසන් කරන්න ගියොත් අපිත් වසන් වෙලා යයි."
 
 
 
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය:
 
සෞඛ්‍ය ලේකම්වරයා විසින් සියලු සෞඛ්‍ය අංශ හා නිලධාරීන්ට තහංචි පනවමින් නිකුත් කර ඇති ලිපිය හෙලා දැක තිබුනේ වසංගත තොරතුරු වසං කිරීමට ගත් උත්සාහයක් ලෙසින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින්ද හෙලා දැක තිබුණි.
 
"කෝවිඩ් 19 වසංගතය  බරපතල ලෙස  වර්ධනය වෙමින් පවතින අවස්ථාවක විවිධ මුලාශ්‍ර ඔස්සේ ජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය උල්ලංඝනය කරමින් වසංගත තොරතුරු වසං කිරීමට බලධාරීන් ගන්නා මෙම උත්සාහය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් හෙළා දකී," යනුවෙන් කැඳවුම්කාරී සීතා රංජනීගේ සහ ලේකම් ලසන්ත ද සිල්වාගේ අත්සනින් මැයි 21 බ්‍රහස්පතින්දා නිකුත් කළ නිවේදනයක සඳහන්ය.
 
 
නීතිවේදීන්ගෙන් රාජපක්ෂවරුන්ට යෝජනා:
 
ghfdh
 
වසංගතයේ වේගවත් පැතිරීම පාලනය කිරීම සදහා රජය ගෙන යන වැඩපිළිවෙල ප්‍රශ්න කිරීමට ලක් කරන 'ජනතා නීතිඥයෝ' සංවිධානය එය විනිවිදභාවයකින් පවත්වා ගැනීම සදහා ජනපති, අගමැති ප්‍රමුඛ  රාජපක්ෂ සොහොයුරන්ට යෝජනා ඉදිරිපත් කර තිබේ.
 
"කෙසේ වුවද වර්තමානයේ පවතින ජනාධිපති කාර්ය සාධක බලකාය ප්‍රමුඛ යාන්ත්‍රණය තුළ පාරදෘෂ්‍යභාවයක් සහිත සෞඛ්‍ය විශේෂඥයන්ගේ තීරණ අනුව ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රමවේදයක් නිරීක්ෂණය නොවේ."
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ හා ආපදා කළමනාකරන අමාත්‍ය චමල් රාජපක්ෂ වෙත යොමු කළ ලිපිය මගින් 'ජනතා නීතිඥයෝ' සංවිධානය  අවධාරණය කර ඇත්තේ වසංගතය මර්දනය සදහා ශ්‍රී ලංකා රජයට ලැබුනු මුදල් ප්‍රමාණය, ඒවා වියදම් කර ඇති ප්‍රමාණය සහ ඒවා විගණනයට ලක් වී තිබේද වැනි ගැටළු රාශියක් පැන නැගී ඇති බවයි.
 
වසංගතය සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වන නිසාත්, එය මැඩලීම සදහා විදේශ වලින් මුල්‍ය ආධාර හා පරිත්‍යාග ලැබෙමින් පවතින නිසාත්, ඉහත කී කාර්යක්ෂම හා පාරදෟශ්‍යභාවයකින් යුතු යාන්ත්‍රණයක් මේ මොහොතේ අත්‍යවශ්‍ය හා හදිසි අවශ්‍යතාවයක් ලෙසින් ඔවහු පෙන්වා දී  තිබේ.
 
වසංගත සමයේ ආධාර වශයෙන් කෝටි ගණනක් රැස්කරගෙන තිබෙන ජනාධිපති කාර්යාලයේ ඉටුකම ව්‍යාපෘතියේ මුදල් විය පැහැදම් වු ආකාරය රජය විසින් නිවේදනය කර තිබුනද එහි නිරවුල් ලෙස කරුණු දක්වා නොතිබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ රජයට විවේචන ද එල්ල වී තිබුනි.
 
මැයි 20 දින යොමු කළ ලිපිය මගින්  නීතිඥ කණ්ඩායම රාජපක්ෂ සොහොයුරන්ට දැනුම් දී ඇත්තේ 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යසන කළමණාකරන පනතේ ඇතුලත් ප්‍රතිපාදන මගින් මෙවැනි වසංගතයක් පවතින අවස්ථාවල කටයුතු කළ යුතු ආකාරය ඉතාමත් පැහැදිලිව දක්වා ඇති බවයි.
 
එම පනත මගින් පිහිටුවන "ව්‍යසන කළමණාකරණය සදහා වු ජාතික සභාවේ " සංයුතියට  විපක්ෂ නායකයාද ඇතුලත්  බැවින් එම සභාවේ ගනු ලබන තීරණ සියළු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ විශ්වාසය දිනාගැනීමටද සමත්වනු ඇති බවයි නීතිඥ කණ්ඩායම පවසන්නේ.
 
"ඒ නිසාම කොවිඩ් - 19 මැඩලීමේ කටයුතු සදහා විශාල ජනතා සහයෝගයක් එමගින් ලබාගැනීමේ හැකියාව ඇත."
  
දැනට පිහිටුවා ඇති කොවිඩ් - 19 මර්දනය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය වෙනුවට 2005 අංක 13 දරන ශ්‍රී ලංකා ව්‍යවසන කළමණාකරණ පනතේ ප්‍රතිපාදන අනුව, ව්‍යවසන කළමණාකරණය සදහා වු ජාතික සභාව පිහිටුවා එකී පනතේ අනෙකුත් ප්‍රතිපාදන උපයෝගි කර ගනිමින් කොවිඩ් -19 මර්දන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් නීතිඥ කණ්ඩායම රාජපක්ෂ සොහොයුරන්ගෙන්  ඉල්ලා තිබේ.
  
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ හා ආපදා කළමනාකරන අමාත්‍ය චමල් රාජපක්ෂ වෙත යොමු කළ ලිපිය මගින් එම ඉල්ලීම සිදු කර ඇත්තේ සේනක පෙරේරා, නාමල් රාජපක්ෂ, අචලා සෙනෙවිරත්න, අරුනි ධනපාලආරච්චි, උපාලි රත්නායක, තම්බයියා ජෙයරත්නරාජා, මංජු ශ්‍රී චන්ද්‍රසේන සහ සයිනුල් ලුතුෆි නීතිඥ කණ්ඩායමයි.
 

 

 


 

THE LEADER TV 
 
තිස්ස කුට්ටිගේ ටයර් කැපිල්ල - තිස්සගේම වැඩක්? 
 

 
 
මහ රජ මංගල : දිලිත්ගෙ වැඩක්? 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්