කොවිඩ් - 19  එන්නත්කරණය පිළිබඳව අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය අමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම් විරාජ් අබේසිංහ මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.                                                                                                                               
ඔහු එබව සඳහන් කර ඇත්තේ, සෞඛ්‍ය ඇමතිවරියගේ පෞද්ගලික ලේකම්වන සැමියා විසින් නියමිත පටිපාටියෙන් තොරව කොවිඩ් එන්නත සිය හිතමිතුරන්ට ලබාදෙමින් සිටින බවට ඇතැම් සමාජ මාධ්‍යවල පලවී ඇති පුවත් වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි. 
 
කොවිඩ් එන්නත ඇතැම් පුද්ගලයින් විසින් විකුණා ඇති බවට  'කලම්බෝ ටෙලිග්‍රාෆ්' කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය විසින් කල හෙලිදරව්වකට පසු, එන්නත් දීමේ අක්‍රමිකතා ගැන පරීක්‍ෂණ ආරම්භ කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් ද කර තිබිණ.
 
 
 
 

187457149 10158959974289818 3129313675956733746 n

 
 
කොවිඩ් - 19 වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ අරමුණින් සමහර වෙබ් අඩවි සැලසුම් සහගතව අසත්‍ය ප්‍රචාර පතුරවන බව අපගේ අවධානයට යොමු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම් විරාජ් අබේසිංහ විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එවැනි වටපිටාවක් තුලය. 
 
එහිදී  එන්නත්කරණ වැඩපිළිවෙලෙහි විශ්වසනීයත්වය බිඳවැටෙන ආකාරයෙන් සහ එම ක්‍රියාවලියට බලපෑම් එල්ල වන බව ඒත්තු ගන්වන අයුරෙන් සමහර වගකීම් රහිත වෙබ් අඩවි අසත්‍ය පුවත් නිර්මාණය කරමින් සිටින බව එම නිවේදනයේ සඳහන් වේ.
 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හෝ සෞඛ්‍ය අමාත්‍යතුමියගේ සමීපතයින් හරහා මුදලට එන්නත් විකිණීමේ ජාවාරමක් පවතින බව හුවාදැක්වීමට සමාජ මාධ්‍ය ජාලා  සහ වගකීම් රහිත වෙබ් අඩවි ඔස්සේ සමහර පාර්ශවයන් සිදුකරන ද්වේශ සහගත ප්‍රචාරයන් හෙළා දකින අතර එවැනි පුවත් තරයේ ප්‍රතික්ෂේප කරන බව ද ඇමතිවරියගේ මාධ්‍ය ලේකම් පවසයි.
 
නිසි ක්‍රමවේදයක් හරහා සිදුවන එන්නත්කරණ වැඩපිළිවෙල තුළින් එන්නත් මුදලට ලබාදීමේ හැකියාවක් කිසිසේත්ම නොමැති අතර කිසියම් පාර්ශවයක් විසින් කොවිඩ් - 19 රෝගය පාලනය කිරීම සඳහා වන එන්නත් මුදලට ලබාදෙන්නේ නම් ඒවා ව්‍යාජ එන්නත් වන බව මෙන්ම, එවැනි එන්නත් ලබාගැනීමෙන් වළකින ලෙස සෞඛ්‍ය ඇමතිවරියගේ මාධ්‍ය ලේකම්වරයා මහජනතාවට දැනුම් දී සිටියි.
 
එලෙසම එවැනි ව්‍යාජ එන්නත් ජාවාරම් සහ එම ජාවාරම්කරුවන්ගේ ව්‍යාජ එන්නත් සඳහා විශ්වසනීයත්වයක් ඇති කිරීමේ පවිටු අරමුණින් යුතුව හිතාමතාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සහ අමාත්‍යවරියගේ සමීපතයින් ඈඳාගනිමින් අසත්‍ය පුවත් නිර්මාණය කරන සමහර වෙබ් අඩවි පිළිබඳව ද මේ වනවිටත් විමර්ෂණ ආරම්භ කර ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.
 
කෙසේවුවද 'කලම්බෝ ටෙලිග්‍රාෆ්' වෙබ් අඩවියේ හා උවිඳු කුරුකුලසුරියගේ ෆේස්බුක් පිටුවේ එන්නත් වංචාවන් සම්බන්ධයෙන් දිගින් වාර්තාවන් පළවීමත් සමග මාධ්‍යවලට තොරතුරු ලබාදීම වලක්වා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වරයා විසින් සිය අමාත්‍යංශයේ නිලධාරීන්ට විශේෂ චක්‍ර ලේඛනයක් නිකුත්කර ඇත. 
 
 
  
187367686 10158960310164818 7409360389835068478 n 
THE LEADER TV 
 
මහා විනාශයක් අතළඟ : දැන්වත් කියන දේ අහන්න
 

 
 
තිස්ස කුට්ටිගේ ටයර් කැපිල්ල - තිස්සගේම වැඩක්? 
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්