වෛද්‍ය සාෆි ෂියාබ්දීන් එල්ල වී එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විභාග කරන කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් අධිකරණ සේවා කොමිෂන් සභාවට කරන ලද පැමිණිලි තුනක් සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව පරික්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තාවේ.


මහේස්ත්‍රාත්වරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ වෛද්‍යවරයාගේ බිරිඳ වන වෛද්‍ය නසීර් ෆාතිමා ඉමාරා පැමිණිලි කර තිබේ.

ජූනි මස 27 වැනිදා එම නඩුව කැඳවූ අවස්ථාවේදී නඩුවේ ප්‍රධාන පාර්ශවයක් නොවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ සරත් වීරබන්ඩාරට විවෘත අධිකරණය තුළ කරුණු දැක්වීමට අවස්ථාව ලබා දීම, දන්ත වෛද්‍යවරයෙකු වූ ඔහුගෙන් පැලෝපීය නාල පිළිබඳව කරුණු විමසා ඒවා මත තීන්දු ගැනීම ආදී කරුණු පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස එම පැමිණිලිවලින් ඉල්ලා තිබුණී.

 ඊට අමතරව මහේස්ත්‍රාත්වරයාගේ බිරිඳ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක වීම ගැනද එම පැමිණිලිවල සඳහන්ව තිබී ඇත.

වෛද්‍ය ෆාතිමා නසීර් ඉමාරා සිය පැමිණිල්ලෙන් අදාල මහේස්ත්‍රාත්වරයා ඉවත් කර වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු හමුවේ නඩුව විභාගයට ගන්නා මෙන් ඉල්ලා ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන කතාව :

වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණ වලට බධා කිරීමේ චෝදනාව යටතේ කුරුණෑගල ශික්ෂන රෝහලේ අධ්‍යක්ෂවරයාට එරෙහිව පොලිසිය අධිකරණයේ කරුණු වාර්තා කර ඇතැයි කොළඹ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසිය.

හඬපටය 


මේ අතර පූජ්‍ය අතුරලියේ රතන මන්ත්‍රී හිමියන් මාධ්‍ය හමුවක් කැදවමින් ඊයේ ප්‍රකාශ කලේ, වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිගේ දේපල සහ වත්කම් පිළිබඳ හෙලි කිරීමට තමන් ඇතුළු කුරුණෑගල ජනතාව සුදානම් බවයි.

මව්වරු වන්ද්‍යාභාවයට පත් කර ඇති ආකාරය පරීක්ෂා කිරීමට විධිමත් තාක්ෂණික උපකරණ ගෙන්විය නොහැකිනම් ඒ සඳහා ඇති දියුණුම උපකරණය මහජන ආධාරයෙන් මහ රෝහලට ලබා දීමට කටයුතු කරමින් සිටින බව රතන හිමියන් ප්‍රකාශ කරති.

වෛද්‍ය සංගමය ඉදිරිපත් කරන කරුණුවලට වඩා වෙනස් ඥාණයක් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයාට හෝ නියෝජ්‍ය නීතිපතිවරයාට හෝ තිබේදැයි උන්වහන්සේ ප්‍රශ්න කර සිටිති.

හඬපටය 


(උපුටා ගැනීම් :අනිද්දා -රේඛා නිලුක්ෂි හේරත්)

සබැඳි පුවත් :

වඳ සැත්කම් නාඩගම : වෛද්‍ය සාෆිව ඇප මත නිදහස් කෙරේ

සාෆිට එරෙහි අවනඩුව : ජඩමාධ්‍ය වසන්කරන බරපතල කාරණා -02

සාෆිට එරෙහි අවනඩුව: රහස් පොලිසියෙන් විනිසුරුට එරෙහිව පැමිණිල්ලක් !

සාෆිට එරෙහි අවනඩුව: ASP ඉවත්කරන්නැයි විනිසුරු බලපෑම් කරලා !

සාෆිට එරෙහි අවනඩුව: වැඩබලන IGP, නීති විරෝධී නියෝගයක් ප්‍රතික්ෂේප කරයි!

සාෆිට එරෙහි අවනඩුව: මහේස්ත්‍රාත් ගැන විමර්ශනයකට ඉල්ලීමක්

සාෆිට එරෙහි අවනඩුව : ජඩමාධ්‍ය වසන්කරන බරපතල කාරණා මෙන්න!

වඳ සැත්කම් නාඩගම: මාධ්‍යයේ බොරුව හෙලිකළ මව්වරුන්ගේ ප්‍රකාශ මෙන්න

වඳ සැත්කම් නාඩගම : සොලමන්ස්ගේ කොමිසමට ජනාධිපති බෑ කියයි

වඳ සැත්කම් නාඩගම : රතන මන්ත්‍රී හිමිට එරෙහිව විමර්ශන ඇරඹේ !

වඳ සැත්කම් නාඩගම : රතන මන්ත්‍රී හිමිගෙන් බලපෑම් - පොලිස්පති නීතිය නැවීමේ සුදානමක !

වඳ කතා නාඩගම : නඩුවේ සංක්ෂිප්ත වාර්තාව - අන්තවාදීන්ගේ රෙදි ගැලවේ..!

වඳ සැත්කම් නාඩගම: ගෝඨාගේ උපදේශක කනස්සල්ලෙන් - ලේ සොයායන 'ධ්‍රැකියුලා' ගැන කියයි

වෛද්‍ය ෂාෆී අද අධිකරණයට : විමල් ගෙන් CID යට බලපෑම් !

මනෝජ් අබේධීරගේ සනීපාරක්ෂක තුවා කතාවට සාෆිගේ බිරිඳ ගෙන් පිළිතුරක් !

'වෛද්‍ය සාෆිගේ අයිතිවාසිකම් පෙත්සම සුදානම්' - බිරිඳ ඉමාරා

වඳ සැත්කම් නාඩගම: චෝදනාවට ගොදුරු වූ දොස්තරට නඩු දාන්න සාක්කි නෑ

මාධ්‍ය විසින් එල්ලුම් ගස් යැවූ වෛද්‍ය සාෆි ගැන බිරිඳ ඉමාරා කියන කතාව

'වඳ කතා නාඩගම' : වෛද්‍ය සාෆිගේ බිරිඳ කියන කතාව මෙන්න

'වඳ කතා නාඩගම' : මහාචාරියාගේ මුස්ලිම් විරෝධය ගැණු හුටපටයක්!

වඳ කතා නාඩගම' : රටම ගිණි තැබූ DIG ට බරපතල චෝදනා තුනක් !

අත්අඩංගුවට පත් වෛද්‍යවරයා ගැන කුරුණෑගල වෛද්‍යවරයකු කියන කතාව

දිවයින පුවත පලදරයි : වඳ සිසේරියන් භිෂණය රට පුරා

'දිවයින' වඳ සැත්කම් කතාව : 'පොහොට්ටු' වීර බණ්ඩාරගේ ක්‍රියාන්විතයක්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්