රට තව සති දෙකක් වසා දමන්නැයි මාධ්‍ය ඉදිරියට ගොස් ඉල්ලීම් කරන ඇතැම් වෛද්‍ය සංගම්

කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේදී ඒ ගැන කතා නොකළේ මන්දැයි ප්‍රහේලිකාවක් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

 
රට සති දෙකක් වසා දමන්නැයි කියන වෛද්‍ය සංගම්වල නියෝජිතයන් ඒ කාර්ය සාධක බලකා රැස්වීමට සහභාගී වූයේ යැයි ද යුද හමුදාපතිවරයා කීවේය.
 
කියන දෙයක් ජනාධිපති සිටින රැස්වීමේදී ප්‍රකාශ කළේ නම් ඒ ගැන නම් පුළුල්ව සාකච්ඡා කර යම් තීරණයක් ගැනීමට අවකාශ සැලසෙන බවත් රැස්වීමේදී කතා නොකළ දෙයක් පසුව රූපවාහිනි ප්‍රවෘත්ති ප්‍රකාශවලදී අසන්නට ලැබුණු බවත් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.
 
සාකච්ඡාව අවසානයේදී තවත් කිරීමට අතපසු වූ දේවල් ඇත්දැයි වෛද්‍යවරුන්ගෙන් විමසන බව පැවසූ යුද හමුදාපතිවරයා ඒ කිසිම අවස්ථාවකදී මෙවැනි කාරණයක් ගැන අදහසක් ඉදිරිපත් නොවූ බවද පැවසුවේය
 
පසුගිය සාකච්ඡාවලදී වෛද්‍ය විශේෂඥයන්ගේ ඉල්ලීම් අනුව රටපුරා විවිධ සංචරණ සීමා පැනවීමට කටයුතු කළ බව කී හමුදාපතිවරයා සියලු කොරෝනා පාලන කටයුතු සිදු කරන්නේ වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව යැයි ද අවධාරණය කළේය .
 
වෛද්‍ය විශේෂඥයන්ගේ ඉල්ලීම් ඉවත දැමීමට සූදානමක් නැතැයි ඔහු වැඩිදුරටත් කීය .
 
 
හේතුව මොකක්ද ?
 
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ආණ්ඩුවේ වගකිවයුතු අමාත්‍යවරයකු පැවසුයේ, ජනාධිපතිවරයා ඉදිරියේ කරුණු දැක්වීමට බොහෝ ඇමතිවරුන් මෙන්ම රජයේ බලධාරීන් මැලිකමක් දක්වන බවයි. 
 
අගමැති මහින්ද රාජපක්ෂ පවා කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයාගේ අදහසට පරස්පර කරුණක් ඉදිරිපත් කරන අවස්ථාවලදී ජනාධිපතිවරයා ඒවා කිසිඳු ලෙසකින් ගණන් නොගැනීම ඇමතිවරුන් මෙන්ම නිලධාරීන් ජනාධිපතිවරයා සහභාගිවන රැස්වීම වලදී නිහඬතාවයක් දැක්වීමට හේතුව බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
 

 

 

 


 

THE LEADER TV 
 
ශවේන්ද්‍ර සහ වෛද්‍ය සංගම් ගැටුම උග්‍රවේ!
 

 
 
මහා විනාශයක් අතළඟ : දැන්වත් කියන දේ අහන්න
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්