සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත ජුනි මස 07 වැනි දින දක්වා සංචරණ සීමා පැනවීමට කොවිඩ් කාර්ය සාධක බළකායේ අවධානය යොමුවී ඇතැයි ආණ්ඩුවට හිතවත් මාධ්‍ය කිහිපයක්ම අනාවරණය කර තිබේ.
 
 'අරුණ' වෙබ් අඩවිය උපුටා දක්වමින්. 'ලංකා සී නිව්ස්' වාර්තාකර ඇත්තේ,  දෙසතියක කාලයක් රට වසා තබන ලෙසත්, සංචරණ සීමා පනවන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.
 
 
 WhatsApp Image 2021 05 23 at 12.48.14 PM
 
කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීම සඳහා මෙම පියවර ගන්නා ලෙස විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානද නිර්දේශ කර තිබුණි.
 
 
යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ, සිකුරාදා (21 වැනිදා) රාත්‍රි 11.00 සිට ආරම්භ වූ දිවයිනපුරා සංචරණ සීමා ලබන 25 වැනිදා අලුයම හතරට අවසන් කෙරෙන බවයි.
 
ඉන්පසු එදින රාත්‍රි 11.00ට යළි පනවන සංචරණ සීමා ලබන 28 වැනි සිකුරාදා අලුයම හතරට අවසන් කිරීමට මේ වන විට කටයුතු යොදා තිබේ. 
 
සංචරණ සීමා කාලය තුළ වෙළෙඳසල්, ආර්ථික මධ්‍යස්ථාන විවෘත නොකරන බැවින් ආහාර ගබඩා කර තබා ගන්නා ලෙස යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
 
මරණය අභියස පරස්පර මත !
 
 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරන්නේ ආසාදිතයන් වැඩි වන ග්‍රාම නිලධාරි කොට්ඨාස මට්ටමින් පමණක් හුදකලා කළ යුතු බවයි. 
 
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සියලුම සෞඛ්‍යය විද්‍යායතන ප්‍රකාශ කර ඇත්තේ දින 14 ක කාලයක් රට වසා දැමිය යුතු බවයි. එම විද්‍යායතන ඒකාබද්ධව පසුගිය බදාදා (19 වැනිදා) පැවැත් වූ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.
 
තවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයද ජනාධිපතිවරයා වෙත පසුගිය 17 වැනිදා ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියේ රට වසා දැමිය යුතු බවයි.
 
එහෙත් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය මාධ්‍යයට ප්‍රකාශ කළේ වසංගත රෝග විද්‍යා අංශය දත්ත ලබා නොදීම හේතුවෙන් ගැටලුවක් පවතින බවයි.
 
රට වසා දැමීමට පියවර නොගතහොත් දරුණු ව්‍යසනයක් ඇතිවන බව කොරෝනා මර්ධන විෂය බාර රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ද කියා සිටියාය.
 
 
 
මහාචාර්ය මලික් පීරිස් දින 14ක සංචරණ සීමාව ගැන පහදයි
 
 Malik 23.05
                       මහාචාර්ය මලික් පීරිස්
 
 
සංචරණ සීමා පැනවීමේදී එය දින 14ක කාලයක් සඳහා පැනවීමේ විද්‍යාත්මක අවශ්‍යතාවය පිළිබඳ හොංකොං විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මලික් පීරිස් අදහස් ප්‍රකාශ කර තිබේ.
 
ඔහු ලොව පළමුවරට විද්‍යාගාර පරීක්ෂණ තුළින් සාර්ස් වෛරසය හඳුනාගැනීමේ ගෞරවය හිමිවන මහාචාර්ය වරයෙකි.
 
මහාචාර්ය මලික් පීරිස් මහතා මීට දින දෙකකට ඉහත දී වෘත්තීයවේදීන්ගේ සංගමය අන්තර්ජාලය ඔස්සේ සංවිධාන කර තිබූ සාකච්ඡාවකට හොංකොං හී සිට එක්වෙමින් මෙම අදහස් පළකර ඇත.
 
 
''සෑම පළාතකම ආසාදිතයින් විශාල ලෙස වැඩිවෙනවා''
 
“ගත් ඇතැම් ක්‍රියාමාර්ග අපි දැක්කා. උදාහරණයක් ලෙස පළාත් අතර සංචරණය සීමා කර තිබෙනවා. දැන් රටේ සෑම පළාතකම ආසාදිතයින් සිටිනවා. 
 
ඒ වගේම ඔබට පෙනෙනවා සෑම පළාතකම ආසාදිතයින් විශාල ලෙස වැඩිවෙනවා. පළාතකින් තවත් පළාතකයකට ජනතාව ගමන් කිරීම නැවැත්වීම ආසාදනය වන සංඛ්‍යාව මේ අවස්ථාවේ අඩුකිරීමට සමත් වෙන්නේ නෑ. 
 
සමහර විට අප්‍රේල මාසයේ මැද භාගයේ එසේ කළා නම් එය යම් ආකාරයකට බලපාන්න තිබුණා. හැබැයි දැන් නැහැ. ඒ වගේම මේ වන විට ලොක්ඩවුන් කිරීම ගැන කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා. 
 
 
ලොක්ඩවුන් එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාව නිවස තුළ රැඳී සිටීමට සීමා කිරීම. එවිට යම් පුද්ගලයෙක් ආසාදිතයෙක් වුණොත්, වෛරසය එක් නිවසක් තුළට පමණක් කොටු වීම තුළ වෛරසයට ඉන් එහා පැතිරෙන්න අවස්ථාවක් නෑ. වෛරසය ආසාදනය කිරීම සඳහා පුද්ගලයින් නැතිවුණාම වෛරසය බලරහිත වෙනවා. එය මැරෙනවා. මොකද එයට දින ගණනාවක් වාතයේ නොනැසී රැඳී සිටින්න බෑ. 
 
ලොක්ඩවුන් එක පිටුපස ඇති විද්‍යාව ?
 lok 23
 
 
ලොක්ඩවුන් එකක් කොච්චර දින ගණනකට සිදුකළ යුතු ද? එය පිටුපස විද්‍යාවක් තියෙනවා.
 
 අපි කියමු යම් පුද්ගලයෙක් ලොක්ඩවුන් එක ආරම්භක දිනයේ රෝග වාහකයෙක්. අපි දැනටමත් දන්නවා රෝගියෙකු තවත් රෝගියෙකු තවත් අයෙකුට වෛරසය බෝ කළ හැකි කාලය දින 5 -7 දක්වා වෙනවා.
 
 ඉතින් මේ රෝගියා දින තුනක ලොක්ඩවුන් එකක් පළමු දිනයේ දී රෝග වාහකයෙක් නම් ඔහු ලොක්ඩවුන් එක අවසන් වන විටත් රෝග වාහකයෙක් ම වෙනවා. ඔහු රෝග පතුරවමින් හතරවන සහ පස්වන දිනයේ දි සමාජයට යනවා. 
 
ඒ වගේම තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඔබ ආසාදනය වු දිනයේ සිට රෝග ලක්ෂණ පෙන්වලා බෝ කිරීම ආරම්භ කිරීම දක්වා කාලසීමාව. ඒ සඳහා ගතවන සාමාන්‍ය කාලය දින 5ක් පමණ. අපි හිතමු නිවසක එක් පුද්ගලයෙක් රෝග වාහකයෙක් වෙලා ඔහු පවුලේ අනිත් සාමාජිකයින්ට රෝගය බෝකරනවා. 
 
පවුලේ සාමාජිකයින් රෝග ලක්ෂණ පෙන්වලා බෝ කරන්න පටන් ගන්න දින 5ක් යනවා. එසේ නම් දැන් ඔවුන් රෝගය බෝනොකරන අය බවට පත්කර ගතයුතුයි. දින 5කට තවත් දින 5ක් හෝ 7ක් එකතු කරගත්තහම දින 12ත්, 13ක්, 14ක් පමණ තිබිය යුතුයි. 
 
අන්න ඒ නිසා තමයි දින 3ක ලොක්ඩවුන්වලට කළ හැක්කේ ඉතා අඩු බලපෑමක් වෙන්නේ. 
 
මට ඇහෙන සෑම කරුණකින්ම තේරෙන්නේ සෞඛ්‍ය පද්ධතිය බිඳුම් අවස්ථාවක තියෙන්නේ. සෞඛ්‍ය කාර්යමණ්ඩල, හෙද කාර්යමණ්ඩල, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියන සියලු අය දැඩි ලෙස වෙහෙසට පත්වෙලා. 
 
 
 
මම හිතන්නේ අපි මේ සම්පුර්ණ ක්‍රියාදාමයේ යන්න පුළුවන් උච්චතම අවස්ථාවේ ඉන්නේ. අපිට ඉතාම හදිසියේ පරිපථ බිඳිනයක් අවශ්‍ය වෙලා තියෙනවා. පැතිරයාම සීම කිරීම හරහා ඇත්ත වශයෙන් ම කියනවා නම් සෞඛ්‍ය පද්ධතියට යම් අස්වැසිල්ලක් ලබාදෙන්න. “
 
 
(උපුටා ගැනීම් - අරුණ)

 

 

THE LEADER TV 
 
ශවේන්ද්‍ර සහ වෛද්‍ය සංගම් ගැටුම උග්‍රවේ!
 

 
 
මහා විනාශයක් අතළඟ : දැන්වත් කියන දේ අහන්න
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image