1200 x 80 DMirror
 
 

දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද (25)  අලුයම 4 ට ලිහිල් කෙරුණ අතර යළිත් අද රාත්‍රී 11 සිට දිවයින පුරා සංචරණ සීමා පැනවේ.
 
 
 එය ජුනි මස 07 වනදා අලුයම 4 තෙක් ක්‍රියාත්මකයි. 
 
කෙසේ වෙතත් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා ආසන්නතම වෙළදසැල වෙත යාමට අද සහ 31 වනදා මෙන්ම ජුනි 04 වනදා පමණක් සංචරණ සීමා ලිහිල් කිරීමට රජය තීරණය කර ඇත. 
 
අද සහ සංචරණ සීමා ලිහිල් කෙරෙන සෙසු දිනයන් දෙකේදී  විවෘතව තැබීමට අවස්ථාව හිමි වන්නේ සිල්ලර වෙළදසැල් ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ අලෙවිසැල්, මාලු, මස් සහ එළවළු වෙළදසැල්,  ඉන්ධන පිරවුම්හල් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා සපයන ආයතන පමණයි. 
 
අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නිවසින් බැහැර යා යුත්තේ එක් අයෙකු පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේය.
 

 
 
කෝවිඩ් 19  පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ සංචරණ සීමා ලිහිල්කරන අවස්තාවේදි ජනතාව වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතව සිය අත්‍යවශ්‍ය කටයුතු සදහා නිවෙස්වලින් බැහැර විය යුතු බවයි.
 

 

සංචරණ සීමා ලිහිල් කෙරෙන අවස්ථාවලදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා පා ගමනින් ආසන්තම වෙළදසැල් වෙත පැමිණිය යුතුයි. 
 
ඒ සදහා මෝටර් රථ, ත්‍රීරෝද රථ හෝ යතුරු පැදි භාවිත කළ නොහැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.
 

 
සංචරණ සීමා ලිහිල් කෙරෙන අවස්ථාවලදී මාර්ගවල, සුපිරි වෙළදසැල් සහ වෙළදසැල් අසල වාහන ගාල් කිරීමද තහනම් වේ.
 
සංචරණ සීමා ලිහිල් කරන අවස්ථාවලදී කණ්ඩායම් වශයෙන් වෙළදසැල් වෙත පැමිණීමෙන් වළකින ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
 

 
කෙසේ වෙතත් සාධාරණ හේතුවක් මත රථවාහන භාවිතයට අවසර හිමිවනු ඇති බවත් කොළඹ ඇතුලු ජනාකීර්ණ ප්‍රදේශවල වෙළදසැල් කිහිපයක් වුවද විවෘත කිරීමට අවසර හිමිවනු ඇති බවත් යුද හමුදාපතිවරයා කියා සිටියේය.  
 

 
 
අද දිනයේදී සංචරණ සීමා ලිහිල් කෙරුණද පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවන බව ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කළේය.

 


klfo

 


 

THE LEADER TV 

ස' ෆේල් වෙන්නෙ බැසිල් පාස් නිසාද?

 

නොදන්නකමයි - මාෆියාවයි PCR ප්‍රමාද කරයි!

 

logo

subscribeYT

subscribeYT

නවතම පුවත්