උතුරේ දියත් කළ යුද්ධයේදී වර්ග සංහාරයක් වු බව තහවුරු කිරීමට දෙමළ ජනතාව ක්‍රියාකරමින් සිටින්නේ  ජාත්‍යන්තර වරප්‍රසාද ලබා ගැනීමේ අරමුණින් බවට ශ්‍රී ලංකා රජය සහ ඔවුන්ගේ ආධාරකරුවන් සිදු කරන
ප්‍රකාශ සමාජ ක්‍රියා ධරයන් විසින් දැඩි ලෙස හෙළා දැක තිබේ.
 
දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් සංවිධානය කරන ලද ‘මුල්ලිවයික්කාල්  ස්මරණය’මැයෙන් වු මාර්ගගත  වැඩසටහනේ දේශනයක් පවත්වමින්  'ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ' (JDS) සංවිධානයේ කැදවුම්කරු රෝහිත භාෂණ අබේවර්ධන ශ්‍රී ලංකා රජයේ මෙම පහත් ස්ථාවරය ප්‍රශ්න කළේය.
 
ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා සත්‍ය වශයෙන්ම වර්ග සංහාරයකට මුහුණ දී තිබියදීත් බටහිර රටවල සරණාගතභාවය ලබා ගැනීම සඳහා ඔවුන් වර්ග සංහාරයක් පිළිබදව ප්‍රකාශකරන බවට ආණ්ඩුව එල්ල කරන චෝදනා පිළිබදව (ජීවිත ආරක්ෂාව පතා පිටුවහලේ ජීවත් වන)  සිංහල මාධ්‍යවේදියා එහිදී අදහස් දැක්වීය.
 
“වර්ග සංහාරය කියන්නේ, යම් ජාතියක දිවි ගලවාගත් සාමාජිකයන් විසින් ලබාගැනීමට වෑයම් කරන වරප්‍රසාදයක්ද?” යි ඔහු ප්‍රශ්න කළේය.
 

185349344 1915369311961708 4198774686393050417 n'විජයග්‍රහණයේ දිනය' උත්සවාකාරයෙන් සැමරුම.

 
ශ්‍රී ලංකාවේ ආණ්ඩු විසින් 2009 වර්ෂයේ සිට සිය විජයග්‍රහණයේ දිනය උත්සවාකාරයෙන් කොළඹ වීදිවල සමරද්දී, යුද්ධයෙන් පීඩාවට පත් දෙමළ ජනයා අද දක්වාම විශාල වශයෙන් පීඩා විඳින ආකාරය ඔහු සිය දේශනය තුලදී පෙන්වා දුන්නේය.  
 
“ඖෂධ, ආහාර සහ නින්ද අහිමි කළ මාස ගණනාවක් තිස්සේ, දිගින් දිගටම ක්‍ෂය වෙමින් පැවති කුඩා බිම් කැබැල්ලකට කොටු කළ, කම්පනයෙන් හා සාගින්නෙන් පෙළෙන හාරලක්ෂයකට ආසන්න ජනගහනයකට, මුහුදෙන්, අහසින් සහ ගොඩබිමෙන් පහර දීම තමයි ශ්‍රී ලංකා රජයේ 'කුප්‍රකට විජයග්‍රහනයේ දිනය' මඟින් සනිටුහන් කරන්නේ.”
 
 
 
 
“සිංහල ජාතියේ සාමාජිකයෙකු ලෙස මට මෙය ලැජ්ජා සහගත මොහොතක්, වරදකාරී හැඟීමක් දනවන මොහොතක්, එමෙන්ම ආඩම්බරයට තුඩු දෙන මොහොතක්. ලැජ්ජාව සහ වරදකාරී හැඟීම නම්, දෙමළ  ජාතියට එරෙහි මෙම කුරිරු අපරාධ වැළැක්වීම සඳහා, මගේ බොහෝ සහෝදරවරුන්ට වගේම, මටත් පැවරෙන වගකීම ප්‍රතික්ෂේප කිරීමට සහ බැහැර කිරීමට ඇති නොහැකියාව යි. ආඩම්බරයට කරුණ නම්, මුල්ලිවයික්කාල්හී දී  මියගිය අය සිහිපත් කිරීමට හා අනුස්මරණය කිරීමට ආරාධනා කිරීමට තරම්, දෙමළ ජාතියේ දිවි ගලවා ගත් සාමාජිකයන් විසින් සිංහලයන් වන මා වැන්නන් කෙරෙහි තැබූ විශ්වාසයයි” ඔහු වැඩිදුරටත් පැවසීය.
 
 
 
නීතීයෙන් බැහැර සමූහ ඝාතන සහ ස්ත්‍රී දූෂණයන් මෙන්ම ළමුන් ඇතුළු සිය හෝ දහස් ගණන් අතුරුදහන් කරමින්ද, දිවි ගළවාගත් පිරිස් සමූහ කඳවුරු වලට සහ ඊනියා පුනරුත්ථාපන කඳවුරුවලට ගාල්කරමින් ද ගෙනගිය ක්‍රියාමාර්ග 'එක රටක් - එක ජාතියක්' නිර්මාණය කිරීම සඳහා ගන්නා ලද ආරම්භක පියවර යැයි ඔහු පෙන්වා දුන්නේය.
 
 
“මෙම අලුතින් සොයාගත් 'එක් රටක් - එක් ජාතියක්' යට ඇත්තේ, ජන වර්ග  සංහාරක වර්ග කේන්ද්‍රීය රාජ්‍යයක මිලිටරි ශක්තියෙන්, නිදහස හා සමානාත්මතාවය සඳහා වූ අපේක්ෂාවන් බිඳ දැමූ පරම්පරා වල ඇටසැකිලි ගොඩවල් පමණයි.”
 
 
මුල්ලිවයික්කාල් හි සිදුවූ ඝාතන ‘වර්ග සංහාරයක්’ යැයි නැවත නැවතත් අවධාරණය කරමින්, රෝහිත භාෂණ  ප්‍රකාශ කර සිටියේ, එය වාර්ගිත ශුද්ධියක් හෝ යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලින් ඔබ්බට විහිදෙන බව ය.
 
මෙම අපරාධය, එහි සැබෑ නම වන වර්ග සංහාරය ලෙස හැඳින්වීම දෙමළ ජාතිය විසින් අවධාරණය නොකළ යුතු යැයි සමහරුන් ඉදිරිපත් කරන මතය විවේචනය කරමින් ඔහු ප්‍රකාශ කර සිටියේ, වර්ග  සංහාරය යනු කුමක්ද සහ වර්ග  සංහාරයක් නොවන්නේ කුමක්ද යන්න තීරණය කිරීම නෛතික විමර්ශනයක ප්‍රතිඵලයක් මිස බලවතුන්ගේ රාජකාරියක් නොවන බව ය.
 
“වර්ග සංහාරක අපරාධය යනු, බලවතුන්ගේ ඒකමතිකත්වයේ ඡන්දය ප්‍රකාශ කර අනුමත කරගත යුතු, යෝජනාවක් නොවේ. දශක ගණනාවක් තිස්සේ දෙමළ ජාතියට විඳින්නට සිදුවී ඇති අපරාධ පිළිගැනීමට හා එම අපරාධය නම් කිරීමට, බලවතුන් සමග සම්මුතියක් අවශ්‍ය නැත.”
 
ඔහුට අනුව, දෙමළ ජාතියේ - සාමූහික ජාතික ජීවිතයේ අත්‍යවශ්‍ය අත්තිවාරම් බිඳ දැමීමේ අරමුණින්, එකිනෙක හා සම්බන්ධීකරණය කොට සැලසුම් සහගතව දියත්කළ  ක්‍රියාමාර්ගයන් දැනටත් ක්‍රියාත්මක වෙමින් තිබේ.
 
 
 
“වර්ග  සංහාරක අපරාධය ඔප්පු කිරීම කියන්නේ, විමර්ශන, පරීක්ෂා සහ විශ්ලේෂණයන් මඟින්, හරයාත්මකවම දෙමළ  ජනයාගේ ජාතික අනන්‍යතාවය විනාශ කර, පීඩකයා වන සිංහල බෞද්ධ ජාතියේ ජාතික අනන්‍යතාවය ආරෝපණය කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක වූ ඓතිහාසික ක්‍රියාවලිය විධිමත්ව අනාවරණය කිරීමකැ'යි ඔහු කීය.
 
ගෝලීය බලවතුන්ගෙන් එල්ල වන පීඩනවලට මුහුණ දෙමින්, මෙම අපරාධය ඊට සරිලන හා උචිත ලෙස නිර්භයව නිවැරදි ලෙස නම් කිරීම, එම යුක්තිය දිනා ගැනීමේ පළමු පියවර බව භාෂණගේ අදහසයි.
 

 


 

THE LEADER TV 

ස' ෆේල් වෙන්නෙ බැසිල් පාස් නිසාද?

 

නොදන්නකමයි - මාෆියාවයි PCR ප්‍රමාද කරයි!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්