අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ විමසීම් සඳහා ‘‘1965’’ අංක දරන විශේෂ දුරකතන අංකයක් රජය විසින් හදුන්වා දී ඇත.
 
 
මෙම 1965 දරන විශේෂ දුකරතන අංකය අද සිට ක්‍රියාත්මක වන බව ආර්ථික පුනර්ජීවනය හා දර්ද්‍රතාවය තුරන්කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය පවසයි.
 
මෙය පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර මහජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සම්බන්ධයෙන් වන තොරතුරු එම අංකය ඔස්සේ ලබා ගත හැකි බව ද එම බලකාය සදහන් කරයි.
 
මුඵ දිවයිනටම බල පැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවා ඇති මෙවන් අවස්ථාවක ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය සේවා නොඅඩුව ලබා දීම සඳහා මෙම දුරකතන සේවාව ක්‍රියාත්මකව ඇති අතර එමගින් මහජනතාවට අපහසුතාවකින් තොරව භාණ්ඩ ලබා ගැනීමට හැකියාව ඇති බව ද ආර්ථික පුනර්ජීවනය හා දර්ද්‍රතාවය තුරන් කිරීම ස`දහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය පවසයි.
 
‘‘1965’’ මෙම විශේෂ දුරකතන අංකය කොව්ඞ් 19 වයිරස තත්ත්වය හේතුවෙන් පනවා ඇති සංචරණ සීමා පැනවෙන අවස්ථාවලදී ක්‍රියාත්මක වනු ඇත.
 
 65

 

95

 


 

THE LEADER TV 

ස' ෆේල් වෙන්නෙ බැසිල් පාස් නිසාද?

 

නොදන්නකමයි - මාෆියාවයි PCR ප්‍රමාද කරයි!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්