සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සහ ඔහුගේ බිරිඳට ද කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා ඉල්ලා සිටින්නේ තමන් සමග සමීපව කටයුතු කළ අය නිරෝධායනයට ලක් වන ලෙසයි.
 
නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා මීට පෙර කොවිඩ් ආසාදනය වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමීපතම ආශ්‍රිතයෙකු බවට ද හඳුනා ගැනිණ.
 
 
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර තැබූ ෆේස්බුක් සටහන පහතින්….
 
 Screenshot 2021 05 25 at 13.44.02
 
 
සබීතාගේ සැමියා සිහිසුන්ව ඇද වැටේ
 
 
මේ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ව්‍යාපාරිකයකු වන උපාලි ජයසිංහ ඊයේ (24) පස්වරුවේ ශරීර සුවතාව සඳහා මහමාර්ගයේ ඇවිද යන විට සිහිසුන්ව මහා මාර්ගයේ ඇද වැටී ඇත.
 
ඊට අදාල සීසීටීවී දර්ශන මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.
 
වහාම රෝහල්ගත කරනු ලැබූ උපාලි ජයසිංහ මේවනවිට දැඩි සත්කාරකයේ ප්‍රතිකාර ලබයි. 
 
 

 
'දහස් ගණන මැරී වැටේවි' -වෛරසවේදී මහාචාර්ය තිස්ස විතාරන
 
 
මේ අතර වෛරසවේදය පිළිබඳ ප්‍රකට මහාචාර්ය හිටපු අමාත්‍ය තිස්ස විතාරණ පවසන්නේ, ශ්‍රී ලංකාවේ මේ වන විට වේගයෙන් පැතිරෙමින් ඇති කොරෝනා ව්‍යාප්තිය නතර කළ හැක්කේ මුළු රටම අඛණ්ඩව දින දහහතරක් වසා දැමුවහොත් පමණක් බවයි. 
 
එසේ නොකර මේ තත්ත්වය කිසිසේත්ම පාලනය කළ නොහැකි බව පැවසූ ඔහු දින දෙක තුනකට පමණක් රට වැසීම ප්‍රතිඵලදායක නැතැයිද කියා සිටියේය.
 
වෛද්‍ය විශේෂඥයන් විසින් රට දින දාහතරක් වසා දැමිය යුත්තේ ඇයි ප්‍රකාශ කරන්නේ හේතු සහිතව බව ද ඔහු කියා සිටී.
 
රට දැනට පවතින්නේ ඉතාම දරුණු තත්වයක බවත් පැවසූ ඔහු රට ඛේදවාචකයක් කරා වේගයෙන් ගමන් කරමින් සිටින බවත් පෙන්වා දෙයි.
 
තත්ත්වය මෙම අවස්ථාවේ පාලනය නොකර ගතහොත් දහස් ගණන් මැරී වැටෙන තත්ත්වයක් ඇති වන බවට ඔහු අනතුරු අඟවයි.
 
 
 
###############
THE LEADER TV 

ස' ෆේල් වෙන්නෙ බැසිල් පාස් නිසාද?

 

නොදන්නකමයි - මාෆියාවයි PCR ප්‍රමාද කරයි!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්