ශ්‍රී ලංකාවේ වේගයෙන් කොවිඩ් තත්වය උත්සන්න වීමත් සමග ඇමරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ඇමරිකා එක්සත් ජනපදය මේ වනවිට කොවිඩ් තත්වය යම්තාක් දුරකට පාලනය කරගෙන ඇති අතර එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුරවැසියන්ට මුව ආවරණ නොමැතිව සංචරණය කිරීමට අවසර ලබා දී ඇත.
පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පසුගියදා ශ්‍රී ලංකාවේ සංචරණ සීමා දැඩි කිරීමට කලින් ඇමරිකාව බලා පිටත් විය. එසේම ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂද මේ වනවිට සිටින්නේ ඇමරිකාවේය.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිවේදනය ඇමරිකානු පුරවැසියන් වන ඔවුන් දෙදෙනාට යළි ශ්‍රී ලංකාවට පැමිණීමටද බලපානු ඇත.
ආණ්ඩුවේ ස්ථාවරය :
ඇමරිකාව ලංකාවට සිව්වන මට්ටමේ සංචාරක සීමාවක් පැනවීම දීර්ඝ කාලීනව සිදුවන ක්‍රියාවලියක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.
සිව්වන මට්ටමේ සංචාරක සීමාවක් යනු ඉහළම කොවිඩ් ව්‍යාප්තියක් පවතින බවට අඟවන නිර්ණායකයක් වෙයි.
මේ අතර කොවිඩ් -19 ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් අමෙරිකාව විසින් ජපානයට ද ඊයේ (25) සිව්වන මට්ටමේ සංචාරක සීමාවක් පනවා ඇත.
මේ අනුව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට පුරවැසියන්ට දැනුම් දී තිබෙන්නේ ජපානයේ සහ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙසය.
මේ වන විට මෙරට තුළ පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදය ඊයේ සිට අදාළ උපදේශ මාලාවන් නිකුත් කළේය.
ඇමෙරිකාව එරට සංචාරකයන් සදහා කළ දැනුම් දීම ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නිල වෙබ් අඩවියෙන් දැක්වෙන්නේ මෙසේය.
THE LEADER TV
හොර පාරේ පොහොට්ටුවට එන්නත් ගිය හැටි මෙන්න තොරතුරු එළියට...
ස' ෆේල් වෙන්නෙ බැසිල් පාස් නිසාද?