මෙවර වෙසක් පොහොය දිනය නිමිත්තෙන් වාර්ෂිකව සිදුකරනු ලබන බන්ධනාගාරගත රැඳවියන් නිදහස් කිරීමේ විශේෂ ජනාධිපති සමාව දීමේ ක්‍රියාවලිය යම් සංශෝධනයකට ලක්කර ඇති බව බන්ධනාගාර කළමනාකරණ
හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
 
නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පෙන්වා දෙන්නේ මෙතෙක් පැවති ජනාධිපති සමාවදීමේ ක්‍රියාවලිය යටතේ ජීවිතාන්තය දක්වා සිරගත වූ සිරකරුවන් හට කිසිදු සමාවක් හිමි නොවූ බවය.
 
 
 
 
එහෙත් මෙවර වෙසක් දිනය වෙනුවෙන් ප්‍රදානය කරන ලද විශේෂ ජනාධිපති සමාව දීමේ වැඩපිළිවෙල යටතේ ජීවිතාන්ත සිරකරුවන්ගේ දඬුවම වසර 25ක් දක්වා අඩුකර තිබේ.
 
ඒ අනුව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා සිටි රැඳවියන් 247 දෙනෙකු අතරින් 53 දෙනෙකුට අද දිනයේ නිදහස හිමිව ඇති බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
 
අනෙක් සිරකරුවන් 194 දෙනා අද දිනයේ සිට සාමාන්‍ය සිරකරුවන් බවට පත් කර තිබේ.
 
බන්ධනාගාර රැඳවියන් හට සිව් වස් සමාලෝචන ක්‍රියාවලිය යටතේ සමාව ලබාදීමේ ආරම්භක පියවරක් ලෙස මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇති බවත්, ඉදිරියේදී මරණ දඬුවම හිමිවූ බන්ධනාගාර තුළ පුනරුත්ථාපනය වූ සමාජගත කළ හැකි රැඳවියන්ට සමාව ලබාදීමේ ක්‍රියාවලියක් සකස් කරමින් පවතින බවත් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
 
වෙසක් පොහොය දිනය නිමිත්තෙන් රැඳවියන් 260 දෙනෙකුට අද නිදහස හිමිව තිබුණි.
 
 
(අද දෙරණ)
THE LEADER TV 
 

බෙලෝරුසියන් මාධ්‍යවේදියා පැහැරගැනීම රාජපක්ෂ මිතුරෙකුගේ වැඩක්...

 

හොර පාරේ පොහොට්ටුවට එන්නත් ගිය හැටි මෙන්න තොරතුරු එළියට...

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්