කෝවිඩ් මර්ධනය සඳහා වූ චීන සයිනොෆාම් එන්නත් ලබාදීම අද (27) දිනයේ මාතර නගරය තුළ ක්‍රියාත්මක වන අතර එය මුළුමනින්ම දේශපාලනීකරණය වී ඇතැයි වාර්තාවේ. 

චීනයේ ප්‍රදානයක් ලෙස පසුගිය දා මෙරටට හිමිවූ සයිනොෆාම් එන්නත් මාත්‍රා 1,25,000ක් ගාල්ල, මාතර සහ කුරුණෑගල කොවිඩ් අවදානම් ප්‍රදේශවල ජනතාවට එන්නත්කරණය සඳහා වෙන්කර ඇති බව යුධ හමුදාපතිවරයා පවසයි.
 
මේ වන විට මාතර නගරයේ කොවිඩ් එන්නත ජනතාවට ලබාදීමේ කටයුතු ආරම්භ වී ඇති අතර මාතර දිස්ත්‍රික්කයට එන්නත් 25,000ක් වෙන්වී තිඛෙන බව සෞඛ්‍ය සේවා කාර්යාල ආරංචි මාර්ග වාර්තා කරයි. 
 
මෙම එන්නත්කරනය පිළිබඳව ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැති අතර එයට මාතර දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හා සෞඛ්‍ය බලධාරීන් සහභාගී වී ඇත.
 
 නමුත් එහිදී ගත් තීරණවලට පටහැනිව, අද උදෑසන එන්නත්කරණය ආරම්භවී ඇති බවට මේ වන විට චෝදනා ඉදිරිපත්වෙමින් ඇත.
 
නගර සභාවේ කම්කරුවන් ඇතුලූ ඍජුවම ජනතාව හා වැඩකරනා ක්ෂේත්‍ර නිළධාරීන් පවා නොසලකමින් මේ වන විට මාතර මහා නගර සභාවේ හිත්තටිය නැගෙනහිර කොට්ඨාසයේ එන්නත්කරණය ආරම්භකර ඇත. 
 
 
 
නගරාධිපති රංජිත් යසරත්නගේ මන්ත්‍රී කොට්ඨසය වන මෙම කොටසේ, හිත්තටිය නැගෙනහිර ග්‍රාම නිළධාරී වසමට පමණක් එන්නත් ලබාගැනීමට උදෑසන 11ට පැමිණෙන ලෙස අද පෙරවරුවේ නගර සභාව විසින් දැනුවත් කල අතර, නගරාධිපතිවරයා විසින් සුදර්ෂි පෙදෙස ග්‍රාම නිළධාරී වසමට ද උදේ 9.00ට පැමිණෙන ලෙස දැනුම්දීමෙන් විශාල ජනතාවක් එහි රොක්වී සිටී. 
 

 

 
සුදර්ෂි පෙදෙසට මේ මොහොතේ එන්නත ලබාදීම සිදුකල නොහැකි බව සෞඛ්‍ය විළධාරීන් ප්‍රකාශකර ඇති අතර නගරාධිපතිවරයා එම ස්ථානයේ රැඳී සිටිමින් සිදුකරන බලපෑම නිසාවෙන් තමන් අපහසුතාවට පත්ව සිටින බවත් ඒ අනුව එම පිරිස්වලට ද එන්නත ලබාදීමට සිදුව ඇති බව ද අප වෙත වාර්ථාවේ.
 
මාතර නගරයේ උයන්වත්ත හා උයන්වත්ත උතුර ග්‍රාම නිළධාරී වසම් මැයි 24 දින දන්වා හුදකලාකර තිබූ අතර නගරයේ එම ප්‍රදේශයට එන්නත්කරණයේ පළමුතැන ලැබී නොමැත.
 
 මෙම ප්‍රදේශය උප නගරාධිපතිවරයාගේ බල ප්‍රදේශය වන අතර එයට දෙවනුව ලබා දෙන බව ද නගර සභා ආරංචිමාර්ග සඳහන්කරයි. 
 
මේ අතර දේශපාලන අධිකාරියේ විවිධ ප්‍රධානීන් විසින් විවිධ ප්‍රදේශ එන්නත්කරණයට තෝරාගන්නා ලෙස සිදුකරන බලපෑම් හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් අපහසුතාවයට පත්ව ඇති බව ද අප වෙත වාර්ථාවේ.
 
මාතර මහා නගර සභාවේ, මාතර ප්‍රාදේශීය ලේකම් කාර්ලයේ හා සෞඛ්‍ය සේවා කාර්යාලයේ වගකිවයුතු නිළධාරීන් තිදෙනෙකු අප වෙත ප්‍රකාශ කලේ අද සිදුවන එන්නත්කරණය පිළිබඳව තමන් නොදන්නා බවත්, එය සකස්කරන ලද ලේඛණ අනුව සිදු නොවන බවත්ය.
 
නගරාධිපතිවරයාගේ මෙම හිතුවක්කාරී හා අයුක්ති සහගත ක්‍රියාව සම්බන්ධයෙන් මේ වන විට සමාජ ජාලා ඔස්සේ විරෝධය පලවෙමින් තිබේ.
 
 

Matara coment2021 

                               

මොරටු ආදර්ශය !
 
 
පළාත් පාලන ආයතන හරහා සිදුකෙරෙන මෙම ‘වැක්සීන් දේශපාලනය’ මොරටුව නගරසභා බල ප්‍රදේශයේ දී මැයි 17දා ප්‍රසිද්ධියේම ක්‍රියාත්මකවිය. එදින කෝවිඩ් එන්නත් ලබාදීම සිදුකරනු ලැබුවේ මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ගේ තුන්ඩුවක් ( චීට් පතක්) රැගෙන පැමිණි අයට ප්‍රමුකත්වයක් ලැබෙන
පරිදිය.
 
ඒ අනුව අදාල තුන්ඩු කොළ රැගෙන පැමිණි පොහොට්ටු පාක්ෂිකයින් පෝලිමෙන් පරිබාහිරව එන්නත් විදගැනීමට කටයුතු කළ අවස්ථාවේදී උදැසන 4 සිට පෝලිමේ සිටි සාමාන්‍ය පුද්ගලයින් ඊට විරෝධය පළකිරීම තුළ බලවත් නොසන්සුන්තාවයක් ඇතිවුවද බලධාරීන් එය තුට්ටුවකට මායිම් කර නොතිබිණ. 
 
 
 
 
මොරටුවේ නගරාධිපති ආදර්ශනයට ගන්න  - ජොනී කියයි 
 
 Joni 27
 
 
 
 කොරෝනා එන්නත ලබා දීමේදී මොරටුව නගරාධිපතිවරයා අංක ක්‍රමයක් අනුව සිදු කරන ලද කටයුත්ත සාර්ථක බව පවසන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, එනිසා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ද ඒ ආකාරයෙන්ම එන්නත්කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි එම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත. 
 
ඒ ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීම් මගින් ක්‍රමානුකූලව තදබදයකින් තොරව එන්නත්කරණය සිදු කළ හැකි බව ද ඔහු පවසයි.
 
එවන් වැඩ පෙළක් සිදු කිරීම සඳහා නායකත්වය ගන්නා ලෙස පොහොට්ටු පක්ෂයේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ ඉල්ලා සිටින අමාත්‍යවරයා, නිවැරදි දේ කර බැනුම් අසන්නට වීම ගැන බය විය යුතු නැතැයිද පවසයි.
 
ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා එන්නත් ලබාදීමට පෙරාතුව එහි එම දිස්ත්‍රික් පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ සෞඛ්‍ය අංශ සමග පැවති සාකච්ඡාවක් අමතමිනි.
 
 
 
පොහොට්ටු කාර්යාලයේ එන්නත් මධ්‍යස්ථානයක් !
 
 
 

Anura cnews 27

 
 
මේ අතර ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ කොරෝනා එන්නත් ලබා දීමක් සිදුකර ඇතැයි චෝදනා කර සිටියේය.
 
 ‘වැක්සීන් දේශපාලනය’ නතර කර ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදුන් වැඩපිළිවෙළට අනුව කටයුතු කරන්නැයි ඔහු ආණ්ඩුවේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළේය.  
 
නමුත් අද සිදු වන්නේ එය නොවන බවත් ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයන් තමන් හිතවතුන්ට කෝටා ක්‍රමයට එන්නත් කරමින් සිටින බවටද ඔහු චෝදනා කළේය.
 
තම පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනාම මෙතෙක් කොරෝනා එන්නත් ලබා නොගත් බවත් තමන් අයත් වන්නේ කුමන කාණ්ඩයට දැයි මෙතෙක් නිශ්චිතව නොදන්නා බවද ඔහු කියා සිටියේය.
 
 
එහිදී ඔහු මෙසේ ද පැවසිය. 
 
 
“විවිධ රාජ්‍ය නිලධාරීන්ගෙන් සහ වෘත්තීය සමිතිවලින් විවිධ ඉල්ලීම් ලැබී තිබෙනවා. එවැනි තත්වයක් ඇතිවී තිබෙන්නේ එන්නත්කරණය සඳහා ප්‍රතිපත්තියක් නැතිවීම නිසයි. 
 
ඒ නිසා තම තමන්ට තිබෙන වෘත්තීයමය බලය උපයෝගී කරගෙන එන්නත් ලබාගන්න උත්සාහ කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රමුඛත්වය දී තිබුණා. 
 
නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කළ වැඩපිළිවෙළට මේක එකඟද? 
 
ජනගහනයෙන් 10%කට ප්‍රමාණවත් එන්නත් ලැබෙන විට වයස අවුරුදු 60ට ඉහළ පුරවැසියන්ට ලබාදීමේ සැලැස්මක් තිබුණා. 
 
මේ ආකාරයට නිසි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙනවා නම් මේ රටේ පුරවැසියන්ගේ වයස් කාණ්ඩවලට අනුව ඔවුන්ට එන්නත් ලැබෙන අවස්ථාව පැහැදිලි වෙනවා. හැබැයි එම නිශ්චිත අවස්ථාව ලබාදී නැති නිසා හැම කෙනාම අනියම් ලෙස ගන්න පෙළඹෙනවා. 
 
අඩුම තරමේ මරණය පිළිබඳ ප්‍රශ්නයක් හමුවේවත් මේ එන්නත්කරණ ක්‍රියාවලියට ධනය, බලය යෙදවීමෙන් වළකින්න කියලා නැවත නැවත අපි බල කරනවා. 
 
මේ ජනාධිපතිවරයා පිළිබඳ හදපු චිත්‍රය එක නීතියක්, එක රටක් කියලයි. හැබැයි අඩුම තරමේ එන්නත්කරණයේදීවත් එය සිදුකර නැහැ. ''
 
 
 

 
 
සබැඳි පුවත් :
###############
THE LEADER TV
 
ශවේන්ද්‍ර දැන් ඇති' - ඩිලාන්ට කොන්ත්‍රාත්තුව දුන්නේ කව්ද? 
 
මන්ත්‍රී වාහන දන්සල නැවැත්වීමත් ප්‍රෝඩාවක් ! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්