තම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂගේ නම අවභාවිතා කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
(පොහොට්ටුව)  වෙතින් 'ද ලීඩර්' වෙත චෝදනාවක් එල්ලවී ඇත. 
 
''රිෂාඩ්ගේ පක්ෂයේ හිටපු මන්ත්‍රී, බැසිල්ගේ හයිය අතට ගෙන පිස්සු කෙළියි ! ''යන ශීර්ෂයෙන් යුතුව මැයි 24 වනදා 'ද ලීඩර්' පුවත් වෙබ් අඩවියේ පළවූ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් විසින් අප වෙත යොමුකර ඇති ඊ ලිපියකින් එම චෝදනාව එල්ලකර තිබේ.
 
''සදාචාර සම්පන්න මාධ්‍ය භාවිතාව සම්බන්ධව ඉතා හොඳින් ඔබ දන්නා බව අපි විශ්වාස කරන අතරම වගකිවයුතු මාධ්‍යවේදියෙකුගේ පරිණත මාධ්‍ය භාවිතාව අපි ඔබතුමන්ගෙන් අපේක්ෂා කරන්නෙමු. 
විනිවිදභාවයකින් තොරව සමාජයේ පිළිගත් පුද්ගල චරිතවලට අපකීර්තිමත් පුවත් නිර්මාණය කිරීම සම්බන්ධව සහ එවැනි පුවත් හරහා ජනතාව මුලා කිරීම ඔබ වැනි පරිණත මාධ්‍යවේදියෙකුගේ භූමිකාව නොවන බව අපගේ විශ්වාසයයි. ''' යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයාගේ ලිපියේ සඳහන් වේ.
 
ජනතා සුභ සිද්ධිය උදෙසාම කැපවන පක්ෂයක් ලෙස තම පක්ෂය මෙම කොවිඩ් ව්‍යසන අවස්ථාවේ හැකි පමණ රජයට සහයෝගය දක්වමින් ඉතා වගකීම් සහගතව කටයුතු කරමින් සිටින අතර පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මේ අත්‍යවශ්‍ය මොහොතේ අප පක්ෂයට අවශ්‍ය නායකත්වය සපයමින් ඉතා වැදගත් ජාතික මෙහෙවරක් ඉටුකරමින් සිටින බවද එම ලිපියේ සඳහන් වේ. 
 
එවැනි අවස්ථාවක වෙබ් අඩවිය කෙරෙහි ජනතා අවධානය දිනා ගැනීම සඳහා හෝ වෙනත් යම් හේතුවක් මත කිසිදු සාධාරණ පදනමකින් තොරව බැසිල් රාජපක්ෂ නාමය අවභාවිතා කරමින් දූෂමාන පුවත් පලකිරීම හෝ එවැනි පුවත් ජනගත කිරීමට උත්සාහ දැරීම තම පක්ෂය විසින් අනුමත නොකරන අතරම එය තම පාක්ෂිකයින්ගේ දැඩි අප්‍රසාදයට ලක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයාගේ ලිපිය මගින් අවධාරණය කර තිබේ.
.
 
මේ අනුව මින් ඉදිරියට මෙවැනි ක්‍රියාවන් කිරීමට පෙර ඒවා සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් සිදු කොට කිසිදු සාධාරණ පදනමකින් තොරව සමාජයේ පිළිගත් පුද්ගල චරිතවලට හාණිකර ලිපි ඔබ වෙබ් අඩවියේ පළකිරීම වැලැක්වීමට කටයුතු කරනු දේශපාලන පක්ෂයක් වශයෙන් තමන් බලාපොරොත්තු වන බවද නීතිඥ සාගර කාරියවසම් පවසයි.
 
පක්ෂයක් වශයෙන් මාධ්‍ය නිදහස වෙනුවෙන් දැඩිව පෙනී සිටින බව ඔහුගේ ලිපිය මගින් අවධාරණය කර තිබේ.
 
 
 
    
සංස්කාරක සටහන :
 
'ද ලීඩර්' අදාලා වාර්තාව පළකරනු ලැබුවේ, සංචරණ සීමා පනවා ඇති කාලයේදී විවිධ පුද්ගලයන්ට ගමන් බිමන් යාම සඳහා පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්රි රහීම් සිය අත්සන යොදා අවසර පත් නිකුත් කර ඇතැයි ඇතැම් මාධ්‍යවල පලවී තිබු පුවත් වාර්තා පදනම් කර ගනිමිනි.
 
අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදෙන අවසර පත්‍රය නමින් මන්ත්‍රීවරයා නිකුත් කරන අවසර පත්‍රවල පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ජංගම දුරකතන අංකය සහ නමද සඳහන් කරන අතර ඒවා ලබාගත් පුද්ගලයන් ඉකුත් දිනවල දිස්ත්‍රික් සීමා පැන වව්නියාවට පවා ගොස් ඇතැයිද 'ලංකාදීප' වෙබ් අඩවිය වාර්තා කර තිබිණ.
 
ghyuyjmh
 
මේ අතර ආණ්ඩුවට පක්ෂපාති සමාජ මාධ්‍ය කිහිපයක්ම එම වාර්තාව පළකර තිබිණ. 'එමනිසා' වෙබ් අඩවිය එය වාර්තා කර තිබුනේ මෙසේය.
  
 2021 05 24 at 19.03.24
 
මෙසේ මාධ්‍ය ඔස්සේ එවැනි පුවත් පළකර තිබුනද එම මන්ත්‍රීවරයාට එවැනි හයියක් ලැබුනේ කෙසේදැයි ඒ කිසිඳු මාධ්‍යයකින් අනාවරණය කර නොතිබිණ.  එම තත්ත්වය තුළ 'ද ලීඩර්' කළ සොයාබැලීමකදී හෙළි වුයේ, රජයේ ඉහලම බලධාරියකුගේ දේශපාලන බලය අතට ගෙන එම මන්ත්‍රීවරයා එසේ හැසිරෙන බවයි.
 
මුස්ලිම් ජාතිකයකුගේ සුළු අතපසුවිමකදී පවා ජාතිවාදය උසිගන්වමින් පහරදෙන ආණ්ඩුවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙම මන්ත්‍රීවරයාගේ හැසිරීම ගැන දැක්වූ නිහැඬියාව ද අපගේ සැකයට බඳුන් විය. 
  
එවැනි පසුබිමක අප කළ විමසීමකදී සිය අනන්‍යතාවය හෙලිනොකරන්නැයි ඉල්ලා සිටිමින් අදහස් දැක්වූ අදාල ප්‍රදේශයේ පොලිස් බලධරයකු පැහැදිලි ලෙසම කියා සිටියේ, අදාල මන්ත්‍රීවරයා ජනාධිපති උපදේශක බැසිල් රාජපක්ෂ ගේ නම පාවිච්චිකරමින් බලපෑම් කරන බවයි.
 
අලිසබ්රි රහීම් පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ තරඟ කර පාර්ලිමේන්තුවට පත්වූ අයෙකි. ඔහු රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වය දරන සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ සාමාජිකයෙකි. 
 
sfcg 
 
 
එහෙයින් අප සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ වගකිවයුතු ප්‍රකාශකයකු ගෙන් තවදුරටත් කළ විමසීමකදී ඔහු පැවසුයේ, පක්ෂයේ මතයට පිටුපා කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම නිසා තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉෂාක් රහුමාන් සහ අලි සබ්රි රහීම් යන දෙදෙනාගේම පක්ෂ සාමාජිකත්වය මේවනවිට අත්හිටුවා ඇති බවයි. 
 
විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට සහයදුන් එම මන්ත්‍රීවරුන් දෙදෙනා මේවනවිට තම පක්ෂය සමග කිසිඳු අකාරයේ ගනුදෙනු නොකරන බවත්, ඔවුන් දෙදෙනා බැසිල් රාජපක්ෂ සමග දේශපාලන කටයුතු සිදුකරන බවත් එම ප්‍රකාශකයා වැඩි දුරටත් කියා සිටියේය.  
 
ලීඩර් වෙබ් අඩවිය අදාල  පුවත පලකරනු ලැබුවේ එවැනි පසුවිපරමකින් පසුවය. 
 
කෙසේවුවද අපගේ පුවත් වාර්තාව තුළින් අදාල මන්ත්‍රීවරයාගේ ක්‍රියාවට විදේශගතව සිටින බැසිල් රාජපක්ෂ අනුබලදී ඇති බවක් සඳහන් කර නොමැත. අප පුවත් සිරස්තයට යොදා ඇත්තේ,  බැසිල්ගේ හයිය අතට ගෙන පිස්සු කෙළියි !   කියා පමණි.
 
  
අදාල මන්ත්‍රීවරයා පවතින වසංගත පසුබිම තුළ  බලවත් වරදක් කර ඇතත් ඔහුට එරෙහිව මේ දක්වා ගනුලැබූ විනය ක්‍රියාමාර්ගයක් ගැන වාර්තා නොවේ. එයද සැකකටයුතු කරුණකි. 
 
කෙසේවුවද මෙම ක්‍රියාවට බැසිල් රාජපක්ෂගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයාගේ ලිපිය මගින් දන්වා ඇති තත්වයක් තුල, 'පිළිතුරුදීමට ඇති අයිතිය' යටතේ එම ලිපිය කිසිඳු සංශෝධනකින් තොරව පහත පලකිරීමට කටයුතු කර තිබේ.
 
මාධ්‍ය නිදහස වෙනුවෙන් දැඩිව පෙනී සිටින බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයාගේ ලිපිය මගින් කර ඇති අවධාරණය අගය කරන අතරම, මෙම පුවතින් බැසිල් රාජපක්ෂ හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යම් අපහසුතාවයකට පත්වුයේ නම් ඒ පිළිබඳව කණගාටුව ද පළකර සිටිමු. 
 
fgftbn 
 
සබැඳි පුවත :
 
 

 

 

 


 

THE LEADER TV 
 
 
'ශවේන්ද්‍ර දැන් ඇති' - ඩිලාන්ට කොන්ත්‍රාත්තුව දුන්නේ කව්ද?
 

 
මන්ත්‍රී වාහන දන්සල නැවැත්වීමත් ප්‍රෝඩාවක් ! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්