1200 x 80 DMirror
 
 

ජාත්‍යන්තර වරාය දෙකකට පිවිසීම අවසර නොලැබීමෙන් පසුව කොළඹ වරායට ඇතුල්වීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා තිබියදී
ගිනිගත් වෙළෙඳ නෞකාවේ තිබී සාගරයට එක් වූ ද්‍රව්‍ය හේතුවෙන්, මුහුදු ජීවීන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල වී තිබෙන බවට සාමුද්‍රික පරිසර වේදීහු අනතුරු අඟවති.
 
muditha ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින ස්වේච්ඡා සංවිධානයක් පෙන්වා දෙන්නේ, සාගර දුෂණයකදී වෙරළාශ්‍රිතව දක්නට ලැබෙන්නේ එම ව්‍යසනයෙන් සියයට පහක ප්‍රමාණයක් පමණක් බවයි.
 
 "ඒ කියන්නේ 95% තියෙන්නේ මුහුදේ. දැන් එතකොට හිතා ගන්න පුළුවන් අපි ඔය දකින ඒවා සියයට පහක් විතරයි කියල. අනිත් ඒවා ඔක්කොම මුහුදේ තියෙන්න පුළුවන්."
 
 එම ද්‍රව්‍ය ඉවත් කිරීමට ගත කරන කාලය දීර්ඝ වීම තුලින්, විනාශයේ ප්‍රමාණයද වැඩි වන බවයි පර්ල් ප්‍රොටෙක්ටර්ස් සංවිධානයේ (Pearl Protectors) සම්බන්ධීකාරක, මුදිත කටුවාවල පවසන්නේ.
 
 මෙරට සමුද්‍රීය පරිසරයට සහ වෙරළ තීරයට බලපෑමක් එල්ලකරමින් මැයි  20 වනදා සිට ගිනි ගැනීමට ලක්ව ඇති MV XPress Pearl නෞකාවෙන් මුහුදට වැටුණු බහාලුම් තුළ තිබූ, ප්ලාස්ටික් කවර, වතුර බෝතල්, ශොපින් බෑග්, විදුලි කේබල් පරිවාරක ආදිය සෑදීමට යොදා ගන්නා පොලිතීන් කැට සහ විවිධ ඝනත්ව වලින් යුත් ප්ලාසිටික් කැට වර්ග කිහිපයක්ම ගොඩබිමට ගසාගෙන විත් තිබුනි.
 
 

dfgtt

 සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කරමින් තිබු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ, නයිට්‍රික් ඇසිඩ් ටොන් 25 ක් සමග වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486 ක් පැවැති බව මේ වන විට අනාවරණය වී තිබේ.
 
 
 සතියක් තිස්සේ නෞකාවේ ඇවිලෙන ගින්න නිවීමට ශ්‍රී ලංකා රජය කර ඇති ඉල්ලීමකට අනුව මේ වනවිට ඉන්දීය  නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක හමුදාවේද සහාය ලැබී තිබේ.
 
පර්ල් ප්‍රොටෙක්ටර්ස් සංවිධානයේ සම්බන්ධීකාරක මුදිත කටුවාවල පෙන්වා දෙන්නේ, මෙම  නැවෙන් සිදුවන තෙල් කාන්දුවීමකදී  සහ ජලයට මුසුවී තිබෙන ප්ලාස්ටික් කැට මගින් දැඩි පාරිසරික බලපෑමක් එල්ල විය හැකි බවයි. 
 
කෙසේ නමුත් තෙල් කාන්දුවෙන් සිදු වන හානිය අවම කිරීම සඳහා වන ක්‍රමවේදයක් මෙරට තුළ ක්‍රියාත්මක නොවන බවද ඔහු පෙන්වා දෙයි.
 
 
තෙල් කාන්දු වීමකදී එම ඉන්ධන මුහුදු ජලය මතුපිට පැතිරී පැවතීම නිසා, ඒ අවට සාගරය තුලට හිරු එළිය ගමන් නොකිරීමෙන්, එහි සිටින මුහුදු ජීවින්ට සහ පරිසර පද්ධතියට අහිතකර බලපෑම් එල්ල වේ.
 
"එතකොට මාළුන්, එතන ජලජ ජීවින් එහෙම ඔයිල් තට්ටුව කවර් උනායින් පස්සේ ඒ ගොල්ලෝ හිර වෙනවා එතන. ඒගොල්ලන්ට මොනවත් කර ගන්න බෑ."
 
 M V X-Press Pearl නෞකාවෙන් ද ඉන්ධන කාන්දුවීමක් සිදු වුවහොත් ඒ අවට මුහුදු ප්‍රදේශයට විශාල හානියක් සිදු විය හැකි බව පෙන්වා දෙන පර්ල් ප්‍රොටෙක්ටර්ස් සංවිධානයේ සම්බන්ධීකාරකවරයා, වැඩිදුරටත් අවධාරණය කරන්නේ එහි බලපෑම කොළඹ වරායට මෙන්ම වරාය නගරයටත්, මීගමු ධීවර වරායටත් එල්ල විය හැකි බැවින්, රටේ ආර්ථිකයට ද දැඩි අලාභයක් සිදු විය හැකි බවයි.
Asha de vos 
“තත්වය හොඳ නෑ” යි සාගර ජීව විද්‍යාඥ ආචාර්ය ආශා ද වොස් පවසන්නීය. 
 
“කෙටියෙන් කියතොත්, දියවැල ඇදෙන්නේ දකුණු දිසාවටයි. ඒ නිසා කොළඹත් දකුණු පළාතෙත් තවත් අබලි ද්‍රව්‍ය ගොඩ ගැහෙන්න පුළුවන්. තෙල් ටික කොළඹින් උතුරේ වෙරළට පාවෙලා යාවි.”
 
තම අදහස රුපාකාරයෙන් දැක්වීම සඳහා ඕස්ට්‍රේලියාවේ බටහිර විශ්ව විද්‍යාලයේ සමුද්‍ර විද්‍යා අංශයේ මහාචාර්ය චරිත පට්ටිආරච්චි සහ ආචාර්ය සරත් විජේරත්න විසින් කරන ලද පුරෝකථන සටහනක්ද ආචාර්ය ද වොස් විසින් ට්විටර් මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
 
මුදිත කටුවාවල අවධාරණය කරන පරිදි සාගර ජලයට මුසුවී ගොඩබිමට ගසාගෙන ඇවිත් තිබෙන ප්ලාස්ටික් කැට මගින් මත්ස්‍යයන් ප්‍රමුඛ මුහුදු ජීවින්ට  සිදු විය හැකි හානිය අති මහත්ය.
 
xbfg
 
සාගරයේ පවතින රසායනික ද්‍රව්‍ය එම ප්ලාස්ටික් කැට වලට උරා ගන්නා බව පෙන්වා දෙන ඔහු අවධාරණය කරන්නේ එසේ අහිතකර රසායනිකයන් උරා ගත් කැට වෙරළාශ්‍රිතව පමණක් නොව, සාගරය තුලද පවතින බවයි.
 
 එවැනි කැට මත්ස්‍යන් විසින් ආහාරයට ගැනීමෙන් ඔවුන්ගේ සෞඛ්‍යට හානි පමුණුවන බව ඔහු වැඩි දුරටත් සදහන් කළේය. ධීවර කර්මාන්තයට එයින් මතු විය හැකි අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන්ද ඔහු අනතුරු ඇඟවිය.
 
 මෙසේ ප්ලාස්ටික් කැට කිහිපයක්  මත්ස්‍යයන්ගේ කරමල් තුළ රැදීමෙන් ඔවුන් මිය ගොස් ඇති ආකාරය ජන මාධ්‍ය විසින් අද වාර්තා කර තිබුනි.
 
එම තත්වය කඩිනමින් පාලනය කර ගැනීමේ වැදගත්කම පෙන්වා දෙන මුදිත කටුවාවල අවධාරණය කළේ, 2012 වසරේ හොංකොං වල සිදු වු අනතුරකදී ද ප්ලාස්ටික් කැට සාගරයට මුසුවු අතර, එම ප්‍රදේශයේ මුහුදු වෙරළ තුල තාමත් එම ප්ලාස්ටික් කැට දැක ගත හැකි බවයි.
   
 2012 දී හොංකොං ආසන්නයේ කුණාටුවක් හේතුවෙන් නැවක තිබූ බහාලුම් හතක් පමණ මුහුදට වැටී ඇති අතර, ඉන් හයක් තුළ මෙම ප්ලාස්ටික් (පොලිප්‍රොපිලීන්) පෙති තිබී ඇත.
 
 මෙම සිද්ධියෙන් ටික කලකට පසු අසාමාන්‍ය ලෙස, මියගිය මසුන් මුහුදේ පාවෙමින් තිබූ අතර, පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ ඔවුන්ගේ බඩේ මාරාන්තික ප්‍රමාණයක් මෙම ප්ලාස්ටික් පෙති වලින් පිරී තිබූ බවයි.
 
 වෙනත් ඕනෑම කුඩා ප්ලාස්ටික් කැබලි සේම, මේවාද ආහාර දාමයට ඇතුළු වී මිනිසුන්ගේ පිගන් මතට ගොඩබැසීමේ අනතුරක්ද පවතී.
 
 fdgfn 
  
පර්ල් ප්‍රොටෙක්ටර්ස් සංවිධානයේ (Pearl Protectors) සම්බන්ධීකාරක, මුදිත කටුවාවල තව දුරටත් පෙන්වා දුන්නේ, ගිනි ගැනීමට ලක් වු නැව හේතුවෙන් මුහුදු දූෂණයට අමතරව වායු දුෂණයක්ද සිදු වීමේ අනතුරක් පවතින බවයි.
 
 සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ද මීට ඉහතදී  අනතුරු අඟවා තිබුනේ  X-Press Pearl නෞකාවේ ගින්න හේතුවෙන් ඇසිඩ් වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.
 
labandapuraවායුගෝලයට විමෝචනය වන නයිට්‍රජන් ඔක්සයිඩ් වායුව ඉහළ වායුගෝලයේ ඇති ජල අංශු සමඟ මිශ්‍ර වීමෙන්, නයිට්‍රික් අම්ලය හෙවත් ඇසිඩ් වැසි ඇති විය හැකි බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ (MEPA) සභාපතිනී දර්ශනී ලහන්දපුර මාධ්‍ය වෙත පවසා තිබුනි.
 
 එලෙස ඇති වන වායු ධාරාවන් වෙරළබඩ ප්‍රදේශ වල සිට රට තුළට ගමන් කළ හැකි බවත්, එමගින් අවට ප්‍රදේශ වල ඇසිඩ් වැසි ඇතිවීමේ හැකියාවක් ඇති බවත් ඇය සඳහන් කළාය.
 
 මේ සම්බන්ධයෙන් පරීක්ෂාකාරීව, අවධානයෙන් පසුවන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
 
ඒ අනුව, මේ දිනවල වර්ෂාවට සෘජුවම නිරාවරණය වීමෙන් වළකින ලෙසත්, එළිමහනේ ඇති ලෝහයෙන් තැනූ උපකරණ මෙන්ම රථ වාහන ද ආවරණය කර තැබීමට පියවර ගන්නා ලෙසත් එම අධිකාරිය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුනි.
  
මුහුදු වෙරළට ගසාගෙන විත් තිබෙන ප්ලාස්ටික් කැට ඇතුළු ද්‍රව්‍ය ස්පර්ශ කිරීමෙන් ජනතාව වැලැකිය යුතු බව පෙන්වා දෙන සාගර පරිසරවේදියා, නැවත නැවතත් අවධාරණය කළේ හැකි ඉක්මනින් ප්ලාස්ටික් කැට ඉවත් කළ යුතු අතර, නොඑසේනම් ඒවා ව්‍යාප්තිය තව තවත් වැඩි විය හැකි බවයි.
 
 මේ මොහොතේ රටේ පවතින සංචරණ සීමාත්, වෙරළට ගසාගෙන ආ ද්‍රව්‍ය අතර රසායනික ද්‍රව්‍ය පැවතීමත්, වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා ස්වේච්ඡා සංවිධාන වලට එක්වීමට ඇති බාධාවන් ලෙසින් ඔහු පෙන්වා දුන්නේය.
 
 මෙරට සමුද්‍රීය පරිසරයට සහ වෙරළ තීරයට බලපෑමක් එල්ල කරමින් පසුගිය 20 වනදා සිට ගිනි ගැනීමට ලක්ව පවතින  M V X-Press Pearl නෞකාව , අනතුරක් පිළිබඳ ඉඟි පළ වූ මුල් අවස්ථාවේම හානිය වළක්වා ගැනීම සඳහා ජාත්‍යන්තර වරායන් දෙකකට පිවිසීමට අවසර ඉල්ලුව ද ඊට අවසර ලැබී නොමැති බව Splash වෙබ් අඩවිය අනාවරණය කර තිබේ.
  
නැවේ කපිතාන්වරාය ඉන්දියාවේ හසිරා සහ කටාර්හි හමාඩ් යන වරායන් දෙකට ඇතුළු වී සැක සහිත බහාලුම් ගොඩබෑමට අවසරයක් ඉල්ලා ඇති නමුත්, එම වරායන් දෙකෙන්ම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට සිදු වු බව, නෞකාව හිමිකාරිත්වය දරන X-Press Feeders හි විධායක සභාපති ටිම් හාර්ට්නෝල් පවසා තිබුනි.
 
 2021 වර්ෂයේ නිපදවූ මීටර 186ක දිගකින් යුත් බහාලුම් නෞකාවක් වන මෙය සිංගප්පුරු ධජය යටතේ දියත් වූවකි.
 
 

 

 


 

 

THE LEADER TV 
 
 
'ශවේන්ද්‍ර දැන් ඇති' - ඩිලාන්ට කොන්ත්‍රාත්තුව දුන්නේ කව්ද?
 

 
මන්ත්‍රී වාහන දන්සල නැවැත්වීමත් ප්‍රෝඩාවක් ! 
 

logo

subscribeYT

subscribeYT

නවතම පුවත්