මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු අත් අඩංගුවට ගැනීම සඳහා පොලිසිය අද (28) උදැසන ඔහුගේ නිවාස වටලා ඇතත්
නගරාධිපති නිවසේ නොසිටි බව පොලිස් ආරංචි මාර්ග කියයි.
මොරටුව මෝල්පේ සහ මොරටුමුල්ල උතුර ග්‍රාමසේවා වසම් සඳහා සයිනොෆාම් එන්නත ලබා දීමට ගිය වෛද්‍යවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.
මොරටුව පුරපතිවරයා තම ආධාරකරුවන් පිරිසකට ලබා දුන් අංක (ටෝකන්) පිළිවෙළට අනුව එන්නත් ලබාදිම ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරිය එන්නත් ලබාගැනීමට පැමිණි පිළිවෙළට එන්නත් ලබාදිමට කටයුතු කිරීම නිසා පුරපතිවරයා හා වෛද්‍යවරිය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරිය ගල්කිස්ස පොලිසියට කළ පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ජනාධිපතිවරයාගේ නියෝගයක් මත තමා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇතිබව වාර්තාවූ වහාම නිවසින් පැනගොස් ඇති නගරාධිපතිවරයා, අගමැති මහින්ද රාජපක්ෂ වෙත දුරකථන ඇමතුමක් ලබාදී ඇතැයි වාර්තාවේ.
ඔහුට වහාම පොලිසියට බාරවන ලෙස අගමැතිවරයා උපදෙස් දී ඇතැයි ද පැවසේ.
ඒ අනුව අද පෙරවරු 9.00 ට නීතිඥයකු මාර්ගයෙන් පොලිසියට බාරවන බවට මොරටුව පුරපතිවරයා සහතිකවී තිබේ.
මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු 'පොහොට්ටු' පක්ෂයේ පළාත් පාලන ආයතන සංවිධානයේ ප්‍රධානියෙකි.
එම තත්වය තුළ පොහොට්ටු පක්ෂයේ ප්‍රධානියකු අද උදැසන පොලිසියේ ඉහලම නිලධාරියකුට දුරකථන ඇමතුමක් ලබාදෙමින් නගරාධිපති අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලීමක් කර තිබේ. ඔහු එහිදී සඳහන් කර ඇත්තේ විදේශගතව සිටින ආණ්ඩුවේ ප්‍රධානියකු මිට මැදිහත්වන ලෙස තමන්ගෙන් ඉල්ලීමක් කළ බවයි.
එහිදී පොලිස් ප්‍රධානියා, ''මේකට අතගහන්න එපා, මේක ඉහලින් ආපු ඕඩර් එකක් කියා'' දුරකථනය විසඳි කර ඇතැයි පැවසේ.
කොවිඩ් එන්නත් කිරීමේ වැඩසටහන තුල මොරටුව නගරාධිපතිවරයා ඊයේ දිනයේ සිදුකල මැරකම එසේ මාධ්‍ය ඔස්සේ විකාශය විමත් සමග ඔහුට එරෙහිව නොපමාව ම නීතිය ක්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුවට හිතවත් පුජ්‍ය පක්ෂයෙන් හා වෘත්තීය සංවිධාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලම් කර තිබිණ.
“මේ කෝවිඩ් 19 එන්නත්කරණයේ අවුල් ජාලයට විසදීමට ඇති අන්තිම අවස්ථාව” බව රජයේ වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය ද ආණ්ඩුවේ බලධාරීන්ට අවධානය කරමින් නිවේදනයක් නිකුත්කර තිබිණ.
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ, කොරෝනා රාජකාරිවලට බාධා කිරීමේ චෝදනා යටතේ මොරටුව නගරාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා බවයි. අනතුරුව ඔහුව මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
පවතින නීතිය අනුව මෙය ඇප ලබාදිය නොහැකි බරපතල වරදක් බව ජ්‍යෙෂ්ඨ නීතිඥයකු අප වෙත පැවසිය.
THE LEADER TV
යුනිචෙලා ඇඟලුම් සේවිකාවගේ මරණයට වගකිවයුතු බලධාරියා
'ශවේන්ද්‍ර දැන් ඇති' - ඩිලාන්ට කොන්ත්‍රාත්තුව දුන්නේ කව්ද?