දැනට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වනදා අලුයම 4 වන තෙක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව 31වනදා සහ 4 වනදා සංචරණ සීමා ලිහිල් නොකෙරෙනු ඇත.
 
මහජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලට සැපයීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදුකිරීමට රජය තීන්දු කර තිබේ.
 
කොරෝනා  මර්ධන කමිටුව අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.
 
 
සංචරණ සීමා මෙම 31 සහ ජුනි 4 වැනි දා ලිහිල් කිරීමට කලින් තීරණය කර තිබුණද ඉකුත් 25 වැනිදා සංචරණ සීමා ලිහිල් කිරීමේදී රට තුළ වූ වාතාවරණය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇතැයි ද වාර්තා වෙයි.
 
 
සතොස හරහා භාණ්ඩ නිවසටම:
 
 
මේ අතර වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ, සතොස 1998 ක්ෂණික අංකය ඇමතීමෙන් හෝ www.lankasathosa.lkවෙබ් අඩවියට පිවිසීමෙන් සහන මල්ල ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙන්වා ගත හැකි සේවාවක් ක්‍රියාත්මක බවයි.  
 
ඔහු පෙන්වා දෙන්නේ රට පුරා පවතින සංචරණ සීමා හේතුවෙන් සතොස වෙළෙඳසැල් ජාලය හරහා පුද්ගල අවශ්‍යතාවය මත භාණ්ඩ ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බවය. 
 
"රුපියල් 1,000 භාණ්ඩ මල්ල අවශ්‍ය අයට ඒකත්, 5,000 සේ භාණ්ඩ මල්ල අවශ්‍ය අයට ඒකත් 1000ටයි 5000ටයි අදාළ නැති සතොස තුළ තිබෙන ඕනෑම භාණ්ඩ වර්ගයක් බෙදා හැරීමටත් අපි කටයුතු කරලා තියෙනවා. සතොස වෙබ් අඩවියට ගියාම භාණ්ඩ 114ක් තියෙනවා. ගෙවන මිලට වඩා වටින භාණ්ඩ මල්ලක් ගන්න පුළුවන්." යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 
 
කියවන්න 
 
 

 
THE LEADER TV 
 
 
යුනිචෙලා ඇඟලුම් සේවිකාවගේ මරණයට වගකිවයුතු බලධාරියා 
 

 
 
'ශවේන්ද්‍ර දැන් ඇති' - ඩිලාන්ට කොන්ත්‍රාත්තුව දුන්නේ කව්ද?
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්