මොරටුව මෝල්පේ කොට්ඨාසයේ ඊයේ (26) පැවති එන්නත්කරන වැඩපිලිවෙල අවස්ථාවේ ඊට මැදිහත්වෙමින්
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වැඩපිලිවෙල කඩාකප්පල් කරමින් මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරියගේ රාජකාරිවලට බාධා කළ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ලබන 11 දින දක්වා රිමාන්ඩ් භාරයට පත්කිරීමට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (28) දහවල් නියෝග කළේය.
 
පොලිසිය විසින් ඔහුව මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එලෙස බන්ධනාගාරගත කර ඇත.
 
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රජයේ නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් මත පොලිසිය අද උදැසන මොහුව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී නගරාධිපතිවරයා නිවසින පැනගොස් තිබිණ. 
 
නගරාධිපතිවරයා පසුව නීතිඥයකු මාර්ගයෙන් අද (28) පෙරවරුවේ ගල්කිස්ස නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට භාරවීමෙන් අනතුරුව ගල්කිස්ස පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තේය.
 
 
නගරාධිපතිවරයා එම එන්නත්කරන වැඩපිලිවෙලට බාධා කරමින් හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේත් රටේ ජනතාවගෙනුත් එල්ල වූයේ දැඩි විරෝධයකි.
 
අනතුරුව රජයේ වෛද්‍ය සංගම් ද මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත්කර තිබු අතර මොහුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් රාජකාරිවලින් ඉවත්වීමට සිදුවන බවටද දැනුම් දී තිබිණ.
 
“මේ කෝවිඩ් 19 එන්නත්කරණයේ අවුල් ජාලයට විසදීමට ඇති අන්තිම අවස්ථාව” බව රජයේ වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමයද ආණ්ඩුවේ බලධාරීන්ට අවධානය කරමින් ඊයේ රාත්‍රී නිවේදනයක් නිකුත්කර තිබිණ.
 
කෙසේවුවද මොරටු නගරාධිපතිවරයා බේරා ගැනීමට පොහොට්ටු පක්ෂයේ ප්‍රධානින් කිහිප දෙනෙකුම ඊයේ රාත්‍රීයේ සිට බලවත් උත්සහයක් දරා තිබුනද පොලිසියේ බලධාරීන් එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කර තිබුනේ 'ජනාධිපතිතුමාගේ ඕඩර් එකක්. මේකට නම් අතදාන්න එපා'' යයි කියමිනි.
 
 
 
ජෝනි ගෙනුත් ප්‍රශ්න කරයිද ?
 
 Joni 27
 
 කොරෝනා එන්නත ලබා දීමේදී මොරටුව නගරාධිපතිවරයා අංක ක්‍රමයක් අනුව සිදු කරන ලද කටයුත්ත සාර්ථක බව පවසමින් ඊයේ දිනයේ කුරුණෑගල එන්නත්කරණ වැඩසටහන මෙහෙයවූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ද රජයේ සෞඛ්‍ය සංගම් මේවනවිට බරපතල විරෝධයක් මතුකරමින් සිටී.
 
මොරටුව නගරාධිපතිවරයා සිදුකරන ආකාරයෙන් ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ද එන්නත්කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නැයි එම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින්  දැනුම් දී තිබිණ. 
 
ඔහු මේ බව සඳහන් කර තිබුනේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා එන්නත් ලබාදීමට පෙරාතුව එහි එම දිස්ත්‍රික් පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ සෞඛ්‍ය අංශ සමග පැවති සාකච්ඡාවක් අමතමිනි.
 
 මොරටුව නගරාධිපතිවරයා සිදුකළ ආකාරයේ වැඩපිළිවෙළක් තුළින් ක්‍රමානුකූලව තදබදයකින් තොරව එන්නත්කරණය සිදු කළ හැකි බව ද ඔහු එහිදී පෙන්වාදී තිබිණ.
 
එවන් වැඩ පෙළක් සිදු කිරීම සඳහා නායකත්වය ගන්නා ලෙස පොහොට්ටු පක්ෂයේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ ඉල්ලා සිටි අමාත්‍යවරයා, නිවැරදි දේ කර බැනුම් අසන්නට වීම ගැන බය විය යුතු නැතැයිද අවධාරණය කර තිබිණ.
 
 

 
 
සබැඳි පුවත් :
 
 
 
 

 


 

THE LEADER TV 
 
 

PB ස' ටත් වාතයක් වෙලා... පොට්සිටියට මාරුවක්!

 

යුනිචෙලා ඇඟලුම් සේවිකාවගේ මරණයට වගකිවයුතු බලධාරියා 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්