ජනාධිපතිවරයාගේ නියමයක් අනුව යමින් පොලීසිය විසින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මහමඟදී සිදුකරන හිරිහැර
නතර කිරීමට කඩිනමින් ක්‍රියා නොකළහොත් සාමුහික වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතිරණ වන බවට වසංගත මර්දනයේ නිරත සුව විරු නායකත්වය පොලිස් ප්‍රධානියාට අනතුරු අඟවා තිබේ.
වෛද්‍යවරුන් ලෙස “බොරු අයත් සීල් එක ගහගෙන” වාහන පදවගෙන යන බවට චෝදනා කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, එම වාහන පරීක්ෂා කරන ලෙස ඉකුත් 24 දා පැවති කෝවිඩ් මර්දන කමිටුවේදී නියෝග කර තිබුණි.
“අද වුණත් මම එනකොට වාහන වැඩියි. මේ කියන්නේ ජනතාව මේ වගකීම භාර ගන්නේ නෑනේ. මං බලාගෙන ආවේ. සමහර අය හුඟාක් වාහනවල ඩොක්ටර්ස්ලා කියලා ගහගෙන යනවා. ඩොක්ටර්ස්ලා ඔච්චර පාරේ ඉන්න විදිහක් නෑ නේ. මොකක්ද ඩොක්ටර්ගෙ නම, කොහෙද වැඩ කරන්නේ කියලා බලන්න ඕනේ. මොකද බොරු අයත් ඒ සීල්එක ගහගෙන යනවා.”
පාරේදී පොලිස් හිරිහැර:
එම ප්‍රකාශයෙන් පසු අත්‍යාවශ්‍ය සුව සේවයේ නියුතු කාර්යමණ්ඩල වලට පාරේදී පොලිස් හිරිහැර විඳින්නට සිදුවී තිබේ.
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙත ලිපියක් යොමු කරමින් පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය දැනුම් දී ඇත්තේ, සෞඛ්‍ය සේවාවන් සඳහා සිය වාහන වලින් සෞඛ්‍ය ආයතන කරා පැමිණෙන වෛද්‍ය නොවන අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන් හා කාර්යය මණ්ඩලය මහමඟදී පොලීසිය විසින් වලක්වනු ලබන අතර අනවශ්‍ය ප්‍රශ්න කිරීම් සහ හිරිහැර බාධා ඇති කරන බවයි.
"ඒ අනූව ඇතැම් පොලිස් නිලධාරීන්ගේ මතය වී ඇත්තේ සෞඛ්‍ය ආයතන ලාංඡනයක් සහිත අවසරපතක් සහිත වාහන වල ගමන් කළ හැක්කේ වෛද්‍ය නිලධාරීන්ට පමණක් බවත් අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන් හා කාර්ය මණ්ඩල ඊට අයත් නොවන බවත්ය."
සෞඛ්‍ය සේවාව යනු සාමුහික සේවාවක් බවත් එය වෛද්‍ය නිලධාරීන් විසින් පමණක් ආවරණය නොකරන බවත් පොලිස් නිලධාරීන්ට වහා අවබෝධයක් ලබා දෙන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් පෙන්වා දෙන්නේ, පොලීසියේ මෙම ක්‍රියා කළාපයට ජනාධිපතිවරයා විසින් සිදු කළ ප්‍රකාශයක් හේතු විය හැකි බවයි.
සාමාන්‍ය ප්‍රකාශයක් රටේ නීතියක් බවට පත්වීම !
"එසේම ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශයක රෝහල් ලාංඡන සහිත වාහන පරීක්ෂා කිරීමක් ගැන සඳහන් කිරීමේදී අනෙකුත් සෞඛ්‍ය කාර්යය මණ්ඩලයන්ගේ නම් සඳහන් නොකිරීම ඊට හේතුවක් විය හැකි බව පෙනෙන්නට තිබෙන නමුත් මාධ්‍යයට නිකුත් කරන සාමාන්‍ය ප්‍රකාශයක් එලෙස රටේ නීතියක් බවට පරිවර්තනය කර ගැනීම අතිශය බරපතල තත්ත්වයකි."
වෘත්තිය සමිති නායකයා වැඩි දුරටත් පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ සෞඛ්‍ය ආයතනයක් විසින් වාහන අවසර පත්‍රයක් නිකුත් කිරීම මඟින් පුද්ගලයෙකුගේ තරාතිරම මැනීම අපේක්ෂා නොකරන අතර එය එම වාහනය අදාල ආයතනයට ඇතුළු කිරීම හා නවතා තැබීම සඳහා, එම වාහනයේ හිමිකරු රෝහල් කාර්යය මණ්ඩලයට අයත් අයෙකු බව හැඟවීම සඳහා දෙනු ලබන්නක් පමණක් බවයි.

වෘත්තියවේදියා වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ සෞඛ්‍ය සේවාවේ නිල ලාංඡනයක් පැළඳ පැමිණෙන පුද්ගලයා සෞඛ්‍ය සේවකයෙක්මද යන්න පරීක්ෂා කිරීම පිළිබඳව කිසිඳු විරෝධතාවයක් නොමැති නමුත් ඔහු වෛද්‍යවරයකු නොවීම තුල හිංසාවට ලක්කිරීමේ ප්‍රතිපත්තිය තරයේ බැහැර කරන බවයි.
මේ පිළිබඳ දැඩි සැලකිල්ල යොමුකර සියළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල වලට මහමඟදී සමාන සැලකිල්ලක් දැක්වීමට අදාල පොලිස් නිලධාරීන් දැනුවත් කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින රවී කුමුදේශ්, සිය ලිපිය මගින් තව දුරටත් අවධාරණය කර ඇත්තේ එසේ නොවන්නේ නම්, ඊට එරෙහිව සාමුහික වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සෞඛ්‍ය සේවාවේ සියළු වෘත්තීය සමිති තීරණය කර ඇති බවයි.
පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ්ගේ අත්සනින් යුතුව පොලිස්පතිවරයාට යොමු කළ ලිපියේ පිටපත් ජනාධිපති, අගමැති, සෞඛ්‍ය අමාත්‍ය, සෞඛ්‍ය ලේකම් හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙතත් යොමු කර තිබේ.

THE LEADER TV
PB ස' ටත් වාතයක් වෙලා... පොට්සිටියට මාරුවක්!
යුනිචෙලා ඇඟලුම් සේවිකාවගේ මරණයට වගකිවයුතු බලධාරියා