වාහන හා පුද්ගලයින් පරීක්ෂාවේදී මෙන්ම නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේදී මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න උපදෙස් ලබාදී තිබේ.
සියලු පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් එම උපදෙස් ලබාදී ඇත.
 
සංචරණ සීමා පනවා ඇති අවස්ථාවේ මාර්ග බාධක රාජකාරීවලදී පොලිස් නිලධාරීන් විසින් වාහන සහ පුද්ගලයින් පරීක්ෂා කිරීමේදී ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් පරිභව කිරීම් ද සිදුවන බවට පළවූ වාර්තා ද සැලකිල්ලට ගනිමින් එම චක්‍ර ලේඛනය නිකුත්කර තිබේ.
 
වාහන සහ පුද්ගලයින් පරීක්ෂා කිරීම සිදුකළ යුතු නමුත්, ජනතාව වෙත පරිභව කිරීම් හෝ ඔවුන් අපහසුතාවට පත්වන ආකාරයට ක්‍රියාකිරීම වහාම නතර කරන්නැයි පොලිස්පතිවරයා දැනුම් දී ඇත.
 
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ ආයතනයේ සභාපති රවී කුමුදේෂ් ද මීට පෙර ප්‍රකාශ කළේ රාජකාරී හැඳුනුම්පත සහිත සෞඛ්‍ය නිලධාරීන් පවා මාර්ග බාධකවල පරීක්ෂා කිරීම්වලදී විවිධ ප්‍රශ්නවලට මුහුණපාන බවයි. 
 
 
 

 
 
 
'නෙත් නිවුස්' මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් කළ විමසීමක දී ඔහු මෙසේ පැවසිය.
 
 

 
 
පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන වෙත නිකුත්කර ඇති චක්‍රලේඛනය  
 
 WhatsApp Image 2021 05 29 at 8.57.37 AM 1
 
 WhatsApp Image 2021 05 29 at 8.57.37 AM
 
 
සබැඳි පුවත් :
 
###############
THE LEADER TV 
මොරටුවෙන් කුරුණෑගලට - ජොනී අත්අඩංගුවට?

PB ස' ටත් වාතයක් වෙලා... පොට්සිටියට මාරුවක්!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්