කෝවිඩ් සංචරණ නීති රෙගුලාසි හේතුවෙන් එදිනෙදා වෙලා සොයා ගන්නා දුගී දුප්පත් ජනතාව බරපතල අසීරුතාවයට පත්ව සිටිති.
 
එවැනි දුප්පතුන් දුබලයින් රැක බලාගන්න යාන්ත්‍රණයක් රජය විසින් හෝ වෙනත් කිසිඳු ආයතනයක් විසින් මෙතෙක්  ක්‍රියාත්මක කර නොමැත.
 
මෙම තත්ත්වය තුළ වඩාත්ම අසරන භාවයට පත්ව සිටින්නේ, එදිනෙද කුලී වැඩක් කර දරු පවුල් නඩත්තුකරන අසරනයින්ය.
 
එසේම, කොළඹ වැනි ජනාකීර්ණ නගරතුල ජිවත්වන පැල්පත්වාසීන් හා සිගමනෙන් ජිවත්වන මිනිසුන් ද මේවනවිට හාමතේ සිටින බව වාර්තාවේ.
 
එවැනි තත්වයක් තුළ කොළඹ අවට ජීවත් වන ආහාරපාන සපයා ගත නොහැකි ජනයා හට දිවා ආහාරය සඳහා කෑම පාර්සල් තොගයක් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද භාවිතා කරමින් යුද හමුදා භට පිරිස් විසින් ඊයේ (28) දින බෙදා දෙන ලදී. 
 

 
 
 
වීදි සුනකයින් හාමතේ
 
මේඅතර වීදිවල සැරිසරන අහිංසක සුනකයින් ඇතුළු සතුන්ද හාමතේ සිටිනබව වාර්තාවේ. 
 
ඔටාරා ගුණරත්නගේ  Embark ආයතනය ඇතුළු තවත් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් විසින් එවැනි සතුන්ට ආහාර ලබාදීමේ වැඩසටහනක් මේවනවිට සුළුවෙන් හෝ ආරම්භකර තිබීම අගයකළ යුතු කාරණයකි.
 

 
කියවන්න 
 
 
 
###############
THE LEADER TV 
THE LEADER TV 
 
මොරටුවෙන් කුරුණෑගලට - ජොනී අත්අඩංගුවට?
 

 
PB ස' ටත් වාතයක් වෙලා... පොට්සිටියට මාරුවක්!
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්