මෙරටට චීනයෙන් ගෙන්වන සයිනොෆාම් එන්නත් මාත්‍රාවක් සඳහා ඩොලර් 15ක් එනම් ආසන්න වශයෙන්

රුපියල් 3,030ක් වැය කෙරෙන අතර එම එන්නතම බංගලිදේශය ලබාගන්නේ ඩොලර් 10 බැගින් බව හෙළි වීමත් සමග මෙම ගනුදෙනුවේදී රුපියල් මිලියන 14,140ක පමණ වංචාවක් සිදුකෙරෙන බවට හෙළිවී ඇතැයි 'ලංකා ට්රුත්' (lankatruth.com) වාර්තා කරයි.
 
එන්නත් මිලියන 14ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත.
 
 ඒ අනුව එක මාත්‍රාවක් ඩොලර් 15 බැගින් වැය වන මුළු මුදල ඩොලර් මිලියන 210ක් හෙවත් රුපියල් මිලියන 42,420ක් පමණ වේ. 
 
එහෙත් බංගලිදේශය ලබාගන්නා මිල වූ ඩොලර් 10 සමග සන්සන්දනය කිරීමේදී එන්නත් මාත්‍රා මිලියන 14 වෙනුවෙන් වැය වන්නේ ඩෝලර් මිලියන 140ක් පමණි.
 
මේ අනුව ඩොලර් මිලියන 70ක් එනම් රුපියල් මිලියන 14,140ක පමණ වංචාවක් සිදුකෙරෙන බවට කරුණු හෙළිවී ඇතැයි 'ලංකා ට්රුත්' වැඩිදුරටත් කියා සිටියි. 
 
 
බංගලිදේශ The Daily Star පුවත්පතේ ඊයේ (28) පලවී ඇති මෙම වාර්තාවත් කියවන්න 
 

Purchase of Sinopharm Vaccine: Price disclosure sparks confusion

 
 
 
 
 

 
 
 
Korona Gahilla 2021.05.29 1

Korona Gahilla 2021.05.29 2

චීන තානාපති කාර්යාලය පුවත්වාර්තා ප්‍රතික්ෂේප කරයි 
 
 
මේ අතර චීනයෙන් සයිනොෆාම් එන්නත් මාත්‍රා ගෙන්වීමේ දී වංචාවක් සිදුව ඇතැයි පලවන වාර්තා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
 
 

WhatsApp Image 2021 05 29 at 8.50.30 PM

 
බංග්ලාදේශයට ඩොලර් 10 කට සයිනොෆාර්ම් එන්නත ලබා දීමට එකගතාවක් නැති බවත්, එහි මිල පිලිබඳ තවම සාකච්ජා මට්ටමේ පවතින බවත් චීන තානාපති කාර්යාලය පවසයි.
 
මේ දක්වා සයිනොෆාර්ම් එන්නත් ලබා ගැනීමට ඒ ඒ රටවල් වැය කල මුදල තානාපති කාර්යාලය විසින් පහත දක්වා ඇත. 
 
 
WhatsApp Image 2021 05 29 at 8.50.31 PM
 
 
 
 
 

 

 


 

THE LEADER TV 
 
මොරටුවෙන් කුරුණෑගලට - ජොනී අත්අඩංගුවට?
 

 
PB ස' ටත් වාතයක් වෙලා... පොට්සිටියට මාරුවක්!
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්