හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම හිටපු පළාත්සභා මන්ත්‍රීවරයකු වූ පූජ්‍ය බද්දේගම සමිත හිමියෝ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණයට පත් වී තිබේ.
මාතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ මෙසේ අපවත් වී ඇත.
 
අපවත් වන විට උන්වහන්සේ 69 වැනි වියේ පසුවිය.
 
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රථම භික්ෂුන් වහන්සේ වන්නේ ද බද්දේගම සමිත හිමියන්ය. 
 
බද්දේගම සමිත ස්වාමින් වහන්සේ මීට දින කිහිපයකට පෙර කොවිඩ් ආසාදිතව ගාල්ල කරාපිටිය රෝහල් ප්‍රතිකාර ලබමින් සිට සුවය ලබා විහාරස්ථානයට වැඩමකර තිබේ.
 
පසුව යළි ස්වසන අපහසුතා හේතුවෙන් උන්වහන්සේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව අද අලුයම අපවත් වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසුවේය.
 
ලංකා සම සමාජ පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ උන්වහන්සේ ප්‍රකට සමාජ සේවකයකු ලෙස ඉමහත් සේවයක් ඉටුකරනු ලැබූ හිමිනමකි.

 

samitha himi 2021.05
 
 
කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළක්වීම සඳහා පසුගිය වසරේ සිටීම සමාජ සත්කාරයට ක්‍රියාකාරිව මැදිහත්ව සිටි උන්වහන්සේ,  බද්දේගම නගර මධ්‍යයේ දෑත් සේදීමේ පහසුකම් සහිත ස්ථාන කිහිපයක් ස්ථාපිත කිරීමට කටයුතු කර තිබිණ. 
 
 

 
 
 
THE LEADER TV 
 
මොරටුවෙන් කුරුණෑගලට - ජොනී අත්අඩංගුවට?
 

 
PB ස' ටත් වාතයක් වෙලා... පොට්සිටියට මාරුවක්!
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්