දැනට පනවා ඇති සංචරණ සහ අනිකුත් සීමා මෙම රෝගය පාලනය කළ හැකි මට්ටමකට පැමිණෙන තෙක් තව දුරටත් කරගෙන යන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ආණ්ඩුවේ බලධාරීන්ට යෝජනා කර සිටියි.
 
 
පසුගිය දින කීපය තුළදී රටේ ඇතිවෙමින් තිබූ තත්වය පිළිබඳ අධ්‍යනය කිරීමෙන් පසුව ලංකාවේ සෞඛ්‍යය සම්බන්ධ වෘත්තීමය (professional) සංගම් කීපයකින් සහ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වරුන් සහ අනිකුත් උපදේශකයින්ගේද එකමුතුවෙන් කරන ද ඉල්ලීමකට අනුව රජය විසින් ඉතා දැඩි ලෙස රට ඇතුලත සංචරණ සීමා  ඇති කිරීමට සහ මහජන එකමුතු වීම අවම කිරීමට ගත් තීරණය ඉතා අගය කරන බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
 
පනවා ඇති එම සංචරණ සීමා හේතුවෙන් රටක් වශයෙන් ආර්ථිකයට බලපෑමක් එල්ල වුවද රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට සිදුවන හිතකර බලපෑම අවතක්සේරු කළ නොහැකි බව එම සංගමය සඳහන් කරයි.
 
 
 
බහුතර මහ ජනතාවගේ ජීවිතවල වටිනාකම තාවකාලික ආර්ථික පසුබෑමට වඩා වටිනා බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි.
 
 විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය එම කාරණා සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
 
 
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
 
 
 Sri Lanka Lockdown AP
 
 
මෙම ගමන් සීමා පැනවීම නිසා පෞද්ගලිකව මහජනතාවටත් රටක් වශයෙන් ආර්ථිකයට සිදුවන බලපෑම අපගේද අවධානයට ලක් නෙවෙනවා නොවේ.
 
රජය ගත් මෙම පියවර අප දැඩි ලෙස අගය කරන අතර අප කලින් සඳහන් කළ අයුරින්ම මහජනතාවට සහ ආර්ථිකයට සිදුවන බලපෑම කෙතරම් වුවද සාමාන්‍ය මහජනතාවගේ ජීවිතවලට සිදුවන අවදානම අවතක්සේරු කළ නොහැකි බැවින් ආර්ථිකයට සිදු වන පාඩුව සහ අනෙකුත් ගමන් බාධක වලින් සාමාන්‍ය ජන ජීවිතයට සිදුවන දැඩි බලපෑම් වුවද සුළු කාලයකට හෝ අමතක කර දැමීමට අපට සිදුවනු ඇත. ඒ  බහුතරයක් මහ ජනතාවගේ ජීවිත වල වටිනාකම තාවකාලික ආර්ථික පසුබෑමකට වඩා වටිනා බැවිනි.
 
 
 
 
කොරෝනා වසංගතය දැනටත් වඩා ශීඝ්‍ර ලෙස වර්ධනය වීමකට ලක් වුවහොත් පුද්ගල මරණ සංඛ්‍යාව හේතු දෙකක් නිසා වැඩි විය හැක. එනම් කොරෝනා රෝගය නිසාම සිදු වූ මරණ සහ කොරෝනා රෝගීන් ගෙන් ආරෝග්‍යශාලා අනවශ්‍ය ලෙස පිරි යාමෙන් සෞඛ්‍ය අංශයේ සිදුවන අඩපණ භාවය නිසා කොරොනා නොවන එහෙත් අනිකුත් ප්‍රතිකාර කළ හැකි රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නොහැකි වීමෙන් සිදු වන මරණ නිසාවෙනි.  
 
මේ නිසා අප යෝජනා කරන්නේ දැනට පනවා ඇති සංචරණ සහ අනිකුත් සීමා මෙම රෝගය පාලනය කළ හැකි මට්ටමකට පැමිණෙන තෙක් තව දුරටත් කරගෙන යන ලෙසයි.
 
 
 
තමන්ගේ සහ බහුතරයක් ජනතාවගේ සුභ සිද්ධිය සඳහා:
 
 
මේ අවස්ථාවේදී අප විසින් සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රජය විසින් පනවා ඇති සංචාරණ සීමා සහ අනිකුත් සීමාකිරීම්  තමන්ගේ එදිනෙදා ජීවිත වලට කෙතරම් බලපෑම් කළ ද තමන්ගේ සහ බහුතරයක් ජනතාවගේ සුභ සිද්ධිය සඳහා මෙම කෙටි කාලීන බලපෑම් වලට උපේක්ෂා සහගතව මුහුණ දිමට ධෛර්යයෙන් කටයුතු කිරීමට  සිදුවන බවයි.
 
 
එමෙන්ම මෙම ඉතා සංවේදී අවස්ථාවේදී  සියලුම ජාති හිතෛෂී ජනතාවගෙන්, මාධ්‍ය ආයතනවලින් සහ සියලුම දේශපාලන සංවිධාන වලින් ඉල්ලා සිටින්නේ තමන්ගේ පෞද්ගලික මත භේද අමතක කොට රටේ පොදු සුභසිද්ධිය සඳහා එකට එක් වී කටයුතු කරන ලෙසයි. 
 
 
 
 
එමෙන්ම අප විසින් සියලුම ජාති හිතෛෂී සංවිධාන වලින් ඉල්ලා සිටින්නේ හැකි තරම් දුරට මෙම කරුණු මහ ජනතාවට තේරුම් කරදී ඒවාට අනුකූල වීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලෙසත් අවශ්‍ය නම් ධනාත්මක සංවාදවලින් රජයට සහ සියලුම සෞඛ්‍ය සංවිධානවලට අවශ්‍ය උපදෙස් ලබා දීමෙන් අප රටේ මහ ජනතාවගේ පොදු සුභසිද්ධිය සඳහා කටයුතු කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා ලෙසයි.
 
අවසාන වශයෙන් ඉතා වැදගත් වන්නේ රෝගය  පැතිරීම හැකිතරම් අඩු කිරීමෙන් ට නැවත යථා තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය කටයුතු කිරීමයි. ඒ සඳහා සියලු දෙනාම එකතු වී පොදු අරමුණ වන රෝගය පැතිරීම පාලනය කිරීමට අවශ්‍ය පියවර ගතයූතු බවත් එමගින් මෙය පාලනය කළ හැකි බවත් අපගේ  දැඩි විශ්වාසයයි.''
 

AMS Press Release 29.05.2021Sinhala Copy

 
 

THE LEADER TV 
 
 සයිනොෆාර්ම් ගණුදෙනුවේ ඇත්ත කතාව
  

 
ඇමතිතුමනි, මෙන්න තවත් පොලිස් ඝාතනයක්! 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්