මෙරට සිදුවන සමස්ථ කොරෝනා මරණ වලට බැසිල් රාජපක්ෂ වගකිව යුතු බවට චෝදනා කරමින් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසින් අධිකරණය හමුවේ නඩු පැවරීම ඉතාම නින්දිත ක්‍රියාවක් බව ආණ්ඩුවේ පසුපෙළ
මන්ත්‍රී කණ්ඩායම පවසයි.
 
මෙසේ නඩු පැවරීම පහත් දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට දරන උත්සහක් බව එම මන්ත්‍රී කණ්ඩායම අවධාරණය කර සිටිති.
 
මෙවැනි අභියෝගාත්මක අවස්ථාවක අහිංසක දුප්පත් ජනතාව පවා තම ජාතික වගකීම අවබෝධ කරගෙන පාට පක්ෂ භේදයකින් තොරව කටයුතු කරන මොහොතක පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුකළ මෙම නිර්ලජ්ජිත ක්‍රියාව ඉතා පිළිකුලෙන් යුතුව හෙලා දකින බව ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම පවසයි. 
 
ඔවුන් එබව සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
 
එම නිවේදනය මාධ්‍ය ආයතන වෙත යොමුකර ඇත්තේ පමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයාය. 
 
 
 
නඩු නිමිත්ත !
 
කෝවිඩ් තිඛෙන යුක්රේනය වැනි රටකින් ලංකාවට සංචාරකයන් ගෙන ඒමෙන් අපේක්ෂා කෙළේ, එම රෝගය ලංකාවේ මිනිසුන්ට වැලඳේදැයි බැලීමට බවට බැසිල් රාජපක්ෂ විසින් පෞද්ගලික රූපවාහිනී වැඩසටහනකදී ප්‍රකාශකර ඇති බවත්, එහෙයින් මේවනවිට මෙරට සිදුවන කොරෝනා මරණවලට ඔහු හා උදයංග වීරතුංග වගකිවයුතු බවත් පවසමින් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසින් නඩු පවරා තිබේ. 
 
 
 

 
 
පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසින් මෙසේ බැසිල් රාජපක්ෂට එරෙහිව නඩු පැවරීම මුළුමනින්ම හෙලා දකිමින් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම නිකුත්කර ඇති නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
 
 
මේ වන විට ලොව පුරා රටවල් 195ක ජනතාව කොරෝනා වසංගත අභියෝගයට මුහුණ දෙමින් සිටියි. සමස්ථ ආසාදිතයින් ගණන ලක්ෂ 1800කට වැඩි ය. මේ දක්වා ලොව පුරා සිදු වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 3510000කට වැඩි අතර මේ මොහොතේදීත් එය අවසන්ව නැත.
 
රටවල් 195ක කොරෝනා ව්‍යාප්ත වන විට කොරෝනා පිළිබඳ එකම නඩුව ශ්‍රි ලංකාවෙන් ගොනුකර ඇත.
 
ඒ බැසිල් රාජපක්ෂ මහතා මෙරට සිදුවන සමස්ථ කොරෝනා මරණ වලට වගකිව යුතු බවට චෝදනා කරමින් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් විසිනි.
 
 
 
උන්වහන්සේගේ දේශපාලන පදනම සමස්ථ ‍රටම හදුනන අතර මෙවැනි ව්‍යසනකාරි අවස්ථාවකදීත් පහත් දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට උත්සහ දැරීම ඉතාම නින්දිත ක්‍රියාවකි. ලෝකයේ රටවල් 195 අතරින් මළකදන් මතින් දේශපාලනය කරන එකම රට ශ්‍රි ලංකාව බව උන්වහන්සේ උදෘත කර ලෝකයට ප්‍රදර්ශනය කර ඇත.
 
 
මෙවැනි අභියෝගාත්මක අවස්ථාවක අහිංසක දුප්පත් ජනතාව පවා තම ජාතික වගකීම අවබෝධ කරගෙන පාට පක්ෂ භේදයකින් තොරව කටයුතු කරන මොහොතක පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුකළ මෙම නිර්ලජ්ජිත ක්‍රියාව ඉතා පිළිකුලෙන් යුතුව හෙලා දකිමු. 
 
ව්‍යාසනකාරී අභියෝගය ජයගෙන වැදගත් දේශපාලනයක යෙදෙමු.''

 

 


 

 

THE LEADER TV 
 

කුරුණෑගල හොඳටම කළේ ජොනී

 

සයිනොෆාර්ම් ගණුදෙනුවේ ඇත්ත කතාව

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image