අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ මෙහෙයවීම යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන මේවනවිට ක්‍රියාත්මක වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට මුළුමනින්ම පිටුපාමින් බවට මාධ්‍ය
වාර්තාවල සඳහන් වේ.
ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කය තුළ මේ දිනවල සිදුකරන කොවිඩ් මර්දන එන්නත්කරණයේදී ස්පුට්නික් V එන්නතේ එක් මාත්‍රාවක් පමණක් හෝ ලබා ගැනීමට කැමති බවට එන්නත් ලබා ගන්නා පුද්ගලයන්ගෙන් කැමැත්ත ලබා ගැනීම් සිදුකරන බව 'අනිද්දා' පුවත්පත වාර්තා කරයි.
ඊයේ (30) ස්පුට්නික් -V එන්නත ලබාදීම මහනුවර කුණ්ඩසාලයෙන් ආරම්භ කළ අතර දහසකට ආසන්න ප්‍රමාණයකට එම එන්නත ලබා දී ඇත්තේ පළමු මාත්‍රාව පමණක් ලබා ගැනීමේ එකඟතාවය මතය.
දෙවන මාත්‍රාව ලබා ගැනීමට ප්‍රමාණවත් එන්නත් නොමැති බව වාර්තා වීමත් සමග පෙරේදා දිනයේ හදිසියේ සැකසූ රබර් මුද්‍රාවකින් “ස්පුට්නික් V එන්නතේ එක් මාත්‍රාවක් වුවද ලබා ගැනීමට මම කැමැත්තෙමි“ යන්න සටහන් කර මෙම එන්නත ලබා දීමේ කටයුතු ආරම්භ කර ඇත.
කොවිඩ් මර්දන එන්නත් ලබා ගැනීමේදී එම එන්නත මගින් යම් අතුරු ආබාධ හෝ සංතූලතා ඇතිවිය හැකි බව දැනුවත්ව එම එන්නත ලබා ගන්නා බවට සහතික කරන පෝර්මය තුළ ස්පුට්නික් V එක් මාත්‍රාවක් හෝ ලබා ගැනීමට කැමතිය යන එම කැමැත්ත ඇතුළත් කර ඇත. එය එම පෝර්මය තුළ සඳහන් කර ඇත්තේ ‘ස්පුට්නික්-V එන්නත පළමු මාත්‍රාව පමණක් වුවද ලබා ගැනීමට මම කැමැත්තෙමි’ යනුවෙන්ය.
එන්නත් 50,000 ක් මහනුවර දිස්ත්‍රික්කය තුළ ලබා දෙන බව ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මින් පෙර ප්‍රකාශ කර තිබිණි.
මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දන එන්නත්කරණය සම්බන්ධයෙන් කෙහෙලිය රඹුක්වැල්ල ඇමතිවරයාගෙන් මාධ්‍යවේදීන් කරන ලද විමසීමකදී ඔහු කියා ඇත්තේ ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව තුළ වැඩි ප්‍රතිශක්තියක් ඇති බැවින් එහි එක් මාත්‍රාවක් පමණක් ලබා දීමේ අවධානයක් යොමු වී ඇති බවය.
විකෘති කොවිඩ් ප්‍රභේද ඇතිවීමේ අවදානමක් !
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ප්‍රකාරව කොවිඩ් එන්නතකින් ලැබෙන ප්‍රතිශක්තියේ සාර්ථකත්වය සහතික කිරීමට මාත්‍රා දෙක ලබාදිය යුතුය.
එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දීම සැක සහිත බැවින් සුදුසු ක්‍රියාමාර්ගයක් ගෙන එන්නත ලබාදීමට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
එම උපදෙස් අනුව මේ තීන්දුව ගෙන ඇති බවත්, මාත්‍රා දෙක කළමණාකරණය කරගත නොහැකි නම් එක් මාත්‍රාවක් පමණක් ලබා දෙන්නේ කුමණ විද්‍යාත්මක පදනමක් මතදැයි නොදන්නා බව සෞඛ්‍ය අංශ බලධාරියෙක් lankasara.com වෙබ් අඩවියට පවසා ඇත.
දිස්ත්‍රික්කයේ ජනතාවට දෙවන මාත්‍රාව ලබා නොදීමේ සැලසුමක් තිබේද යන්න නොදන්නා බව ඔහු වැඩිදුරටත් සනදහන් කර තිබේ.
මින් පෙර ලෝකයේ සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දුන්නේ එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබා ගැනීම හේතුවෙන් විකෘති කොවිඩ් ප්‍රභේද ඇතිවීමේ අවදානමක් පවතින බවත් බ්‍රසීලය හා මහා බ්‍රිතාන්‍යයේ සිදු වී තිබුණේ එය යැයි සැක කරන බවත්ය.
රුසියාව විසින් කොවිඩ් මර්ධනය කිරීම සඳහා 'ස්පුට්නික් ලයිට් (SPUTNIK LIGHT) නමින් නව එන්නතක් අත්හදා බලමින් සිටින අතර එම එන්නතේ එක මාත්‍රාවක් පමණක් ලබාදීම ප්‍රමාණවත් බව අදාල සමාගම පවසයි.
එහෙත් එම එන්නත තවමත් පවතින්නේ පරීක්ෂණ මට්ටමකය.
කෙසේවුවද මෙරටට ගෙන්වා ඇති රුසියානු ස්පුට්නික් V එන්නත අනිවාර්යෙන්ම එක පුද්ගලයකු වෙනුවෙන් දෙවරක් එන්නත් කළ යුතුය.
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ වෛද්‍ය විශේෂඥයකු පැවසුයේ ස්පුට්නික් V එන්නත පළමු මාත්‍රාව ලබාදී සති 3ක දී දෙවන මාත්‍රාව ලබාගත යුතු බවයි. කෙසේවුවද මාස 3ක් ඇතුලත දෙවන එන්නත් ලබාගැනීම ප්‍රමාණවත් බවට රුසියානු විශේෂඥයින් මේවනවිට දැනුම්දී ඇතැයි ද ඔහු සඳහන් කළේය.
(මූලාශ්‍රය -lankasara.com)
###############
THE LEADER TV
බැසිල් චීනෙට ගිහින් ?
කුරුණෑගල හොඳටම කළේ ජොනී