නිරෝධායන නීති කඩකරමින් තරුපහේ හෝටලයකදී ඊයේ (30) රාත්‍රියේ උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් අද (31) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ව සහ මෝස්තර නිරූපණ
ශිල්පිනි පියුමි හංසමාලි කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදාහැර තිබේ.
 
ඒ අතිරේක මහේස්ත්‍රාත් සී.එච්.යූ ලියනගේ ඉදිරියේ ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීය. 
 
 
 Screenshot 2021 05 31 at 2.27.04 PM
 
 
රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇපමත ඔවුන් මුදාහැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේය.
 
මේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේ දී එම සාදයට පැමිණි 12දෙනෙකු පමණ මේවන විට හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
 
සාදයට පුද්ගලයින් 25 -30 ත් අතර සංඛ්‍යාවක් පැමිණ ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සෙසු පිරිස හඳුනාගැනීමට CCTV දර්ශන මේ වන විට පරීක්ෂා කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය. 
 
 මෙම අවස්ථාවට දේශපාලන කේෂත්‍රයේ ප්‍රභූ කාන්තාවක්ද විවාහක රූරැජිනක් ද සහභාගී වි සිටි බවටත් වාර්තා වි තිබේ.
 
 
Police latter 2021.05.31
 
 

Chandimal 2021.05.31

 
ලොක්ඩවුන් නීති කිසිඳු ලෙසකින් මායිම් නොකරමින් Shangrila apartment හිදී ලොකු උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබෙන බව සමාජ මාධ්‍ය කිහිපයක් ම ඊයේ (30) රාත්‍රී වාර්තා කර තිබිණ.
 
පුවත් වාර්තාවට අනුව එම උපන්දින සාදය සංවිධානය කර ඇත්තේ, ලංකාවේ වැඩිම වියදමක් දරමින් රාජකීය උපන්දින සාදය පවත්වන්නේ චන්දිමාල් ජයසිංහයි.
 
සංවිධානය සදහා වියදම පමණක් නොව, චන්දිමාල්ගේ උපන්දින සාදවල සැබෑ වියදමට ආරාදිතයින්ගේ ඇදුම් පැලදුම් සදහා කරන වියදමද සලකා බැලූ විට සැබැවින්ම ලංකාවේ සුපිරිම වාර්ශික සාදය මෙය බව නොරහසකි. 
 
එය චන්දිමාල්ගේ අයිතියකි.
 
විටෙක ඔහු රජෙක්, තවත් විටෙක සෙන්පතියකි. 
 
ලොක්ඩවුන් යනු, ඔහුට අදාල නැති නීතියකි.
 
චන්දිමාල් ඔබට සුබ උපන්දිනයක්.
 
 FB post 2021.05.31
                                       සමාජ මාධ්‍යවල තිබු පොස්ටු කිහිපයක්
 

###############
THE LEADER TV 
 
බැසිල් චීනෙට ගිහින් ?
 

 
කුරුණෑගල හොඳටම කළේ ජොනී
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්