මෙරට සිනමාවට දැවැන්ත දායකත්වයක් දුන් ජී.ආර්. පද්මරාජ් අභාවප්‍රාප්ත වී ඇත.
CEL සමාගමේ කළමනාකාර අධ්යක්ෂවන ජී.ආර්.පද්මරාජ් ඊයේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ, ඉන්දියාවේ දී ශල්‍යකර්මයකට රෝහල්ගතව සිටියදී ය.
මියැදෙන විට ඔහුගේ වයස අවුරුදු 69 කි.
ඔහු ලංකාවේ ජනප්‍රියම සිනමා සමාගමක වන 'සිනමාස්' සමාගම මෙන්ම හැඳල විජය චිත්‍රාගාරයේ අයිතිකරු වන කේ ගුණරත්නම්ගේ පුතණුවන්ය.
තම පියාගෙන් උරුම වූ කේ ජි ආයතනය මෙන්ම සැෆයාර්, කිංග්ස්ලි, කැපිටෝල්, බොරැල්ල ලිඩෝ, මහනුවර වෙම්බ්ලි, මීගමුවේ රාජ්, යාපනයේ ලිඩෝ, අම්පාර හා මඩකලපුව විජයා ඇතුළු සිනමාහල් රාශියක හිමිකරු වන ආර් පද්ම රාජ ක්ෂේත්රයේ නිහතමානී පුද්ගලයකු ලෙස සැලකේ.
THE LEADER TV
එන්නත් විජ්ජාවෙන් මහනුවර වැසියන් මරණිය අනතුරකට !
බැසිල් චීනෙට ගිහින් ?