නාගරික සංවර්ධන කටයුත්තක් සඳහා යැයි සඳහන් කරමින් කොළඹ ඩීඑස් සේනානායක විද්‍යාලයට අයත් හා ඊට යාබදව පිහිටි ශ්‍රී බෞද්ධාලෝක විහාරයට අයත් ඉඩම් කොටසක් ජනාධිපතිවරයා විසින් රජයට පවරාගෙන

ඇතැයි 'අනිද්දා' පුවත් වෙබ් අඩවිය වාර්තා කර ඇත. 
 
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ විසින් සම්පාදිත එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.
 
නාගරික සංවර්ධන ව්‍යාපෘති විශේෂ විධිවිධාන පනතේ බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා මෙම පවරා ගැනීම කර ඇති අතර ඊට අදාළ ඉඩම් පවරා ගැනීමේ අති විශේෂ ගැසට් පත්‍රය මැයි 19 වැනිදා සහිතව අංක 2228/27 යටතේ නිකුත් කර ඇත.
 
මෙම නාගරික සංවර්ධන කටයුත්ත යටතේ එම පවරා ගන්නා ඉඩම්වල බහු මහල් රථ ගාලක් ඉදිකිරීමට යෝජිත බව සඳහන් කර ඇති අතර ඒ සඳහා පවරා ගෙන ඇති මුළු ඉඩම් ප්‍රමාණය රූඩ් 2යි පර්චස් 20ක් හෙවත් හෙක්ටයාර් 0.2530කි.
 
 ඩීඑස් සේනානායක විද්‍යාලය, ශ්‍රී බෞද්ධාලෝක විහාරය හා ඒ අසල ඇති මහාමාර්ගයේ ඇති ඉඩම්වල කොටස් මෙම පවරා ගන්නා ඉඩමට අයත්වේ. 
 
පවරා ගත් ඉඩමට අදාල දළ සැලසුම නාගරික සංවර්ධන අධිකාරියේ නගර නිර්මාණ ශිල්පිනී ශානිකා සුමනපාල සහ ඉඩම් කළමනාකරු වජිර දිසානායක සකස් කර ඇති බවද එම අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් කර ඇත. 
 
 
ආණ්ඩුවෙන් ප්‍රතිචාරයක් නැහැ !
 
 
මෙම පුවත් වාර්තාව පළවීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ ආණ්ඩුවට බරපතල චෝදනාවක් එල්ලවී ඇති අතර ආණ්ඩුවේ බලධාරීන් සුදුරුදු පරිදි ඒ සම්බන්ධයෙන් ද මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නොමැත. 
 
මේ අතර මෙම කාරණය සම්බන්ධයෙන් සමාජ මධ්‍යය ඔස්සේ සංසරණය වන සටහනක මෙසේ සඳහන් වේ.
 
 
 
ලබ්බට තැබූ අත පුහුලට නොතබනු!                WhatsApp Image 2021 05 31 at 11.00.35 PM
 
 
වසර පනස් හතරක් තුළ කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන කොළඹ 7 ඩී.එස්.සේනානායක විද්‍යාලය දෙස් විදෙස්හි සුපතළ පුතුන් දහස් ගණනකට සෙවන දුන්නකි. 
 
ත්‍රිවිධ හමුදා සෙන්පතිවරුන්ගේ සිට ලෝකයක් දණ නමන අරවින්දයන් දහස් ගණනක් බිහිකළ සේනානායකය මේ වන විට උග්‍ර අර්බුදයකට මුහුණ දී සිටින බව බොහෝ දෙනෙක් තවමත් නොදන්නා කාරණාවකි.
 
සරලවම කතාව මෙසේය .
 
 
කොළඹ සුවිශේෂී සංස්කෘතික ලක්ෂණයක් සහ වටිනාකමක් වන කොළඹ පාසල් විෂයෙහි ඇතැමුන්ගේ කාරුණික අවධානය යොමු යොමුවී ඇති බව කොළඹ දේවි බාලිකා විද්‍යාලය වෙනත් පෙදෙසකට ගෙන යාමට දරන උත්සාහයෙන් බොහෝ දෙනකුට පැහැදිලි විය. 
 
  
පැරැණි ගම්වල ලබ්බට තැබූ අත පුහුලට තබන්නට අතපසු නොකරන බවට කතාවක් තිබේ. සමහරු දැන් එම ග්‍රාම්‍ය කර්තව්‍යය කරන්නට සූදානමින් සිටින බව පෙනේ.
 
 
 
 banners 02
                          දේවි බාලිකා විද්‍යාලය 
 
 
දේවි බාලිකාවට හෙළුණු බහිරව බැල්ම මේ වෙන විට ඒ ආසන්නයේ ඇති ඩී.එස්. සේනානායක විද්‍යාලයට වැටී ඇති බව තවමත් සමාජගත වී නොමැත. 
 
එහෙත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සේනානායකයින් කිහිප දෙනෙකුම ඇති අවස්ථාවක ඔවුන්ගේ දෑස් සහ මුව බැඳතබා රජය විසින් ඩී.එස්. සේනානායකයේ ඉඩම් අත්පත් කරගෙන ඒ මත වාහන අංගනයක් තැනීමට යාම අටුව කඩා පුටුව හදනවාටත් වඩා අදුරදර්ශී ක්‍රියාවකි. 
 
වාහන අංගනයක අවශ්‍යතාවය ඩී එස් සේනානායක විද්‍යාලයේ හිසට ඉහළින් තැනීමට අවශ්‍ය නම් ඒ සඳහා විකල්ප ක්‍රියාමාර්ග දහසකුත් තිබියදී වාහන තදබදයට සේනානායකයට ඉහළින්  විසඳුම් සෙවීම අතීසාරයට අමුඩ ගසනවා වැනිය. 
 
 
සැඟවුණු බරපතළ මූල්‍ය ගනුදෙනුවක් !
 
 
මෙහි සැඟවුණු බරපතළ මූල්‍ය ගනුදෙනුවක් ඇති බව බොහෝ දෙනාගේ අදහස වී ඇත. එය අපි නොදන්නෙමු. අප දන්නේ අපගේ මව් සමාන පාසල් භූමිය කැබලිවලට කඩා වෙන් කරන්නට යන බව පමණි.
 
 
 
පාර්ලිමේන්තුව නියෝජනය කරන උදය ප්‍රභාත් ගම්මන්පිල, ශෙහාන් සේමසිංහ, ප්‍රේමනාත් සී දොලවත්ත, ජේ සී අලවතුවල, අනූප පැස්කුවල් ඇතුළු ප්‍රබල දේශපාලන ප්‍රවාහයේ බොහෝ දෙනෙක් මේ භූමිය මත සිප් සතර හැදෑරූවෝ වෙති. වෙනකක් තබා නාගරික සංවර්ධන අධිකාරියේ වර්තමාන සභාපතිතුමා හර්ශාන් ද සිල්වා ද සේනානායකයෙකි.
 
පක්ෂපාතිත්වය රහස් රැකීම සහ තමා සේවය කරන ස්ථානයට අවංකව කටයුතු කිරීම සේනානායකයන් ලද ඉතා විශිෂ්ට පළපුරුද්දක් බව අපි දනිමු. නමුත් එම පලපුරුද්ද අවභාවිතා වන්නේ නම් එය පාසලට කරන නිගරුවක් බවත් අපි මතක් කරන්නෙමු.
 
සියල්ලටම ඉහලින් රට සහ තම මාතෘ භූමිය ආරක්ෂා කරන්නට ඇපකැප වූ සේනානායක දරුවෙකුට මේ මොහොතේ තම පාසල වෙනුවෙන් රහස් නොරැක මේ අදුරදර්ශී ව්‍යාපෘති පිළිබඳව සමාජගත කරන මෙන් අපි හර්ෂාන් ද සිල්වා අයියාට මතක් කර සිටින්නෙමු. මක් නිසාද යත් අප පුරුදු පුහුණු වූයේ තමාට පෙර රට රකින්නට බැවිනි. 
 
 
 

RIT Alles passed away newsfirstඩීඑස් සේනානායක විදුහලේ නිර්මාතෘ ආර්.අයි.ටී අලස් 

 
ටිරාන් අලස් මහතාට ඒ පිළිබඳව මතක් කිරීමට අවශ්‍ය නැත. මේ ආදර්ශපාට නිර්මාණය වන්නේ ඔහුගේ නිවසේ බැවිනි. පාසල නිර්මාණය කරන්නේ ඔහුගේ පියා බැවින් මේ ආදර්ශ පාඨය අපට වඩා හොඳින් ටිරාන් අලස් මහතා දන්නා බවට අපි විශ්වාස කරමු. අමතක නම් හර්ෂ අලස් මහතාගෙන් දැන ගන්නා ලෙස අපි සිහිපත් කරමු.
 
මේ මොහොතේ ඔවුන් නිහඬව සිටිය ද මේ භූමියට බොහෝ දේ එකතු වූයේ සේනානායකගේ මහා ප්‍රබල දම්වැල් පුරුක්වල සවියෙන් බව ඔවුන්ට අමතක වී ගොස් ඇති හැඩකි. 
 
මෙතෙක් මේ භූමියට නෑකම් කියූ බොහෝ දෙනා මේ භූමියට බිම් අඟලක් හෝ රැගෙන දුන්නා මිස මේ භූමියෙන් ඉඳි කට්ටක්වත් රැගෙන ගියේ නැත. ඔවුහු තම කාලය ශ්‍රමය ධනය සහ හදවත මේ පාසල වෙනුවෙන් පුද කළාවෝ ය.
 
 
තවත් කතන්දර අවශ්‍ය නැත.
 
මෙම භූමිය ලබාදීමට අප කිසිවෙකු එකඟ නැත. 
 
 
  
හොඳටම කරන ආකාරය මෙය නොවේ. 
 
 
 
මෙම ව්‍යාපෘතිය අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් බව අපි අවිවාදයෙන් පිළි ගන්නෙමු. වාහන අංගන නිර්මාණය විය යුතුය. සුඛෝපභෝගී නිවාස ඉදි විය යුතුය. එහෙත් පාසලකට සුඛෝපභෝගී නිවාස අත්‍යවශ්‍ය නැත. 
 
එබැවින් සුඛෝපභෝගී නිවාසයක පාසල් විදුහල්පතිවරයෙකුගේ නිල නිවාස හෝ නියෝජ්‍ය විදුහල්පතිවරුන්ට නිල නිවාස ලබාදීමෙන් ගැටළුවට පිළිතුරක් නොලැබෙන බව අපගේ විශ්වාසයයි.
 
සරලවම මේ ගලවන්නට හදන්නේ උපාලි සර්ගෙ, විතාන සර්ගෙ සහ පසුව සුමේධ මැඩම්ගේ ඉන්පසුව තව බොහෝ දෙනකුගේ නිල නිවාස පෙදෙසේ සිට ප්‍රාථමික අංශයේ වැසිකිලිය, සතුටු උයන සහ ඒ ආසන්නයෙන් ගොස් විද්‍යා අංශ දේශසීමාව දක්වා මෙම ව්‍යාපෘතිය යටතේ අත්පත් කරගන්නට උත්සාහ කරයි.
 
මේ සඳහා විකල්ප ක්‍රියාමාර්ග අවශ්‍ය තරම් ඇත. ඥානය බුද්ධිය අධ්‍යාපනය සහ ජාතික හැඟීම ඇති නිර්මාණාත්මක පුද්ගලයකුට සේනානායක භූමිය බලහත්කාරයෙන් අත්පත් කර ගන්නවට වඩා අපුරුවට මෙම කර්තව්‍යය කළ හැකි බව අපගේ විශ්වාසයයි.
 
කරුණාකර මෙම මංකොල්ලය නවත්වන්න.
 
පැණිවරකාවන්ට ද හෙන ගැසීමට ඉඩ තිබේ.
 
DS Doc
 
 
THE LEADER TV 
 
 
එන්නත් විජ්ජාවෙන් මහනුවර වැසියන් මරණිය අනතුරකට !
 

 
 
බැසිල් චීනෙට ගිහින් ?
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්