1200 x 80 DMirror
 
 

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ නීතිය නොව අවනීතිය බවත් ලොකු ලොක්කන් හමුවේ නීතිය බලුවන බවත් පෙන්වන උදාහරණයක් යාපනයෙන් වාර්තා වෙයි.

යාපනයේ නල්ලූර්හි වසාදමා ඇති අරසඩි පෙදෙසින් පිටතට පැමිණයයි පුද්ගලයින් පසු දෙනෙකු ඊයේ එනම් මැයි 31වනදා දින හතකට රිමාන්ඩ් කරන ලදී.
 
Rajapaksha law
 
මේ අතර කුරුණෑගල පොලීසිය තුළ සෙත් පිරිත් සංජායනාවක් පැවැත්වෙත්දී කුරුනෑගල නගරාධිපති වෙනුවෙන් උපන්දින සාදයක් පැවැත් වූ කිසිවකු අත්අඩංගුවට ගත්තේ නැත. එම සාදයේදී පොලිස් නිලධාරියකු ඇතුලු දේශපාලනඥයාගේ පිරිස මුහුණු ආවරණ රහිතවය.
 
එම නගරාධිපතිවරයාගෙන් පොලීසිය අඩුම වශයෙන් ප්‍රශ්ණ කරන ලද්දේවත් නැත.
 
Rajapaksha law4 
 
එමෙන්ම කොවිඩ් නීති කෙළෙසමින් තරු හතේ ෂංග්‍රිල්ලා හෝටලයේ සාදයක් පැවැත්වූ නිරෑපන ශිල්පියෙකු සහ ශිල්පිනියක ද ඇප පිට නිදහස් කරන ලද අතර ඊට සහභාගි සල්ලක්කාර විසිදෙනෙකුට විරුද්ධව කිසිදු පියවරක් ගෙනද නැත.
 
කොවිඩ් නීතිය බලපවත්වන්නේ සාමාන්‍ය ජනතාවට පමණක් බවත් දේශපාලන පංතියට සහ සල්ලිකාරයිනට ඒවා බල නොපවත්නා බවත් මෙමගින් යළිත් තහවුරු වී තීබේ.
 
මේ අතර කොවිඩ් නීති කැඩු බවට සාමන්‍ය ජනයා සිය ගණනින් අත්අඩංවට ගැනීම පොලීසිය දිගටම කරගෙන යයි.
 

 

 


 

THE LEADER TV 
 
 

සංචරණ නීති කඩමින් : අගමැති කැම්පේන්

 

 

එන්නත් විජ්ජාවෙන් මහනුවර වැසියන් මරණිය අනතුරකට !

 
 
logo

subscribeYT

subscribeYT

නවතම පුවත්