ඩී.එස්. සේනානායක විදුහලේ යෝජිත සංවර්ධන ව්‍යාපෘතිය තම විදුහලේ ඉල්ලීමක් මත සිදුකරනු ලැබුවක් බව එම විදුහලේ විදුහල්පති ප්‍රසන්න උඩමුහන්දිරම් පවසයි.

 
ආන්දෝලනයට ලක්ව ඇති ඉඩම සම්බන්ධ කාරණය ආරම්භ වූයේ, 2020 මැයි මාසයේ දී ඉදිරි සංවර්ධන කටයුතු සඳහා විදුහල විසින් ඉඩමක් ඉල්ලා සිටීමෙන් අනතුරුව බව ද විදුහල්පතිවරයා කියා සිටියි.
 
විදුහල්පතිවරයා නිවේදනයක් නිකුත්කරමින් එබව සඳහන් කර ඇත්තේ, ඩීඑස් විදුහලේ ඉඩමක් පවරා ගැනීමට ගැසට් නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත එල්ලවී ඇති විරෝධය හමුවේ කරුණු පැහැදිලිකරමිනි.
 
එම නිවේදනයට විදුහල් ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති ප්‍රසාද් වීරසේකර හා ලේකම් ප්‍රියන්ත සහබන්දු ද අත්සන් කර ඇත. 
 
කිංසි පාරට යාබදව ඇති ඉඩම විදුහලට ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියේ, විදුහල විසින් බවත් ඔවුන් අවධාරණය කර සිටිති.
 
 
 
විදුහලට සහය වීමට ජනාධිපතිවරයා ඉතාම කැමැත්තෙන් ඉදිරිපත් වුණු අතර විදුහල සතු කිසිම ඉඩමක් ආණ්ඩුවට අත්පත් කරගැනීමේ චේතනාවක් ජනාධිපතිවරයාට නොතිබුන බවද විදුහල්පතිගේ නිවේදනයේ සඳහන් වේ.
 
 
එහි ප්‍රථිපලයක් ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විදුහලට පැමිණි අතර මෙම සංවර්ධන කටයුත්ත සිදුකිරීම සඳහා විදුහල සතු ඉඩමෙන් කොටසක් ද අත්පත්කර ගැනීමට යෝජනා කෙරුණ බවද එම නිවේදනයේ සඳහන් වේ.
 
මෙම ව්‍යාපෘතියේ සැබෑ ප්‍රතිලාභියා වන්නේ විදුහල බැවින්, මෙම ගැසට් නිවේදනයෙන් විදුහලට ඉඩම් අහිමි වීමක් සිදු නොවන බවත් විදුහලට කිසිදු හානියක් නොවන බවත් ඔවුන් පවසති.
 
එබැවින් සියලුම පාර්ශවයන් සමග සාකච්ඡා කර ඉදිරි තීරණයන් ගන්නා බවට විදුහල්පති සහ ආදී ශිෂ්‍ය සංගමයේ ප්‍රධානින් දෙදෙනා සහතික වේ. 
 
 

WhatsApp Image 2021 06 01 at 6.33.53 PM

 
 
එයාලට එපා නම් මටත් එපා - ජනාධිපති දැඩි තින්දුවක !
 
 
 
කෙසේවුවද නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර පැවසුයේ, කොළඹ, ඩී.එස් සේනානායක විද්‍යාලයට අයත් ඉඩමක නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත්වීමෙන් ඉදිකිරීමට නියමිතව තිබු වාහන අංගනයක් සැකසීමේ ව්‍යාපෘත්තිය නවතා දැමීමට උපදෙස් දුන් බවයි. 
 
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ සංවර්ධන කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
 
"ඩී.එස් සේනානායක විද්‍යාලය සතු ඉඩම් කොටසක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට යනවා“ යැයි මාධ්‍ය ඔස්සේ පළ වු වාර්තා අසත්‍ය බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියාසිටියේය.
 
ඩී.එස් සේනානායක විද්‍යාලයට අයත් ඉඩම් කොටසක් සහ විද්‍යාලයට යාබඳව පිහිටා ඇති විහාරස්ථානය සතු ඉඩම් කොටස එකතු කර පචර්ස් 100ක භූමියක් පුරා එම ව්‍යාපෘතිය සිදුකිරීමට නියමිතව තිබු බව ද ඔහු සඳහන් කළේය.
 
 
“මේක මම හිතනවා ඩී.එස් සේනානායක විද්‍යාලයට ලබාගැනීමට තිබුණු ඉතාමත් වටිනා දැවැන්ත ව්‍යාපෘතියක්. මෙම ව්‍යාපෘතිය ගැන මුලින්ම විදුහල්පතිතුමාව සමඟ කතා කරලා. අපි විදුහලට ගියා. පසුව ඒ සැලසුම අපි සකස් කරලා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුත්ත තමයි අපි සිදුකළේ. එහිදි අපි කිව්වා මේ කටයුත්තට මේ ඉඩම ගන්නවා කියලා. මේක සම්පූර්ණ ව්‍යාපෘතියක් විදියට ක්‍රියාත්මක කරලා ඒකේ ප්‍රතිලාභ නැවත ඩී.එස් සේනානායක විද්‍යාලයට ලැබෙන විදියට තමයි නිර්මාණය කරන්න ගියේ.
 
 

 
 
 
ජනාධිපතිවරයා විසින් නිකුත්කර තිබු ගැසට් නිවේදනය මෙන්න 
 
 
 DS Doc

 

THE LEADER TV 
 
 

සංචරණ නීති කඩමින් : අගමැති කැම්පේන්

 

 

එන්නත් විජ්ජාවෙන් මහනුවර වැසියන් මරණිය අනතුරකට !

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්