වසංගත මර්දනයේ යෙදී සිටින සුව විරුවන්ගේ ඉල්ලීම්වලට බලධාරීන් නිසි විසදුම් ලබා  නොදීමට

විරෝධය පාමින් වෘත්තිය අරගලයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති විස්සකට අධික ප්‍රමාණයකින් සමන්විත සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව පියවර ගෙන තිබේ.

මාරාන්තික වසංගතය හමුවේ රටේ ජනතාව ලක්ව ඇති තත්වයෙන් මුදවා ගැනීමට නිශ්චිත සැලැසුමක් මත, දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක් අත්‍යාවශ්‍ය බව අවධාරණය කරන සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව පෙන්වා දෙන්නේ ඒ සදහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රැක ගැනීම හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම අත්‍යවශ්‍ය බවයි.
 
සෞඛ්‍ය සේවාව එම අවශ්‍යතාව සදහා පෙළගැස්වීම වෙනුවෙන් ඉල්ලීම් හා යෝජනා 15 සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත යොමු කරමින් මැයි 27 වැනිදා සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව දැනුම් දී තිබුනේ ජුනි 1 දිනට පෙර විසදුම් අපේක්ෂා කරන බවයි.
 
තවදුරටත් විසදුම් ප්‍රමාද වන්නේනම් ජුනි 3 වන දින තෝරාගත් සෞඛ්‍ය ආයතන කිහිපයක සේවයෙන් බැහැරවීමේ සංකේතාත්මක වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවට සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චිට අනතුරු අඟවා තිබුනි.
  
සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව පෙන්වා දෙන්නේ සිය ඉල්ලීම් වලට විසදුම් ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් මේ මොහොත දක්වා අසමත් වී ඇති බවයි.
 
ඒ අනුව යාපනය, මඩකලපුව, අනුරාධපුර, පේරාදෙනිය, කළුබෝවිල, කරාපිටිය, රත්නපුර යන ශික්ෂණ රෝහල් හා මහනුවර ජාතික රෝහල මෙන්ම  ශ්‍රී ලංකා ජාතික රෝහලේ ජුනි 03 වැනිදා උදෑසන හතේ සිට දහවල් 12 දක්වා සේවයෙන් ඉවත් වීමටත් මුළු දිවයිනම ආවරණය වන පරිදි සියලු එදින  රෝහල් ඉදිරිපිට දහවල් 1200 සිට 12.30 දක්වා නිහඩ විරෝධතාවයක් පැවැත්වීමටත් සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව තිරණය කර තිබේ.
 
 
 
ඉල්ලීම් 15 මෙන්න :
 
සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටි ඉල්ලීම් පහත පරිදිය.
 
 
01. Covid-19 මර්දන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ මුලිකත්වයෙන් වෘත්තිය සමිති කමිටුවක් පත් කිරීම සහ තීන්දු ගැනීමට අත්‍යවශ්‍ය වු විට ඊට සෞඛ්‍ය ලේකම්තුමාගේ සහභාගීත්වය ලබා දීම,
 
02. වසංගතයෙන් ආරක්ෂා වීම සදහා N95 මුව වැසුම්, ආරක්ෂිත ඇදුම් ආදී පහසුකම් සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා අඛණ්ඩව ලබා දීම,
 
03. රෝහල් Covid කමිටු සදහා වෘත්තිය සමිති නියෝජිතයන් පත් කිරීම සහ වෘත්තිය සමිති සහභාගීත්වයෙන් යුතු රෝහල් උපදේශන කමිටු නැවත ක්‍රියාත්මක කිරීම,
 
04. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ මගින් ලබා දී ඇති පරිදි ගර්භනී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විශේෂ නිවාඩු ලබාදීම,
 
05. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ප්‍රකාරව සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට විශේෂ නිවාඩු ලබා දීම,
 
06. රජය ප්‍රකාශයට පත් කරන විශේෂ රජයේ නිවාඩු දින සදහා රාජකාරියට වාර්තා කරන කාර්ය මණ්ඩලයට නිවාඩු දින දීමනා ගෙවීම,
 
07. සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සදහා ප්‍රවාහන පහසුකම් විධිමත්ව හා නොමිලේ ලබා දීම,
 
08. කාර්ය මණ්ඩලවලට Covid-19 ආසාදනය වු විට ප්‍රතිකාර ලබා දීම සහ නිරෝධායනය වීම සදහා විධිමත් ක්‍රමවේදයක් සැකසීම,
 
09. සේවයට වාර්තා කිරීමට විශේෂ අපහසුතා ඇති කාර්ය මණ්ඩල සදහා ආසන්නතම රෝහලක/සෞඛ්‍ය ආයතනයක සේවයට වාර්තා කිරීමට ඉඩ ලබා දීම,
 
10. ආදේශක/අනියම් සෞඛ්‍ය කාර්ය සහයකයන් සදහා විශේෂ නිවාඩු දින හා නිරෝධායන කාල සීමාවන්ගේදී දෛනික වැටුප් ලබා දීම,
 
11. සියලු කාර්ය මණ්ඩලවලට බදවා ගැනීම්, පුරප්පාඩු පිරවීම කඩිනමින් සිදු කිරීම,
 
12. අනියම් හා ආදේශක සෞඛ්‍ය කාර්ය  සහයකයන් ස්ථිර කිරීම,
 
13. සියලු කාර්ය මණ්ඩල වලට ගෙවන අතිකාල, නිවාඩු දින දීමනා, ඇමතුම් දීමනා, සීමාවන් ඉවත් කිරීම,
 
14. Covid-19 රාජකාරී සිදු කරන සියලු කාර්ය මණ්ඩල සදහා ක්‍රමවත් ලෙස ආහාර සැපයීම සහ සංචරණ සීමා පවතින දින වලදී, සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ආහාර සපයා ගැනීම සදහා විධිමත් සහනදායි වැඩපිළිවෙලක් ස්ථාපිත කිරීම,
 
15. Covid වසංගත තත්වය යටතේ අවධානම් හා දුෂ්කර සේවාවන් සැපයීම වෙනුවෙන් සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා විශේෂ දීමනාවක් ලබාදීම,
 
  
පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය, රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය, රජයේ සෞඛ්‍ය කළමණාකාර සහකාර නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය, ප්‍රගතිශීලි සෞඛ්‍ය සේවා සංගමය, රසායනාගාර සහාය සේවා නියුක්තිකයන්ගේ සංගමය, ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය, සෞඛ්‍ය සේවා අරක්කැමි සංගමය, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා රියදුරු සංගමය, සුවසේවා එක්සත් දුරකථන ක්‍රියාකරු සංගමය, කාර්යාල කාර්ය සහායක සංගමය, ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමය, රජයේ සෞඛ්‍ය සේවා දුරකථන ක්‍රියාකරුවන්ගේ සංගමය, එක්සත් ශ්‍රී ලංකා රජයේ සුව සේවා සංගමය, විදුලිසෝපාන ක්‍රියාකරුවන්ගේ සංගමය, ජනරජ ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සමිතිය, පොදු සේවක සංගමය, නිදහස් පොදු සේවක සංගමය, රජයේ සෞඛ්‍ය සේවා දුරකතන ක්‍රියාකරුවන්ගේ සංගමය, යන වෘත්තිය සමිති සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව නියෝජනය කරයි.
 
 
සබැඳි පුවත් :
 

 

THE LEADER TV 
 
 

රට බේරගන්න ආ ලොක්කන්ගෙන් ජනතාව බේරගන්න සුවවිරුවන් සටනට !

 

සංචරණ නීති කඩමින් : අගමැති කැම්පේන්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්