1200 x 80 DMirror
 
 

නිරෝධායන නීති කඩකරමින් පසුගිය 30 දා රාත්‍රී කොළඹ තරු හතේ ෂංග්‍රිල්ලා හෝටලයේ පැවති උපන්දින සාදය සම්බන්ධ සිදුකෙරෙන විමර්ශන කටයුතු වහාම ක්‍රියාත්මකවන පරිදි කොළඹ අපරාධ කොට්ඨාසය (CCD)
වෙත පවරා තිබේ. 
 
මෙතෙක් ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරනු ලැබුවේ කොටුව පොලිස් ස්ථානය විසිනි. ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ අධීක්ෂණය යටතේය.
 
(30) රාත්‍රියේ උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් 31දා  පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ව සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදාහැර හරිනු ලැබිය. 
 
ඒ අතිරේක මහේස්ත්‍රාත් සී.එච්.යූ ලියනගේ ඉදිරියේ ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීය. 
 
 
 
ෂැංග්‍රිල්ලා පරිපාලකයින් නිදැල්ලේ !
 
 

Shangri La Hotel Colombo Sri Lanka          තරු හතේ ෂැංග්‍රිල්ලා හෝටලය 

 
 
මෙම සිද්ධියට අදාල විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) වෙත පැවරීමත් සමග මෙම සිද්ධියට අදාල සියලුදෙනා අත්අඩංගුවට ගෙන යලිත් ප්‍රශ්න කිරීමට තීන්දු කර ඇතිබව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් ගණන 15ක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.
 
ඊයේ සහ අද අත්අඩංගුවට පත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 11ක් සහ කාන්තාවන් 2ක් වන බවත්, ඔවුන් අද (02) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
 
සාදයට සහභාගී වු සෙසු පිරිස සොයා මේ වන විට පරීක්ෂණ සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
 
කෙසේවුවද මෙම සිද්ධියේ දී රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිට එරෙහිව මෙන්ම, නිරෝධායන නීති කඩකරමින් උපන්දින සාදයක් පැවැත්වීමට අනුමැතිය ලබා දුන් කොළඹ ෂංග්‍රිල්ලා හෝටලයේ අදාල බලධාරීන්ට එරෙහිව පොලිසිය නිසිපරිදි කටයුතු කර නැතැයි සමාජ මාධ්‍ය ඔස්සේ ආණ්ඩුවට බලවත් විරෝධයක් එල්ලවෙමින් තිබේ.
 
 
 
190456652 2127866820687088 3614714727925123416 n                      සමාජ මධ්‍යයේ පලවී තිබු පොස්ටුවක්.
 
 
චන්දිමාල් ජයසිංහගේ රියැදුරාට 12,500ක දඩයක්
 
 
 
මේ අතර නිරෝධායන නිති උල්ලංඝණය කළ බවට චෝදනා එල්ලවී ඇති රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ රියැදුරා අන්තරාදායක ලෙස රිය පැදවීමේ චෝදනාවට රුපියල් 12,500ක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ආර්. බණ්ඩාර නෙළුම්දෙණීය නියම කළේය.
 
අන්තරාදායක ලෙස රිය පදවා පදික මාරුවකදී අනුගමනය කළ යුතු නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම හේතුවෙන් මෝටර් වාහන පනත ප්‍රකාරව වරදක් කළැයි කෙසෙල්වත්ත පොලීසිය අධිකරණයට ගොනු කර තිබූ චෝදනාපත්‍රයට වරද පිළිගත් මෙම චූදිතට මහේස්ත්‍රාත්වරයා එලෙස දඩ නියම කළේය.
 
මෙලෙස දඩ නියම වූයේ කලපලූවාව රාජගිරියේ පදිංචි නිමේෂ් දිල්ෂාන් බස්නායක නමැත්තාටය.
 
කොළඹ සුපිරි හෝටලයකදී උපන්දින සාදයක් පවත්වා නිරෝධායන නිති උල්ලංඝණය කළ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහව කොටුව පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණය වෙත පෙනී සිටින ලෙසට නියම කර තිබූ අතර ඔහු ඉකුත් 31 වැනිදා අධිකරණයේ පෙනී සිට නැවත පිටත්ව යන අවස්ථාවේදී ඔහුගේ රියැදුරා මෙම රථවාහන වරද සිදුකර ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.
 
 
THE LEADER TV 
 
 

විමල් රුසියා යද්දී අමරසේකරගෙන් ජනාධිපතිට ඉන්ජෙක්ෂන් එකක්!

 

රට බේරගන්න ආ ලොක්කන්ගෙන් ජනතාව බේරගන්න සුවවිරුවන් සටනට !

 

subscribeYT

subscribeYT

නවතම පුවත්