රට ආරක්‍ෂා කරන බව කියා බලයට පැමිණි කණ්ඩායම රට විනාශ කරන මාවතකට ඇදගෙන යමින් තිබෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති.
වත්මන් රජය ගැන ජනතාවගේ සිත් තුළ ගොඩනැගී තිබූ සියලු බලාපොරොත්තු සුණු විසුණු වී ගොස් රට තුළ ඉතා අවිනිශ්චිත පරිසරයක් ඇතිවෙමින් තිබෙන බව ද උන්වහන්සේ සඳහන් කළහ.
 
‘යහපාලනය’, ‘සෞභාග්‍යයේ දැක්ම’ ආදී කුමන තේමාවකින් බලයට පැමිණියත් ඒ රජයන් කර ඇත්තේ පාවාදීම් පමණක් බව කී කාදිනල්තුමන්, දැන්වත් මේ ගමන නැවැත්විය යුතුව ඇතැයි ද කීහ.
 
කාදිනල්තුමන් මේ බව පැවසුවේ බොරැල්ලේ පිහිටි අගරදගුරු නිල නිවසේදී අද (2) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
 
 

Cadinal P image 2021

 
 
වර්තමානයේ රට පවතින තත්වය සම්බන්ධයෙන් කණගාටු වන බව කී කොළඹ අගදරගුරුතුමෝ රට ගමන් කරන්නේ කුමන දිශාවකටද, රටේ තීන්දු තීරණ ගන්නේ සහ පාලනය කරන්නේ කවුද යන්න ගැන ගැටලුවක් මතුව තිබෙන බව ද පැවසූහ.
 
 
තිබෙන සම්පත් විකුණාදැමීම පහසු නමුත් දියුණුව යනු රටේ සම්පත් සියල්ල විකුණා දැමීම නොවන බවත්, මේ අවස්ථාවේ රටේ භූමිය වෙනත් රටවලට පූජා කරන්නට එපා යැයි රජයෙන් ඉල්ලා සිටින බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.
 
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එදා දැඩි විරෝධය දැක්වූ කණ්ඩායම දැන් බලයට පැමිණ ඊටත් වඩා දරුණු ලෙස කටයුතු කරමින් සිටින බව කී කොළඹ අගරදගුරුහිමියන්, රට තුළ ඒකාධිපතිවාදයකට හෝ බොරු කියා ගේම් ගසන ආකාරයේ වාදයකට ඉඩදිය නොහැකි බව ද පැවසූහ.
 
ආණ්ඩුවක් තීරණ ගත යුත්තේ ධනවතුන්, බලවතුන් හෝ විදේශ රටවල් පැත්තේ සිට නොව ජනතාව ගැන සිතා බවත්, දැහැමි ප්‍රතිපත්තිගරුක, විනිවිද පෙනෙන පාලනයක් වෙනුවට ටිකෙන් ටික රට බිලිගන්නා මෙම දූෂිත පාලන ක්‍රමයෙන් රට විනාශ වනු ඇතැයි ද සඳහන් කළහ.

 

 

THE LEADER TV 
 
 

විමල් රුසියා යද්දී අමරසේකරගෙන් ජනාධිපතිට ඉන්ජෙක්ෂන් එකක්!

 

රට බේරගන්න ආ ලොක්කන්ගෙන් ජනතාව බේරගන්න සුවවිරුවන් සටනට !

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්