සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් ප්‍රභේද හඳුනාගෙන ඇති රටවලින් සංචාරකයින් ගෙන්වීම නවත්වන ලෙස විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා රජයෙන් ඉල්ලා සිටියි.


දින 14ක් පුරා වසා දමා තිබු මෙරට ගුවන් තොටුපොළවල් ඊයේ (01) සිට යළි සංචාරකයින්ට විවෘත කෙරිණි.

මේ අතර දකුණු අප්‍රිකානු රටවල ඉතා දරුණු කොවිඩ් වෛරසය ප්‍රභේදයක් පැතිරයමින් ඇති බවට වෛද්‍යවරු අනතුරු අඟවති.

එසේවුවත් දකුණු අප්‍රිකානුවන්ට මෙරටට පැමිණීමට මෙතෙක් තහනමක් නොවන අතර ඉන්දියාවේ සහ වියට්නාමයේ සිට පැමිණෙන ගුවන් මගීන් සඳහා පමණක් තාවකාලික තහනමක් ක්‍රියාත්මක වේ.

එවන් තත්ත්වයක් තුළ රට තුළට දකුණු අප්‍රිකානුවන් ගෙන්වීම සැබවින් ම අනතුරුදායක තත්ත්වයක් බව, අද (02) දහවල් විකාශය වු 'අද දෙරණ'  "BIG FOCUS"වැඩසටහනට එක්වෙමින් මහාචාර්ය අර්ජුන ද සිල්වා සඳහන් කළේය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මහාචාර්යවරයා මෙසේද පැවසිය.

 

“ගුවන් තොටුපොළ ඇරලා තියෙනවා. වැඳලා කියන්නම්. ප්‍රභේද තියෙන රටවලින් ගෙන්නන් නෑ. හැබැයි දකුණු අප්‍රිකාව ඒ ලිස්ට් එකට දාලා නෑ. ඇත්ත වශයෙන් ම රෙඩ් ලිස්ට් එකක් කියලා තියෙනවා හුඟක් රටවලට. ඒ ලිස්ට් එකම අපිටත් පාවිච්චි කරන්න පුළුවන්. අනෙත් එක තමයි උදාහරණයක් වශයෙන් එංගලන්තය, චීනයේ රටවල මිනිස්සුන්ට මේක නෑ. එංගලන්තේ ඔක්කෝම එන්නත් කරලා තියෙන්නේ. ඒ රටවලින් විතරක් සංචාරකයින් ගේන්න දැනට. අනෙක් රටවලින් ගේන්න එපා කියලා බැගෑපත්ව ඉල්ලීමක් කරනවා."





'රුසියානු සංචාරක බුබුල නැවත අරඹනවා'- උදයංග

මේ අතර ජනාධිපතිවරයාගේ සමීපතම ඥාතියකු වන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසන්නේ, ජූලි මාසය තුළ නැවතත් රුසියානු සංචාරක බුබුල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි. 

ශ්‍රී ලංකාවට කිසිම විටෙක සංචාරක ව්‍යාපාරය නැතිව ඉදිරියට යා නොහැකි බව ද ඔහු කියා සිටියි.

කොරෝනා වසංගතය ජයගැනීමට වෙර දරනු සේම සංචාරක ව්‍යාපාරයද කඩා වැටෙන්න නොදී ජයගත යුතු බවද ඔහු සඳහන් කරයි.

එසේ නැතිව සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ලක්ෂ ගණනක පිරිසගේ ජිවිකාවට කුමක් වන්නේදැයි ඔහු ප්‍රශ්න කරයි.
තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.


Screenshot 2021 06 02 at 8.23.10 PM

 ####################

THE LEADER TV 

විමල් රුසියා යද්දී අමරසේකරගෙන් ජනාධිපතිට ඉන්ජෙක්ෂන් එකක්!

රට බේරගන්න ආ ලොක්කන්ගෙන් ජනතාව බේරගන්න සුවවිරුවන් සටනට!

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්