ප්‍රකට රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දිනය වෙනුවෙන් කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේ පැවති ආන්දෝලනාත්මක සාදයට දේශපාලන ප්‍රබලයකු ද සහභාගී වී සිටි බව ඇතැම් සමාජ මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. 


පියුමි හංසමාලි විසින් ඊයේ (02) පස්වරුවේ නිකුත්කල ෆේස්බුක් ලයිව් වීඩියෝව සම්බන්ධයෙන් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනෙක් අදහස් පලකරමින් කියා සිටියේ, චන්දිමාල්ගේ උපන්දින සාදයට කොළඹ ශැන්ග්‍රිලා හෝටලය වෙන්කර දුන් සහ එදින උත්සවයට සහභාගි වූ දේශපාලන ප්‍රබලයෙකු ආරක්ෂාකිරීමට බලවතුන් දරණ උත්සාහයට විරෝධය පා පියුමි හංසමාලි ඇතුලු පිරිස විසින් මෙම විඩියෝව නිකුත් කර ඇති බවයි.


කෙසේවුවද පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ එම කටකතාවල සත්‍යයක් නොමැති බවයි.


WhatsApp Image 2021 06 03 at 8.18.50 AM


පස්සර නිරෝධායන මධ්‍යස්ථානයක් කරා රැගෙන යමින් සිටියදී ෆේස්බුක් හරහා සජීවි විඩියෝවක් නිකුත් කල නිරුපණ ශිල්පිනි පියුමි හංසමාලි, තමන් ඇතුලු පිරිස ජනාධිපති ගෝටාබය රාජපක්ෂට ඡන්දය දුන් බවත් ඒත් දැන් රට පාලනය කරන්නේ කුඩුකාරයන් බවත් කියා සිටියාය.

 
නිරෝධායනය කරන පිරිස රැගෙන යන බස්රථයේ සිට සජීවි වීඩියෝවක් නිකුත් කල පියුමි හංසමාලි, ''ජනාධිපතිතුමනි අපි ඔයාට චන්දෙ දුන්නා. මේව හරි අසාධාරණ වැඩ. අපව ‘ඩොටේ’ තියන නිරෝධායන මධ්‍යස්ථානයකට යවනවා. අපිට එක විදිහකටත් දේශපාලන බලවතුන්ට තව විදිහකටත් සලකන්නේ. ගරු ජනාධිපතිතුමනි මේව හොයල බලන්න. මේව හරි අසාධාරණ වැඩ” යනුවෙන් පැවසුවාය.


Screenshot 2021 06 03 at 10.07.51 AM

සමාජ මාධ්‍ය සටහන් 

මේ අතර චන්දිමාල් ජයසිංහ හා පියුමි හංසමාලි විසින් තමන්ට අත්වූ ඉරණම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහන් කිහිපයක් පළකර තිබේ.


WhatsApp Image 2021 06 03 at 8.31.57 AM 1


WhatsApp Image 2021 06 03 at 8.31.57 AM

 

THE LEADER TV 

මේරි කොම් පරදී : නාමල් අගමැති!



විමල් රුසියා යද්දී අමරසේකරගෙන් ජනාධිපතිට ඉන්ජෙක්ෂන් එකක්! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්