අනාගතයේදී විද්වතුන් සහ බලධාරීන් එකඟත්වයෙන්, එකමුතුවෙන් හා සමගියෙන් කටයුතු කළ හැකි නම්
මේ මහා ව්‍යසනයෙන් රට මුදවාගත හැකි බව හිටපු කතානායක කරු ජයසූරිය පවසයි. 
 
 සිදු වෙමින් තිබෙන විනාශය දැන්වත් තේරුම් ගනිමින් හෙට දවස හෝ මීට වඩා යහපත් කිරීම සඳහා අප සියළු දෙනාම පෙරට ආ යුතු බවද ඔහු අවධාරණය කර සිටියි.
 
'සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ' සභාපති කරු ජයසූරිය එබව සඳහන් කර සිටියේ, අද (03) දින පැවැත් වූ පුවත්පත් සාකච්ඡාවේදීය. 
 
හුදු විවේචන හා දෝෂාරෝපණයන් සිදු කිරීම තම සංවිධානයේ අරමුණ නොවෙතත් පවතින යතාර්ථය තේරුම් ගනිමින් එය පෙන්වා දීම තමන් සතු යුතුකමක් හා වගකීමක් ලෙස සලකන බව පෙන්වාදෙමින් ඔහු මෙසේද සඳහන් කළේය.
 
 
 
''රටේ වර්තමාන තත්ත්වය ගැන සුළුවෙන් තැකිය යුතු නැහැ''
 karu 
 
''රටේ වර්තමාන තත්ත්වය ගැන සුළුවෙන් තැකිය යුතු නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා එම බියකරු තත්ත්වය ගැන අපිව දැණුවත් කර තිබෙනවා. ඒ නිසා රටක් වශයෙන් අප ගත කරන්නේ ඉතාමත්ම වගකීමකින් හා කාර්‍යක්ෂමව කටයුතු කළ යුතුව ඇති කාල වකවානුවකයි. 
 
නමුත් එවැනි පරිසරයක් රටේ දකින්නට තිබෙනවාද එම වසංගතයේ ඇති බිහිසුණු බව හා ඒ මඟින් ඇති කරන ප්‍රතිවිපාක පිළිබඳව අවබෝධයක් තිබියදීත් රටක් ලෙස අප වගකීමකින් යුතුව කටයුතු කර තිබෙනවාද? 
 
අද වනවිට අප මුහුණ දෙමින් සිටින අවාසනාවන්ත තත්වයට ගොදුරු නොවී මෙම වසංගතය මෙයට වඩා සාර්ථකව මර්ධනය කිරීමට අපට ඉඩකඩ නොතිබුණාද? 
 
ඇත්ත වශයෙන්ම ඒ ගැන අප අපගෙන්ම විමසිය යුතුව ඇතත්, රටක් ලෙස අප කර ඇති පසුගිය වැරදි පමණක් කතා කිරීමෙන් මෙම අනතුර ජයගැනීමට නොහැකි වුවත්, ඒවා තේරුම් නොගෙන ඒ වාගේම ඒවායින් පාඩම් ඉගෙන නොගෙන අපට යතාර්ථයට මුහුණ දිය නොහැකියි. 
 
 
ඒ නිසා මෙම සිදු වෙමින් තිබෙන විනාශය දැන්වත් තේරුම් ගනිමින් හෙට දවස හෝ මීට වඩා යහපත් කිරීම සඳහා  අප සියළු දෙනාම පෙරට ආ යුතුයි.
 
 
එකමුතුබව හා සමගිය:
 
අපට උපදෙස් ලබා දෙමින් දිරිමත් කරන දේශීය හා විදේශීය ශ්‍රී ලාංකික විද්වතුන්ගේ මතය වූයේ රට අවම වශයෙන් දෙසතියකට හෝ අනිවාර්යෙන් වැසිය යුතු බවයි. 
 
අප දන්නා පරිදි රජයට ද එම උපදෙස් ලබා දී තිබුණා. නමුත්, එම  අවස්ථාවේදී බලධාරීන් එම වටිනා උපදෙස් පිළි ගත්තේ නැහැ. නමුත් දැන් ජනාධිපතිවරයා ඇතුළු සියලු බලධාරීන් එක මතයකට පැමිණීම ඉතාමත්ම වැදගත් ප්‍රවණතාවයක් ලෙස අපි දකිනවා. 
 
අනාගතයේදී විද්වතුන් සහ බලධාරීන් එකඟත්වයෙන්, එකමුතුවෙන් හා සමගියෙන් කටයුතු කළ හැකි නම් මේ මහා ව්‍යසනයෙන් රට මුදවාගත හැකි බව අපේ විශ්වාසයයි.
 
 
පසුගිය අප්‍රේල් මාසයේදී අපගේ බුද්ධි මණ්ඩලය විසින් වැදගත් කරුණු කිහිපයක් බලධාරීන්ට යෝජනා කළා. 
 
 
 
එන්නත් ලබාදීම :
 
vaccine
 
 
 
# පළමුව වැඩිම PCR පරීක්ෂණ ප්‍රමාණයක් පැවැත්වීම 
 
ලෝකයේ සමහර රටවල් බුද්ධිමත්ව දීර්ඝකාලීන වැඩසටහනක් සහිතව ක්‍රියා කළ ආකාරයට අවුරුදු 10 ට වැඩි සෑම ශ්‍රී ලංකික පුද්ගලයෙක්ටම දෙසැම්බර් 31 වනදාට පෙර එන්නත් ලබාදීම. මේ සඳහා අවශ්‍ය වන්නේ එන්නත් මිලියන 30 කි. (මිලියන 15x2) 
 
අපි දැනටමත් චීනයෙන් එන්නත් මිලියන 15 ක් සහ රුසියාවෙන් මිලියන 15 ක් ලබා ගැනීමට ඇණවුම්  ලබාදී තිබෙනවා. 
 
ඊට අමතරව COVAX GLOBAL ව්‍යාපෘතිය තුළ තවත් එන්නත් මිලියන 1.2 ක් ලැබීමට නියමිතය. මේ සඳහා අවශ්‍ය පූර්ණ මුදල ශ්‍රී ලංකා රජය සතුව තිබෙනවා. 
 
පෙරේදා රාත්‍රී වන විට රටට ලැබුණු එන්නත් ප්‍රමාණය වනුයේ  
 
1.      ඇස්ට්‍රා සෙනිකා -  එන්නත් මිලියන 1.2650
 
2.      ස්පූටිනික් V  - එන්නත් 50000
 
3.      සයියනාෆාම් - එන්නත්  739399
 
 
ඉදිරි දින කිහිපය තුළ සයිනොෆාම් හා ස්පූටිනික්  එන්නත් විශාල සංඛ්‍යාවක් ලැබීමට නියමිත හෙයින් රජයේ එන්නත් වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කළ හැක. නමුත් එය දේශපාලන ඇඟිලි ගැසීම්  වලින් තොරව විද්‍යානුකූලව සිදුකළ යුතුය.
   
සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මතය වන්නේ දිනකට එන්නත් 100,000 ක් පමණ ලබාදීමට හැකි ශක්තිය සහ හැකියාව  ඔවුන් සතුව ඇති බවයි. එහෙයින් විශ්වාසයෙන් යුතුව දීර්ඝකාලීන සැලැස්මක් ඇතිව ක්‍රියා කළ හැකිනම් 2021 දෙසැම්බර් 31 වන විට සෑම දෙනෙකුටම එන්නත් ලබාදීම පහසුවෙන් නිම කළ හැකි බව විද්වත් මතයයි.
 
විද්වතුන් හා බලධාරීන් එක්ව ලොක්ඩවුන් කාලය ජුනි 14 දා දක්වා දීර්ඝ කළ බවට වාර්තා වුණා. දේශපාලන තීරණ වෙනුවට සියලුම පාර්ශව එකතුව මෙවැනි තීරණයක් ගැනීම යෝග්‍යයි. නමුත් මේ තීරණ සඳහා තවමත් සතියක් පමණ පැරණි දත්ත උපයෝගී කර ගැනීම ඵල රහිත බව අපගේ හැඟීමයි.  
 
Kandy 
 
එමෙන්ම නුවර ප්‍රදේශයේ දී "ස්පුට්නික්" එන්නත පාවිච්චිය පිළිබඳ මත දෙකක් ප්‍රකාශ වී තිබේ. රජය තුළින්ම පරස්පර මත ප්‍රකාශ වීම මහජනයා නොමඟ යැවීමටත්, රජයේ ආධිපත්‍යය ටත් හානිකර වේ. මෙය වහාම නිවැරදි කළ යුතුයි.
 
ඉන්පසු අප විද්වත් මතය වනුයේ අප කලින් යෝජනා කළ පරිදි අවුරුදු 10 ට වැඩි සෑම පුරවැසියෙකුම දෙසැම්බර් 31 වනදාට පෙර එන්නත් කරණයට ලක් කිරීමය.
 
බුද්ධිමත් රාජ්‍යයන් හා රාජ්‍ය නායකයන් සිය රටවල් යථා තත්ත්වයට පත් කර ගත්තේ මේ ආකාරයෙනි.
 
 
 
# රජයේ කාබනික පොහොර ප්‍රතිපත්තිය:
 
ශ්‍රී ලංකාවේ කාබනික පොහොර භාවිතය පිළිබඳ ජනාධිපතිවරයා විසින් දැඩි තීන්දුවකට එළඹ ඇති නිසා එය වෙනස් කිරීමට අපට හැකියාවක් නැතත්, මෙසේ 20 වන ව්‍යවස්ථාවේ බලතල හා 3/2 බලතල ඇතිව එතුමා ගත් තීරණ කොතෙක් දුරට යථාර්ථවාදී ද යන්න ගැන අප විද්වත් කණ්ඩායමේ අදහස් දැක්වීමට කැමතියි.
 
අපත් ඇතුළුව ලංකාවේ බහුතරයක් කාබනික පොහොර භාවිතය ඉතා වැදගත් හා උතුම් ක්‍රියාවක් ලෙස දකිනවා. නමුත්, ලෝකයේ කිසිම රටක් මේ ආකාරයට හදිසි තීරණ ගෙන සති කිහිපයකින් බලපවත්වන ආකාරයට පොහොර භාවිතය සම්බන්ධව  ප්‍රතිපත්ති සකස් කර නැහැ. විද්‍යාත්මක මතය වනුයේ සාර්ථක කාබනික පොහොර භාවිතයට රටක් යොමු කිරීමට අඩුම වශයෙන් අවුරුදු 5 ක් වත් අවශ්‍ය බවයි.
 
මීට අමතරව ඇතැම් විදේශ රටවලින් කාබනික පොහොර ආනයනය කිරීම සඳහා ද සැලසුම් සකස් කර ඇති බව වාර්තා වී තිබෙනවා. එය රටට විශාල වශයෙන් හානි වීමට ඉඩ තිබෙනවා.
 
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනගහනයෙන් බහුතර පිරිසකගේ ජීවනෝපාය වනුයේ කෘෂිකර්මයයි. අප මෙතරම් මේ තීරණය යථාර්තවාදීව ගන්නා ලෙස රජයට කියන්නේ මේ අවුල  නිසි පරිදි විසඳා නොගතහොත් මේ රට ලේ විලක් වීමට ඉඩ තිබෙන බව දැණුම් දීම අපගේ   යුතුකමක් නිසයි. 
 
මේ හදිසි තීරණය පිළිබඳව ජනතාව තුළ දැඩි විරෝධයක්  ඇතිවීම  මෙන්ම ඔවුන් කුපිත වී ඇති බව ද දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වෙමින් තිබෙනවා.
 
එම නිසා බලධාරීන්ට අප නැවතත් කියන්නේ ඉවසීමෙන් යුතුව කෝවිඩ් වසංගතය  විසඳීමට වියතුන්ගේ අදහස් ලබාගත් ආකාරයට පොහොර  ප්‍රතිපත්තිය සැකසීම සඳහා ද ගොවීන්ගේ හා ඊට අදාළ සියලු පාර්ශවයන් වල අදහස්, යෝජනා සහ උපදෙස් ලබාගෙන නව ප්‍රතිපත්ති මාලාවක් සකස් කර රට තවත් විනාශයකින් බේරා ගන්නා ලෙසයි. 
 
 
 
# එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ඇති වූ මහා පරිසර විනාශය:
 
 express pearl ship 
 
රටක් ලෙස අප එක්සත්ව මුහුණ දිය යුතුව ඇති දැවැන්ත අභියෝගයක් අප ඉදිරියේ තිබියදී ඊට අදාළව බුද්ධිමත් ලෙස තීන්දු තීරණ ගත යුතුව ඇති වාතාවරණයක අහක යන ඛේදවාචක වලට පවා අත වනන තත්වයකට අපේ රට පත්ව තිබෙනවා. 
 
විය හැකි අනතුර දැන දැනම වගකීම් විරහිතව කටයුතු කරමින් මහා විනාශයන් රට තුළට කැඳවන තත්වයට අපේ රට පත්ව ඇති බවක් පෙනී යනවා. 
 
විදේශීය රටවල් දෙකක බලධාරීන් විසින් තම වරායන් තුළට ඇතුළු වීමට ප්‍රතික්ෂේප කර ඇති නැවක් අපගේ වරාය සීමාවට පැමිණීම සඳහා ඉඩකඩ ලබා දෙමින් සිදු කරගෙන ඇති මහා විනාශය අද අප අත්විඳිමින් තිබෙනවා.
  
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ඇති වූ මහා විනාශය ඉදිරි පරම්පරා ගණනාවකට බලපාන බව අද විද්වතුන්ගේ මතයයි. රජය මේ ගැන දීර්ඝ පරීක්ෂණයක් කළ යුතුව ඇති අතර එය නැව් කටයුතු පිළිබඳ දැනුමක් ඇති විද්වතුන් විසින් කළ යුතුයි. 
 
මෙහිදී දේශපාලකයින්ට අතපෙවීමට ඉඩ නොදිය යුතුයි. 
 
එමෙන්ම මේ ආකාරයේ ඛේදවාචකයන්ගෙන් පවා ප්‍රයෝජන ගන්නා ගජ මිතුරු බලවේග වලට මෙම ඛේදවාචකය ද වසන්තයක් කරගැනීමට කිසිදු ඉඩක් නොතැබිය යුතුයි.
 
ඇමරිකාව මීට අවුරුදු කිහිපයකට පෙර ප්‍රසිද්ධ තෙල් සමාගමකින් ඩොලර් බිලියන 4ක් ලබාගත් බවට වාර්තාවුනා. මෙහිදී ජාවාරම්කරුවන්ට මේ සඳහා මැදිහත් වීමට ඉඩ නොදීමට බලධාරීන් වගබලා ගත යුතුයි.''
 
 

 

 


 

THE LEADER TV 

 

පොලිස් ඇමති පියුමිට අමතලා!

 

 

සාපය | The Leader TV

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්