වත්මන් අර්බුදය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටවැසියන් පමණක් නොව ජනාධිපති ප්‍රමුඛ රාජපක්ෂවරුන්ද බරපතල අනතුරකට
මුහුණ දී සිටින බව හිටපු අමාත්‍ය මංගල සමරවීර අවධාරණය කර සිටියි.
 
අද දැඩි සමාජ අර්බුදයකට අප තල්ලු වෙමින් පවතින බවත් ඒ නිසා බෙදී වෙන් නොවී ප්‍රජාත්‍රන්තවාදය, නිදහස, සාමානත්වය රැකගෙන එක් විය යුතු බවත් නැතිනම් මේ හිඩැස පිරවීමට අපි නොහිතන බලවේගයන් මතු විය හැකි බවත් ඔහු පවසයි. 
 
ඔහු මෙම අනතුරු ඇඟවීම කර සිටියේ, ඊයේ (02) රාත්‍රී විකාශයවු අන්තර්ජාල සාකච්ජාවකට සහභාගිවෙමිනි. 
 
'ණය අර්බුදය හා හෙට දවසේ විසඳුම්' යන තේමාවෙන් යුතුව සුම් තාක්ෂණය ඔස්සේ පැවති එම සංවාදයට චම්පික රණවක, සුනිල් හඳුන්නෙත්ති, ශානක්‍ය රාසමනිකම් එක්ව සිටියේය. වැඩසටහන මෙහෙයවුයේ මහිල් බණ්ඩාර ඇතුළු තරුණ තරුණියන් කිහිප දෙනෙකු විසිනි.
 
 
 
වෘත්තීමය හිඟන්නන් බවට ...
 
1948 දී අප දළ දේශිය නිෂ්පාදනයෙන් දෙවැනි වූයේ ජපානයට පමණක් බවත් නමුත් අද වන විට එදා දුප්පත්ම රට ලෙස සැලකූ බංග්ලාදේශයෙන් මුදල් අතමාරුවක් කර ගන්නා තැනට පත්ව ඇතැයි ද ඔහු එම සංවාදයේදී පැවසිය.
 
අදත් මෙරට දළ දේශීය නිෂ්පාදනය බංග්ලාදේශයට වඩා තුන් ගුණයක් ඇති නමුත් අපි අද බංග්ලාදේශයෙන් මුදල් බල්ලා ගන්න තැනට බංකොලෙතේ වී ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
 
එසේම අද වෘත්තීමය හිඟන්නන් බවට අද මෙරට පත් වෙමින් පවතින බවත් මෙරටදී නැවක් ගිනිගත් විට ඉඳලා හිටලා හරි එහෙම දෙයක් වෙන එක හොඳයි කියන තැනට අද දේශපාලඥයින් පත්ව ඇති බවත් මෙයින් පෙනෙන්නේ රටේ ඇති බංකොලොත්භාවය බවද මංගල සමරවීර පවසයි.
 

 

 

 


 

THE LEADER TV 

 

පොලිස් ඇමති පියුමිට අමතලා!

 

 

සාපය | The Leader TV

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්