රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ උපන්දින සැමරුම පැවැත්වීමට අවසර ලබාදුන් කොළඹ ෂැංග්‍රී ලා හෝටලය
සම්බන්ධ විමර්ශන කොළඹ කොටුව පොලීසියෙන් ඉවත් කර කොළඹ අපරාධ කොට්ඨාසයට (CCD ) බාරදී ඇතැයි පොලිස් මුලස්ථානය සදහන් කරයි.
 
නිරෝධායන නිති උල්ලංඝණය කරමින් සාදයක් පැවැත්වීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් මෙම හෝටලයට එරෙහිව කොළඹ කොටුව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබුණේ ඉකුත් 30 වැනිදාය.
 
ඒ අනුව කොළඹ කොටුව පොලිසිය විසින් අදාළ හෝටලයේ කළමණාකාරීත්වයෙන් ප්‍රකාශ කිහිපයක් ද සටහන් කර ගනු ලැබ තිබූ බව ද පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
 
කෙසේ වෙතත් එම සිද්ධියට අදළ විමර්ශන කොටුව පොලිසියෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත මාරු කිරීමට අද පොලිස් මූලස්ථානය කටයුතු කර තිබිණී.
 
නිරෝධායන නිති උල්ලංඝණය කරමින් මෙම සාදයට සහභාගී වූ 15 දෙනකු මේ වන විට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මතමුදා හැර තිබිණී. එසේම, එම අය මේ වන විට පස්යාල නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට යොමු කර ඇතැයි පොලීසීය පවසයි.
 
 
 
 කලා පවුලක සාමාජිකාව කව්ද ?
 
 
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පංතියේ හෝටලයකදී පැවැති සාදයට සහභාගි වූයේ යැයි කියන ප්‍රසිද්ධ කළා පවුලක සාමාජිකාවක් ඇතුළු පුද්ගලයන් හය දෙනකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ කරමින් සිටින්නේ යැයි කොළඹ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
 
  
එම ප්‍රධාන හෝටලයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂාවෙන් මෙම පුද්ගලයන් හදුනාගත් බවත් කොළඹ මධ්‍යම දූෂණ විමර්ෂණ ඒකකය පරීක්‍ෂණ පවත්වමින් සිටින බවත් එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
 
එම හෝටලයේ කළමනාකරුවකුගෙන් අද පෙරවරුවේ ප්‍රකාශයක් සටහන්කරගත් බවත් සිද්ධිය වාර්තා වූ පසුගිය මැයි 30 වැනිදා රාත්‍රී එම හෝටලයේ කළමනාකරු ලෙස සේවය කළ පුද්ගලයාගෙන් හෙට ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවත් පොලිසිය කියයි.
 
 
(මූලාශ්‍රය - lankadeepa.lk)

 

 


 

THE LEADER TV 

 

පොලිස් ඇමති පියුමිට අමතලා!

 

 

සාපය | The Leader TV

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්