ජනාධිපති කාර්යාලයේ වෙබ් අඩවිය දැවැන්ත සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇතැයි අද (04) උදැසන මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබු තොරතුරු තාක්ෂණ ආයතනයක ප්‍රධානියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID)
කැඳවා ඇතැයි වාර්තාවේ.
 
ජනාධිපති කාර්යාලයෙන් කළ පැමිණිල්ලක් මත මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත කැඳවා ඇත්තේ,  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති  රජිව් මැතිව් ය. 
 
ඔහු අද උදැසන මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ, ජනාධිපති කාර්යාලය, විදේශ අමාත්‍යංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, වයඹ පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය යන වෙබ් අඩවි දැවැන්ත සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇතැයි හදුනා ගැනීමට අද (04) ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට හැකිවූ බවයි.
 
රාජ්‍ය වෙබ් අඩවි ඉලක්ක කරගෙන මෙවැනි සයිබර් ප්‍රහාර එල්ලවිය හැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මිට ඉහතදී ද මාධ්‍ය නිවේදන හරහා දැනුම් දී තිබු අතර ඒ සම්බන්ධයෙන් රජයෙහි අවධානය යොමු නොවීම මත මෙම තත්වය උදාවී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අද දින නිකුත්කර තිබු නිවේදනයේ සඳහන් ව තිබිණ.
 
 
 
Massive cyber attack on several government websites including the Presidential Secretariat 
ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රතිචාරය :
 
 
 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නිළ වෙබ් අඩවිය වන www.mahindarajapaksa.lk යන වෙබ් ලිපිනය හැකරුන් ග්‍රහණයට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ඊයේ (03) මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් දැනුම් දී සිටි අතර අප ඒ සම්බන්ධයෙන් අගමැති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගෙන් කළ විමසීමේදී ඔහු එම පුවත සත්‍යයක් බව තහවුරු කළේය.
 
එලෙසින්ම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අද නිවේදනය සම්බන්ධයෙන් කළ විමසීමේදී ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානියකු පැවසුයේ එම පුවත් මුළුමනින්ම අසත්‍ය බවයි. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇතැයි ද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
 
 
සබැඳි පුවත් :
 

 

############### 


THE LEADER TV 

 


පොලිස් ඇමති පියුමිට අමතලා! 


 

සාපය

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්