නිරෝධනයට ලක්කල නිරුපන ශිල්පිනී පියුමි හංසමාලි ඇතුළු පිරිස තලංගම පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස්
ඔවුන් බස්රථයේම සිටියදී ඔවුන්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ගේ නිවෙස්වලින් අවශ්‍ය ඇඳුම් ඇතුළු සුභසාධක ද්‍රව්‍ය ලබාදුන් බව සරත් වීරසේකර අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා අද (04) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇතත්, පියුමි හංසමාලි පවසන්නේ සිය ඇඳුම් බෑගය පස්සර නිරෝධායන මධ්‍යස්ථානයට ගෙනවිත් දුන්නේ වෛද්‍යවරයකු විසින් බවයි.
 
 පියුමි හංසමාලි සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමින් එබව සඳහන් කර තිබේ. තමන්ගේ ඇඳුම් බෑගය රැගෙන ආ වෛද්‍යවරයකුට හා ඔහුගේ බිරිඳට මෙසේ ස්තුතිය පළ කරමින් එම ෆේස්බුක් සටහන පළකර ඇත. එය අගය කළ යුතු කාරණයකි. එම සටහනේ මෙසේ සඳහන් වේ.
 
'Thanks you so much doctor,
මට මගේ ඇඳුම් බෑග් එක අරන් මම වෙනුවෙන් මෙච්චර දුරක් ගෙවන ආවට ඔබටත් බිරිඳටත් ගොඩක් පින් ''
ffgdfg
 
 
කෙසේවුවද අදාල පිරිස පොලිස් බස් රථයකින් නිරෝධායනයට රැගෙන යන අවස්ථාවේදී සමාජ මාධ්‍යවෙත සජීවීව එක්වෙමින් පියුමි හංසමාලි පවසා සිටියේ, තමා නිරෝධායනයට යාමට සුදානමින් ඇඳුම් ද රැගෙන ආ බවයි. 
 
 
 
මාධ්‍ය වාර්තා බොරු - පොලිස් ඇමතිගේ මාධ්‍ය ලේකම් කියයි 
 
මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර ගේ මාධ්‍ය ලේකම්වරයා පවසන්නේ, පසුගිය 30 දා රාත්‍රී ෂ්‍රැංගීලා හෝටලයේ උපන්දින සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් පොලිසිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මුදාහරිනු ලැබූ පිරිස නිරෝධායනයට රැගෙන ගිය බස් රථය ආපසු හැරවීමට ඇමතිවරයා කිසිඳු අකාරයකින් උපදෙස් දී නැති බවයි.
 
මෙහිදී කිසිදු අවස්ථාවක මෙම බස්රථය ආපහු හරවන ලෙස හෝ නිරෝධායනයට ලක්විය යුතු පිරිස නිරෝධායනයට ලක් නොකරන ලෙස හෝ ඇමතිවරයා විසින් කිසිම උපදෙසක්/නියෝගයක් ලබා දී නොමැති බව පවසා සිටින මාධ්‍ය ලේකම් එම් චින්තක ලසන්ත පෙරේරා, ශ්‍රී ලංකා පොලිසිය භාර ඇමතිවරයා ලෙස මහජනතාව විසින් කරන ලද ඉල්ලීමක් සානුකම්පිතව සළකා බලා ඉහත පරිදි අවශ්‍ය උපදෙස් දීමක් සිදුවූවා මිස වෙනත් උපදෙසක් ලබා දී නොමැති බව අවධාරණය කර සිටියි.
 
ඔහු මේබව සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි.
 
 එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.
 
 
# 2021.06.02 දින සන්ධ්‍යා කාලයේ මහජන ආරක්ෂාව පිළිබඳ ගරු අමාත්‍ය සරත් වීරසේකර මහතා හට මංජු ශ්‍රී නැමැති නීතිඥ මහතා කතා කොට ඔහුගේ සේවාදායකයින් බදුල්ල නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත ගෙන යන බවත් ඔවුන් සතුව මූලික අවශ්‍යතා පවා නොමැති බවත් පවසන ලදී. 
 
 
# ඉන්පසු යම් කාන්තාවක් දුරකථන ඇමතුමක් ලබා දෙමින් තමා පියුමි හංසමාලි නැමැත්තිය බවත් තමා ඇතුළු කණ්ඩායමක් තමන් ඇඳන් සිටින ඇඳුම් පිටින්ම නිරෝධායනය සඳහා බදුල්ලට රැගෙන යන බවත් සඳහන් කරමින් තමන් ඇතුළු පිරිසට අමතර ඇඳුම් ආදිය රැගෙන යාමට අවස්ථාවක් ලබා දෙන ලෙසත්, පොලිසිය භාර ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
 
 
# ඉන් අනතුරුව චන්දිමාල් ජයසිංහ නැමැති අයද දුරකථන ඇමතුමක් ලබාදෙමින් ඉහත ඉල්ලීම සනාථ කරමින් ආයාචනයක් කර ඇත.
 
 
#  ඉන්පසු ගරු ඇමතිතුමා විසින් මේ සම්බන්ධයෙන් පොලිස්පති සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත දැනුම් දීමෙන් අනතුරුව ඔවුන්ව තලංගම පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් ඔවුන් බස්රථයේම සිටියදී අදාල ඉල්ලීම පරිදි ඔවුන්ගේ නිවෙස්වලින් අවශ්‍ය අඳුම් ඇතුළු  සුභසාධක ද්‍රව්‍ය ගෙනත් දීමට අවස්ථාවක් සළසා අදාළ බස් රථය නිරෝධායන නියෝග පරිදි බදුල්ල පස්සර නිරෝධායන මධ්‍යස්ථානය වෙත පිටත්කර යවා ඇත.
 
 
# මෙම සිදුවීමේදී පමණක් නොව මහජනතාව විසින් පොලීසිය සම්බන්ධව ඉදිරිපත් කරන විවිධ ප්‍රශ්ණවලදී ගරු අමාත්‍යවරයා විසින් මහජනතාවට සවන් දෙමින්, මැදිහත් වෙමින් ක්‍රියාකර ඇත. ''
 
 
vbnvbjim 
 
 
අජිත් රෝහණගේ හා දේශබන්දුගේ පිටපතක් 
 
අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් එම් චින්තක ලසන්ත පෙරේරාගේ අත්සනින් යුතුව ඉහත නිවේදනය නිකුත්කර ඇතත්, මෙම නිවේදනය අද පෙරවරුවේ පිටපත් කරනු ලැබුවේ නීතිඥ අජිත් රෝහණ හා දේශබන්දු තෙන්නකෝන් යන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනා විසින් බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් අප වෙත වාර්තාවේ. 
 
එම ආරංචිමාර්ගවලට අනුව ඇමතිවරයාගේ ඉල්ලීම මත අමාත්‍යංශය වෙත ගොස් ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනා මෙම නිවේදනය සැකසිය යුතු ආකාරය පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ.  නීතිඥ අජිත් රෝහණ උපදෙස් මත ලිපිය පිටපත්කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසිනි.
 
 
අගයකළ යුතු කාරණයක් 
 
මහජනතාව විසින් කරන ලද ඉල්ලීමක් සානුකම්පිතව සළකා බලා ඇමතිවරයා කටයුතු කළ යයි ඉහත නිවේදනය මගින් අවධාරණය කර තිබේ. එය පැසසිය යුතු කාරණයකි. 
 
නිරෝධායන ක්‍රියාවලියේදී පොලිසියේ හා හමුදාවේ ඇතැම් නිලධාරීන් කටයුතු කරන ආකාරය අතිශයින්ම කුරිරුබව 'ද ලීඩර්'  මිට ඉහතදී කිහිප වරක්ම වාර්තා කර තිබේ. 
 
විශේෂයෙන් පසුගිය සමයේ වෙළඳ කලාපයේ තරුණියන් නිරෝධායනයට කුදලාගෙන ගියේ භයානක ත්‍රස්තවාදියන්  පිරිසක් අල්ලාගෙන යන අකාරයටය. එහිදී එම අහිංසක තරුණියගේ ඇඳුම් පැළදුම් ගැන මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර විසින් සොයා බලා සානුකම්පිතව වූ බවක් වාර්තා නොවේ.
 
 
බුද්ධි සේවා වාර්තා :
 
කෙසේවුවද අප වෙත වාර්තාවන පරිදි රජයේ බුද්ධි සේවාවන් විසින් මෙම සිද්ධියට අදාල තොරතුරු රාශියක් ජනාධිපතිවරයා වෙත ලබාදී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
 
 
එම, තොරතුරුවලට අනුව,
 
#  පසුගිය 28 දා ෂ්‍රැංගීලා හෝටලයේ 11 වන මහලේ ඇමති පුතකුගේ විවාහ ගිවිස ගැනීමක් සිදුව ඇත. 
 
 
# එම උත්සවය සඳහා නිරෝධායන සිමාවට වැඩි පිරිසක් සහභාගී වී තිබේ.
 
 
# එහිදී මනාලිය හා මනාලයා ඇතුළු පිරිසට අදාල රුපලාවන්‍ය කටයුතු සිදුකර ඇත්තේ පසුගියදා මහත්සේ කතාබහට ලක්වූ රූපලාවන්‍ය ශිල්පියෙකි. මෙවැනි විවාහ ගිවිසගැනිමක රූපලාවන්‍ය කටයුතු වෙනුවෙන් රුපියල් දස ලක්ෂයක් පමණ අයකරගනු ලබන එම රූපලාවන්‍ය ශිල්පියා මෙහෙදී කිසිඳු මුදලක් අයකර ගෙන නොමැත.
 
 
# නිරෝධායනයට යොමුකළ පියුම් හංසමාලි ට ඇයගේ ඇඳුම් බාගය පස්සර නිරෝධායන මධ්‍යස්ථානයට ගෙනගොස් බාරදී ඇත්තේ ඇමැතිවරයකුගේ පුත්‍රයෙකි.
 

 

 

 


 

THE LEADER TV 

 

Gota's war -2 වෙනුවෙන් විවෘත ලිපියක් ...!

 

රාජපක්ෂවරුත් අනතුරේ! 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්