කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් එම්.බී රෝහණ පුෂ්පකුමාර සිය ඉල්ලා අස්වීමේ ලිපිය
ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකර ඇතැයි එම අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තා වේ.
 
ලේකම්වරයා සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ කෘෂි පොහොර සම්බන්ධයෙන් එල්ලවෙමින් තිබෙන බලපෑම් හේතුවෙන් බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
 
පොහොර සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මතුව තිබෙන අර්බුදය මේවනවිට බරපතල ලෙස උග්‍රවෙමින් තිබේ.
 
ගෝඨාභය රාජපක්ෂ රජය බලයට පත්වීමෙන් පසු කෘෂිකර්ම අමාත්‍යංශයට පත්වූ දෙවන ලේකම්වරයා එම්.බී රෝහණ පුෂ්පකුමාර යි. ඔහු ඊට පෙර නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම්වරයා ලෙස කටයුතු කළේය.
 
ඔහුට පෙර එම අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම මිතුරකු වූ විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරාය. 
 
 
 
 
 

THE LEADER TV 

 

Gota's war -2 වෙනුවෙන් විවෘත ලිපියක් ...!

 

රාජපක්ෂවරුත් අනතුරේ! 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්