ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීමට ගෝඨාභය රාජපක්ෂ විසින් කළ ඉල්ලීම

එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පිළිගෙන ඇති බව සඳහන් ලියවිල්ලක් අද (30) උදැසන සිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින අතර එම ලිපිය සත්‍යය එකක් ද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනයක් මතුව තිබේ.

ඒ සම්බන්ධයෙන් 'ද ලීඩර්' ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම නිලධාරියකු ගෙන් කළ විමසීමේදී ඔහු පැවසුයේ, ඒගැන කිසිවක් මේ මොහොතේ ප්‍රකාශ කළ නොහැකිවයි. මෙය බොරු ලියවිලක් දැයි විමසීමේදී පවා ඔහු ඒගැන නිසි ප්‍රතිචාරයක් නොදැක්විය.

එහෙත් දේශපාලනික වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර ඇත්තේ මෙම ලියවිල්ල ව්‍යාජ එකක් බවයි.

 


Gota latter
ඒ අතර ඇතැම් සමාජ මාධ්‍යවල වාර්තා වන්නේ එය එවැනි වෙනත් ලියවිල්ලක් විකෘතිකර නිර්මාණය කරනු ලැබුවක් බවයි.

gota

අගෝස්තු 11 දින පැවැත්වීමට නියමිත 'පොහොට්ටු' පක්ෂ සමුළුවේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීම සඳහා අගෝස්තු 10 දිනට පෙර ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමේ සාක්ෂි තමා වෙත ඉදිරිපත් කරන්නැයි මහින්ද රාජපක්ෂ විසින් ගෝඨාභය රාජපක්ෂට දැනුම් දී තිබිණ.


සබැඳි පුවත් :

අපේක්ෂකත්වය ගන්න ගෝඨා ගහන 'ගේම' මෙන්න !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්