කාබනික පොහොර ආනයනය කිරීම ප්‍රයෝගික නොවන බව සහ කළ නොහැකි බව
ආණ්ඩුවේ බහුතරයකගේ නිගමනය වී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. 
 
එයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ රටේ දැනට ක්‍රියාත්මක නීති අනුව එය නීති විරෝධී බව තේරුම් යාම සහ එය ප්‍රයෝගික නොවන බව තේරුම් යාමයි. 
 
කෘෂිකර්මයේ ආරක්ෂාවට ඇති එම නීති එකවර වෙනස් කිරීම ද කළ නොහැකි බව මේවනවිට ජනාධිපතිවරයාට පැහැදිලි කර දී ඇතැයි ද පැවසේ.
 
මේ අනුව ආණ්ඩුව පොහොර ගෙන්වීමේ තීරණය ගැන වැඩිදුර පියවර නොගැනීමට තීරණය කොට ඇති බව පෙනෙන්නට තිබේ. 
 
මෙම තත්ත්වය සනාථ කරමින් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (04) මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුණේ රටේ නිෂ්පාදනය සළකා බැලීමේදී කාබනික පොහොර පිටරටින් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැති බව යි. මෙය කාබනික පොහොර ගෙන්වීමේ තීරණය ඉවත්කර ගැනීම වක්‍ර ලෙස ප්‍රකාශ කිරීමක් බව දේශපාලන විචාරකයන් සඳහන් කරයි.
  
කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මීට පෙර කාබනික පොහොර ගෙන්වීමේදී විෂබීජහරණයට ලක් කර ගෙනෙන බව පැවසීම සම්බන්ධයෙන්ද සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ආන්දෝලනයක් හටගෙන තිබේ. 
 
 xfgdfgb vbn
 
කාබනික පොහොර රටින් ගෙන්වන ලෙස පසුගියදා නියෝග කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයි. ඒ අනුව පසුව කැබිනට් මණ්ඩලය ද එම තීරණය අනුමත කර තිබුණි.
 
කෙසේවුවද, පිටරටින් කාබනික පොහොර ආනයනය කොට ගොවිතනට යෙදීම රසායනික පොහොර යෙදීමට වඩා භයානක ප්‍රතිවිපාක ඇතිකරන බව පරිසරවේදීන් සහ කෘෂි විශේෂඥයන් පෙන්වා දෙමින් සිටිති.
 
මේ පිළිබඳ 'අනිද්දා' පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමින් පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පවසා තිබුණේ, විෂබීජහරණය කොට ශ්‍රී ලංකාවට කාබනික පොහොර ගෙන්වීම නීති විරෝධී මෙන්ම භයානක තීන්දුවක් බවයි.
 
‘ශාක ආරක්ෂක පනත යටතේ 1981 පනවපු නියෝග අනුව කිසිම කාබනික පොහොරක් ලංකාවට ගේන්න බෑ. මොකද කාබනික පොහොර කියන්නේ දිරා යන සත්ව හා ශාක කොටස්. ඒවා එක්ක ව්‍යාධිකාරක, රෝග කාරක එන්න පුළුවන්. ඒ ගැන හිතලා තමයි නියෝගය නිකුත් කරලා තියෙන්නේ.' ඔහු වැඩිදුරටත් පවසා තිබිණ.
 
 
 
 
සබැඳි පුවත් :
 

 

 

 


 

THE LEADER TV 

 

තහනම බොරුවක්! මන්ත්‍රී වාහන ලංකාවට!

 

එක්ස්ප්‍රස් පර්ල් ගිල්වලා වන්දිය ගිලින්නෙ කවුද?

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්