දිවයින පුරා සිටින අවදානම් සහිත ගර්භණි මවූවරුන් සදහා කොවිඩ් එන්තත ලබා දීම ලබන බදාදා (09) ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
 
ශ්‍රී ලංකාවේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ඉල්ලීම මත, මෙම එන්නත්කරණ වැඩසටහනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී තිබේ.
 
ඒ අනුව මෙම එන්නත්කරණ වැඩසටහන ලබන බදාදා (09 ) පෙ .ව .11.00  ට  පිළියන්දල සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
 
එහි සමාරම්භක වැඩසටහන එදින පෙරවරු 11.00 ට බොරැල්ල කාසල් විදියේ කාන්තා රෝහලේ දී සිදු කිරීමට නියමිතය. ඒ අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙනි.
 
  
දිවයින පුරා රෝහල්වල ගැබිනි මවුවරුන් දෙලක්ෂ හැත්තෑපන්දහසක් පමණ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවල සඳහන් වෙයි.
 
 
 
ගැබිනි මවුවරුන්ට එන්නත් ලබා දීමෙන් කොවිඩ්වලින් මවුවරුන් ආරක්ෂා වීම සහ නව ජන්ම දරුවන්ටද එමගින් ආරක්ෂාවක් ලැබෙන බවට තම සංගමයේ විශේෂඥ වෛද්‍යවරුන් බලධාරීන් දැනුවත් කළ බවත්, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ද ඊට තහවුරුවක් ලබා දුන් බවත් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා පවසයි.
 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යෂක විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා, මහජන සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය අධ්‍යකෂ ජනරාල් සුසී පෙරේරා යන මහත්මීන්ගේ මගපෙන්වීම මත බෝවන රෝග පිළිබද උපදේශක කමිටුව විසින් ගැබිනි මවූවරුන්ට එන්නත්කරණය කිරීමේ කටයුත්ත ප්‍රමුබ කාර්යක් ලෙස හඳුන්වා දී තිබිණ.
 
ගැබිනි මවුවරුන්ට එන්නත්කරණය මාසයක් ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර ඇත. මෙමගින් මරණ හා ආබාධ වළක්වා ගත හැකි බවත්, එමගින් සෞඛ්‍ය දර්ශක  අතර ඉහළට ගමන් කිරීමට හැකියාව ඇති බවත් විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා පවසයි.
 
එන්නත්කරණය නිසි පරිදි සිදු කිරීමෙන් ගැබිනි මවූවරුන්ට කොවිඩ් වැළදීම වැලැක්වීම සඳහා එන්නත්කරණය කළ ලොව ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත්වන බව ඔහු පවසයි. 
 
 
 
  
මේවනවිට දිවයින පුරා රෝහල්වල ගැබිනි මවූවරු හා කොවිඩ් වැළදුණු ගැබිනි මවූවරු ප්‍රතිකාර ලබති. කොවිඩ් වැළදීම හේතුවෙන් ගැබිනි මවූවරුන් අට දෙනකු මේ වන විට ජිවිතක්ෂයට පත්ව තිබේ.
 
ශ්‍රී ලංකාවේ ගර්භනී මවුවරුන් 480ට වැඩි සංඛ්‍යාවකට කොවිඩ්-19 අසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා BBC සිංහල සේවය වෙත මැයි මස 13දා ප්‍රකාශ කළේය. 
 
කොවිඩ් පළමු සහ දෙවෙනි රැල්ලේදී අසාදිත මවුවරුන් වාර්තා වුයේ 200ට අඩුවෙනි. එහෙත් ගතවූ සති දෙක තුළ රෝගීන් වාර්තා වීමේ කැපීපෙනෙන වැඩිවීමක් පෙන්වයි.
 
ගර්භනී මවුවරු, කිරි දෙන මවුවරු සහ දරුවන් අපේක්ෂාවෙන් සිටින කාන්තාවන්ට කොවිඩ් 19 සඳහා දෙන එන්නත් ලබා ගැනීම ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය නිර්දේශ කරන බව බීබීසී සිංහල සේවය සමග කළ සංවාදයකදී එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා කියා සිටියේය.
 
 
 

THE LEADER TV 

 

ස' ෆේල් සීසන් - 2 : 'ශ' ෆේල් ඇතුලේ ගේමක් ද?

 

 

තහනම බොරුවක්! මන්ත්‍රී වාහන ලංකාවට!

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්