ලාෆ්ස් ගෑස් ටර්මිනල් සමාගමේ කොටස් හිමිකමෙන් 40% ක් ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට සහ සීමාසහිත ලිට්රෝ ගෑස් සමාගමට මිලදී ගැනීම සඳහා
මුදල් අමාත්‍යවරයා සහ වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාව ඉවත්කරගන්නා බව එම අමාත්‍යවරුන් විසින් ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සටහනක් මගින් දැනුම්දීමට නියමිත බව 'අද' පුවත්පත වාර්තා කර තිබේ.
 
 
කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1493 ලෙස තවදුරටත් පවත්වාගෙන යාම සඳහා සහයෝගයක් ලෙස එල්පී ගෑස් ආනයනය මත පනවා ඇති වරාය සහ ගුවන්තොටුපළ බද්ද ඉවත් කිරීමටද අදාළ කැබිනට් පත්‍රය මගින් නිර්දේශ කර තිබිණි.
 
 
ඒ අනුව උක්ත යෝජනාවද සමග ශ්‍රී ලංකාවේ ද්‍රවිකෘත පෙට්‍රෝලියම් ගෑස් කර්මාන්තය ප්‍රතිව්‍යුහගතකිරීම සඳහා වන යෝජනා 07ක් සහිතව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ඉවත් කරගන්නා බව අමාත්‍ය මණ්ඩලයට දැනුම්දීමට නියමිතය.
 
 
ලෝක වෙළෙඳ පොළ තුළ දිනෙන් දින ඉහළ යන ගෑස් මිල හේතුවෙන් හා පසුගිය මැයි 17 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අමාත්‍යවරුවන් දැක්වූ අදහස්ද සලකා බලා ගෑස් මිල අඩු කර ජනතාවට සහනයක් ලබාදීම මේ අවස්ථාවේ පවතින තත්ත්වය මත ඉටු කරගැනීමට නොහැකි බව පෙනීයන බැවින් මිට අදාලව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු නොවන බවට එම අමාත්‍යවරුන් විසින් අමාත්‍ය මණ්ඩලයට දැනුම්දීමට නියමිත බවද 'අද' පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.
 
 
 
ලිට්රෝ මිලියන 1436 ක් උපයාගෙන :
 
මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගම  මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ 2020 වර්සයේදී තම සමාගම බදුගෙවීමට පෙර ලාබය වශයෙන් රුපියල් මිලියන 1436 ක් උපයාගත් බවත් සමාගමේ විකුනුම් මෙම කාලසීමාව තුල 3% කින් ඉහල ගොස් ඇති බවත්ය. 
 
 
කොවිඩ් මර්දන කමිටුවේ ඉල්ලීම පරිදි ලිට්‍රෝ ගෑස් සමාගම දේශීය වශයෙන් ඔක්සිජන් නිපදවීම සදහා කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට මුතුරාජවෙල කර්මාන්ත පුරයෙන් අක්කර 25 ක ප්‍රමාණයක් මිල දී ගැනීමට පහත්බිම් සංවර්ධන මන්ඩලයට අත්තිකාරම් ගෙවා ඇත.
 
 
ෂෙල් ගෑස් සමාගම සතුව පැවති ගෑස් ව්‍යාපාරය රජයට පවරා ගැනීමේදී ඒ සදහා මුදල් ආයෝජන කර ඇත්තේ ශ්‍රී ලංකා රක්ෂණ  සංස්ථාව සතු රක්ෂණ බාරකාර අරමුදලෙනි.
 
 
 
සබැඳි පුවත් :
 
 
 
 
 
 
 
 

THE LEADER TV 

 

හිරු සලකුණට ගිය අජිත් රෝහණට 'ස' ගෙන් කුණු බැනුම්!

 

ස' ෆේල් සීසන් - 2 : 'ශ' ෆේල් ඇතුලේ ගේමක් ද?

 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්