කාබනික පොහොර වගාව පිළිබඳ ජනමතයක් ඇතිකරලීමට රුපියල් කෝටි 8 ක ප්‍රචාරක ව්‍යාපෘතියක්

සඳහා වන කැබිනට් පත්‍රිකාවක් මේ වන විට සකස් කරමින් තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසයි.

 
අදාල කැබිනට් පත්‍රිකාව අනුමත කරන තෙක් අදාල වැඩසටහන් සකස් කර ප්‍රචාරය කිරීම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ විසින් 2021.06.05 දිනැති ලිපියක් මගින් ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ට දැනුම් දී ඇත.
 
 
මෙම ප්‍රචාරක කොන්ත්‍රාත්තුව දියයුත්තේ කාටදැයි කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් නොනිල දැනුම්දීමක් කර ඇතැයි ද ජනමාධ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
 
 
ඒ අනුව මෙම ප්‍රචාරක කොන්ත්‍රාත්තුව හිමිවීමට නියමිතව ඇත්තේ, ජනප්‍රිය ගායන ශිල්පින් දෙදෙනෙකුගේ ප්‍රචාරක ආයතනයටය.
 
 
වෙනත් කිසිදු ආයතනයකට මෙම ප්‍රචාරක වැඩසටහන ලබා නොදිය යුතු යැයි අමාත්‍යවරයා විසින් උපදෙස් දී ඇතැයි ද පැවසේ. 
 
 
කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය විශේෂඥයින්/ පරිපාලන සේවා නිලධාරීන් 16 දෙනෙකු සිටිය දී, මෙම ප්‍රචාරක ව්‍යාපෘතියේ සම්බන්ධිකරණ කටයුතු පවරා ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ලෙස තාවකාලික පත්වීමක් ලබා ඇති හරීන් සපරමාදු වෙත ය. 
 
 
 
දැවැන්ත අර්බුදයක් අභියස ...
 
මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සමඟ ඇතිකර ගත් ගැටුමක් හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ  ලේකම් රෝහණ පුෂ්පකුමාර පසුගියදා ඉල්ලා අස්විය.
 
රටේ වාර්ෂික රසායන පොහොර අවශ්‍යතාව වන මෙට්‍රික් ටොන් ලක්ෂ 12 ක් ගෙන්වීම රජය විසින් තහනම් කර තිබේ.
 
මේ වන විට රට පුරා බරපතල පොහොර හිඟයක් මතුව ඇති අතර රජය සීමිත පොහොර බෙදා හැරීමක් සිදු කර ඇත.  
 
ලංකාවේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම කාබනික පොහොර මත පමණක් ගොඩනැගීමට නම් පෙහොර ටොන් ලක්ෂ එක්දහස් දෙසීයක් (123,003,100) අවශ්‍ය වේ. එබැවින් පොහොර තහනම වගා ක්‍රියාත්මක කිරීමෙන් දැවැන්ත ආහාර හිඟයක් රටේ ඇතිවිය හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවති.
 
 
ඇමතිතුමාගේ ප්‍රකාශය
 

මෙවැනි ප්‍රචාරක මෙහෙයුමක් සිදුකිරීමට කටයුතු කර ඇද්දැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් අප කළ විමසීමේ දී ඔහු ප්‍රකාශ කර සිටියේ, කාබනික පොහොර බෙදාහැරීමේ කටයුතු සඳහා ලියාපදිංචිය පිළිබඳ ප්‍රචාරක වැඩපිළිවෙළක් ඇති නමුත් මෙවැනි ප්‍රචාරක මෙහෙයුමක් සිදු නොවන බවයි. 

 


THE LEADER TV 

 

හිරු සලකුණට ගිය අජිත් රෝහණට 'ස' ගෙන් කුණු බැනුම්!

 

ස' ෆේල් සීසන් - 2 : 'ශ' ෆේල් ඇතුලේ ගේමක් ද?

 

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්