කාබනික පොහොර භාවිතයට එළඹීමේ දී පැමිණෙන අභියෝග නොතකා ජනතා සුභසිද්ධිය පිණිස මහජන නියෝජිතයන් ඉදිරියට ම යායුතු
බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කර සිටියි.
 
 
නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහිකිරීමට වස විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් තහවුරු කර තිබෙන බවත්, ඒ වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට කෘෂිකර්මාන්තය රැගෙන යාම රජයේ දැඩි ස්ථාවර වී තිබෙන බවත් ජනාධිපතිවරයා පවසයි.
 
 
එම වැඩපිළිවෙළ ඇතැම් පාර්ශ්වයන්ගේ විවේචනවලට ලක් වුවද අනාගත දරු පරපුරේ යහපත උදෙසා ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර සිටියි.
 
 
ජනාධිපතිවරයා එබව සඳහන් කර ඇත්තේ, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් සමග ඊයේ (07) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
 
 
ඇතැමුන් පොහොර හිඟයක් ඇති කිරීමට උත්සාහ ගත්ත ද ඉදිරි කන්නය දක්වා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් තරම් ගෙන්වා තිබෙන බව පවසා ඇති ජනාධිපතිවරයා, එම නිසා සියලු වගා කටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැකි බව අවධාරණය කර සිටියි.
 
 
 
කාබනික කෘෂිකර්මාන්තයට යොමුවීම රජය හදිසියේ ගත්  තීරණයක් නොවන බවත්, “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙන්ම පසුගිය අය වැයේදී මේ පිළිබඳ රජයේ ස්ථාවරය ඉදිරිපත් කර ඇති බවත් සඳහන් කර ඇති ජනාධිපතිවරයා, එහෙත් කාබනික පොහොර සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් නොකිරීම අනිසි බියට හේතු වී තිබෙන බව පෙන්වාදී තිබේ.
 
 
කාබනික පොහොර කෘෂිකර්මාන්තය සඳහා ලංකාවේ විශාල විභවයක් පවතින බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
 
 
සංක්‍රාන්ති කාලය තුළ ගොවියාට මුහුණ පෑමට සිදුවන අසීරු අවස්ථා කළමනාකරණය කිරීමට උපරිම සහන සලසා දීම රජයේ ප්‍රතිපත්තිය බව ද ජනාධිපතිවරයා පවසා ඇත.
 
 
දශක කිහිපයක සිට රසායනික පොහොර භාවිතයට ගොවියා පෙළඹීම හේතුවෙන් විශාල පිරිසක් විවිධ බෝ නොවන රෝගවලට මුහුණ පෑ බව පෙන්වාදී ඇති ජනාධිපතිවරයා, එම තත්ත්වයෙන් අනාගත පරපුර ගලවා ගැනීම රටවැසි සියලු දෙනාගේ  වගකීම විය යුතු බව සඳහන් කර තිබේ.
 
 
අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය. 
 
 
 
THE LEADER TV 
ලයිසියම් ජාත්‍යන්තර පාසලේ විභාග මාෆියාව
 
.
 
 
ITN සභාපති : ජනපතිට හා අගමැතිට හයිය පෙන්නයි!
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්