වික්ටෝරියා ප්‍රාන්තයට ශ්‍රී ලංකාවෙන් පැමිණි අයකුගෙන් නව කොරෝනා ප්‍රබේදය වැළඳී
ඇති බවට වන සැකයක් මතුව ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.
එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ, වික්ටෝරියා ප්‍රාන්තය තුල සීග්‍ර ලෙස පැතිර ගිය Delta නමින් හඳුන්වන නව කොරෝනා ප්‍රබේදය පසුගිය මස මුලදී ඔස්ට්‍රේලියාවට නැවත පැමිණි සංචාරක පුද්ගලයකු හරහා සිදුව ඇති බවයි.
මෙල්බර්න් හි Glen Eira ප්‍රදේශ වැසියෙකු වන මෙම පුද්ගලයා පසුගිය මැයි මස 8 වැනිදා ශ්‍රී ලංකාවේ සිට පැමිණ ඇති අතර මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ පවතින කොරෝනා ප්‍රබේදයේ ජානමය අනුක්‍රමය එම පුද්ගලයාගෙන් ලබාගත් සාම්පල සමග සැසඳෙන බව වික්ටෝරියානු වැඩබලන අග්‍රාමාත්‍ය James Merlino පවසයි.
Acting Victorian Premier James Merlino speaks to the media. (AAP)
මෙම පුද්ගලයා නිරෝධායනය වීම සඳහා Ibis හෝටලයේ මැයි 8 වැනිදා මුලින්ම සිට ඇති අතර පසුව මැයි මස 9 වැනිදා Holiday Inn හෝටලය වෙත මාරු කොට තිබේ.
නිරෝධායන කාලසීමාව අවසන් කිරීමෙන් අනතුරුව මැයි මස 23 වැනිදා ඔහු Holiday Inn හෝටලයෙන් පිටත්ව ගොස් ඇති අතර මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයෙන් හඳුනාගත් ආසාදිතයින් හට වෛරසය අසාදනය වී ඇත්තේ මෙම පුද්ගලයා හරහාද යන්න පිළිබඳව බලධාරීන් පරීක්ෂණ අරඹා තිබේ.
ප්‍රාන්ත වැඩබලන පොලිස් හා හදිසි සේවා අමාත්‍ය Danny Pearson සඳහන් කොට සිටියේ මෙම පුද්ගලයා සමග ඔස්ට්‍රේලියාවට පැමිණි සෙසු පිරිසට සිදු කල පරීක්ෂණ වලදී ඔවුන් වෛරසයට සෘණාත්මක ප්‍රතිපල පෙන්වූ බවයි.
එමන්ම සිදු කල පරීක්ෂණ වලට අනුව, මෙම පුද්ගලයා මැයි මස 8 වැනිදා Ibis හෝටලයේ සිටින විට එදින නිරෝධායන කාර්යමණ්ඩල සාමාජිකයින් 268 දෙනෙකු එම හෝටලයේ සිට ඇති අතර මැයි මස 9 වැනිදා Holiday Inn හෝටලයේ නිරෝධායන කාර්යමණ්ඩල සාමාජිකයින් 360 දෙනෙකු සේවයේ නිරතව සිට ඇති හෙළිව තිබේ.
කෙසේ නමුත් මේ වනතෙක් එම කාලය ඇතුලත මෙම හෝටල් තුල නිරෝධායන නීති උල්ලංඝනය වීමක් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් නොපවතින බව අමාත්‍ය Danny Pearson පවසයි.
මේ වනවිට ප්‍රාන්ත Contact tracing කණ්ඩායම් සිය වගකීම සාර්ථක ලෙස සිදු කරන අතර මෙල්බර්න් කොරෝනා පොකුර හා සම්බන්ධ විය හැකි බවට සැක පවතින සියලු දෙනා සම්බන්ධ කරගැනීමට ඔවුන් සමත්ව ඇති බවද වැඩබලන අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.
හෙට (10/06) රාත්‍රියේ සිට මෙල්බර්න් හි පවතින lockdown තත්වය ඉවත් කිරීම සිදු වන අතර මෙල්බර්න් වැසියන් හට කිලෝ මීටර 25 ක නව travel bubble එකක් හඳුන්වා දෙන බව වාර්තා වේ.
(උපුටා ගැනීම - sbs.com.au)
THE LEADER TV
සාපය පලදේ: අලුත් පක්ෂයකට රහස් කතා!
ලයිසියම් ජාත්‍යන්තර පාසලේ විභාග මාෆියාව