පවතින දත්ත විශ්ලේෂණය කර විශේෂඥයන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයක් ඇති නොවන බවට තහවුරු වුවහොත් පමණක් දැනට පනවා තිබෙන සංචරණ සීමා ලබන 14 වැනිදා ඉවත් කරන බව
ජාතික කොරෝනා මර්දන ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ (08) පැවසිය.
 
 
දැනට රට තුළ පවතින තත්ත්වය අනුව නම් අනිවාර්යයෙන්ම ලබන 14 වැනිදා අලූයම 4.00 ට සංචරණ සීමා ඉවත් කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව කී යුද හමුදාපතිවරයා, කිසියම් බරපතළ තත්ත්වයක් ඇති වුවහොත් එය වෙනස්වන බව ද කියා සිටියේය.
 
 
ලබන 14 වැනිදා වන විට සංචරණ සීමා පනවා දින 23ක් ගතවන බව පෙන්වා දුන් යුද හමුදාපතිවරයා, මුලදී ජනතාව අපහසුතාවට පත් නොවන ලෙස රජය ක්‍රියාමාර්ග ගනු ලැබුවද විශේෂඥවරුන් පෙන්වා දුන් කරුණු අනුව වඩාත් සුදුසු වන්නේ සංචරණ සීමා පැනවීම බවට පෙනී ගිය නිසා මෙම තීරණය ගත් බව ද පැවසීය.
 
මේ වන විට රටේ ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා ඇතුළු රජය තීන්දු තීරණ ගනු ලබන්නේ විශේෂඥ දැනුම්දීම් සහ පවතින දත්ත හොඳින් විශ්ලේෂණය කිරීමෙන් පසුව ඉතාම සැලසුම් සහගතව බවද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය.
 
 
සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කළ යුතුද, නැත්ද යන්න සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී සංවාදයට ලක් වූ අතර මෙම එම වැඩසටහනට එක් වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති මහචාර්ය ඉන්දික කරුණාතිලක මෙසේ පැවසිය.
 
 
 
 
විශේෂඥ මනෝ වෛද්‍ය වෛද්‍ය දියනාත් සමරසිංහ ද මෙම වැඩසටහනට එක්ව සිටි අතර ඔහු මෙසේ සඳහන් කළේය.
 
 
 

 

THE LEADER TV 
 
 
 
සාපය පලදේ: අලුත් පක්ෂයකට රහස් කතා! 
 

 
 
ලයිසියම් ජාත්‍යන්තර පාසලේ විභාග මාෆියාව
 

 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්